ඔබ නීරෝගීව සිටීම සඳහා පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. එවිට ඔබේ බබා හොඳින් වැඩේ. ඔබ ගර්භණී අවස්ථාවේ සිටින විට, සාමාන්‍ය අවස්ථාවට වඩා බඩගින්න දැනීම සාමාන්‍යය සිද්ධියකි. කෙසේ හෝ, ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් ප්‍රචලිත ව්‍යවහාරයට අනුව, ඔබ ගර්භණී අවස්ථාවේ සිටින විට, සෑමවිටම දෙදෙනෙක් වෙනුවෙන් ආහාර ගත යුතුයි යන්න අසත්‍ය මතයකි. ඔබ නිවුන් දරු උපතක් බලාපොරොත්තු වන මවක් වුවත්, ඒ මතය වැරදි මතයකි. ඔබ පෝෂ්‍යදායක ආහාරයක් පරිභෝජනය කළ යුතු අතර, ඔබට ප්‍රධාන ආහාර වේල් අතරට, කෙටි ආහාරයක් ගැනීමට අවශ්‍ය වුවහොත්, බොහෝ සෙයින් මේදය සහ සීනි අඩංගු ආහාරයක් ගැනීම සුදුසු නොවේ. හැකි තරම් මේදය සහ සීනි අඩු ආහාර පරිභෝජය කරන්න.
බබාගේ දිගුකාලීන නීරෝගී භාවය වෙනුවෙන්, ඔබ ගර්භණී අවස්ථාවේ සිටින විට, පෝෂ්‍යදායක ආහාර පරිභෝජනය කිරීම ඉතා වැදගත් වේ. ඔබට ගර්භණී අවස්ථාව පුරා දියවැඩියාව දිගටම පවතී නම්, දිගු කාලීනව පවතින මන්දපෝෂණය හෝ යම් අංශුමාත්‍ර ඌනතාවයකින් පෙළෙයි නම්, මෙය “අන්තර් ගර්භාශ ක්‍රම ලේඛනය” නමැති ක්‍රියාවලියක් හරහා ඔබේ බබාට බෙහෙවින් බලපානු ලැබේ.
වැඩිහිටියන්ට සීඝ්‍රයෙන් ඇතිවන නොයෙකුත් ආසාදන වන දියවැඩියාව, කිරීට හදවත් රෝග (හෘද ආබාධ), හදිසියෙන් ඇතිවන ආඝාත රෝග, අධික රුධිර පීඩනය, අස්ථීන් කැඩී බිඳී යාමේ ප්‍රවණතාවය හෝ වෙනත් නොයෙකුත් අසනීප ආබාධ ආදිය ඔබේ ගර්භයේ සිටින බබාට බලපායි. ඔබ ගර්භණී අවස්ථාවේ ලබා ගන්නා ආහාර, ඔබේ බබා වැඩිහිටියෙක් වූ පසුවත් බලපානු ලැබේ.
කෙසේ හෝ, මේ දේවල් පිලිබඳ වැඩිපුර කරදර විය යුතු නොවේ. ඔබ සිතනවාට වඩා අඩු මුදලක් වැය කොට, ඔබට අවශ්‍ය පෝෂ්‍යදායක ආහාර ලබා ගත හැකිය.
ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් ගත හැකි ඉතා විශිෂ්ඨ ආහාරයක් වන රතු/දුඹුරු බත් සමඟ ව්‍යංජනවල පෝෂ්‍යදායක ද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයක් අඩංගු වේ. රතු/දුඹුරු බත් ආහාරයට ගැනීමෙන් ශරීරයේ ඇති රුධිරයට ග්ලූකෝස් එකතු කිරීමේ ප්‍රමාණය, පිෂ්ඨය සහිත ආහාර (උදා: පාන්, ඉඳිආප්ප, ආප්ප ආදී ආහාර) ගැනීමෙන් නිපදවන ග්ලූකෝස් ප්‍රමාණයට වඩා අඩු වේ. හැකි පමණ, නැවුම් එළවළු, සලාද වර්ග සහ පලතුරු ආහාරයට එකතු කරගැනීමට උත්සහ කරන්න.
ඔබේ වෛද්‍යවරයා අනුමත නොකළහොත්, විශේෂ ආහාර වර්ග ගර්භණී අවස්ථාවේ පරිභෝජනය කළ යුතු නොවේ. සෑමදාම පෝෂ්‍යත්වයෙන් සපිරුණු සමතුලිත ආහාරයක් ගැනීමට වග බලා ගන්න.
සමතුලිත ආහාරයකට පහත සඳහන් දේ අඩංගු විය යුතුය.
- පලතුරු සහ එළවළු
දිනකට නැවුම් පලතුරු සහ එළවළු කොටස් පහක් අනුභව කරන්න. ගොටුකොළ, නිවිති වැනි පලා වර්ග අනිවාර්යය වේ. මේවා මඟින් ඔබට සහ බබාට අත්‍යවශ්‍ය විටමින් වර්ග, ඛනිජ සහ තන්තු ආදිය ලැබෙන අතර මළබද්ධය නැති වේ. පලතුරු සහ එළවළු හොඳින් සෝදා පිරිසිදු කරගන්න. විශේෂයෙන් සලාද සහ සම්බෝල වැනි නොපිසන ආහාර අනුභව කිරීමේදී වඩාත් පරෙස්සම් වන්න.
- පිෂ්ඨ සහිත ආහාර
බත්, බතල, අල සහ පාන් ආදියේ ශක්තිසම්පන්න ද්‍රව්‍ය, විටමින් සහ තන්තු ආදිය අඩංගු වේ. උදාහරණයක් වශයෙන් රතු/දුඹුරු හාලෙන් පිසූ බත්, දුඹුරු පාන් ආදිය ආහාරයට ගන්න. හැකි සෑමවිටම, තිරිඟු පිටිවලින් නිෂ්පාදනය කළ පාන්, කෙටි ආහාර වර්ග, කේක් වැනි දෑ ආහාරයට ගැනීමෙන් වළකින්න.
- ප්‍රෝටින්
සැමදාම ප්‍රෝටීන් සහිත ආහාර වන රතු/සුදු මාංශ වර්ග, මාළු, බිත්තර සහ විශේෂිත බෝංචි වර්ග සහ පරිප්පු, මුං ඇට, කව්පි සහ සෝයා වැනි දෑ අනුභව කරන්න. ඔබ මස්, මාළු සහ බිත්තර ගර්භණි අවස්ථාවේ පරිභෝජනයට ගැනීමේදී, පරෙස්සම් විය යුතු කරුණු කීපයක් ඇත
- කිරි වර්ග
කිරි, යෝගට් සහ මුදවාපු කිරි ආදියෙහි කැල්සියම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂණ ගුණ අඩංගු වේ. එමඟින් බබාගේ වැඩීම හොඳින් සිදුවේ.
ඔබ ගර්භනී අවස්ථාවේ දී සමතුලිත ආහාරයක් ලබා ගත්තත්, ඔබත්, ඔබේ බබාත් නීරෝගීව සිටීම සඳහා ඊට අමතර දේවල් ද පරිභෝජනය කළ යුතු වේ. .
ඔබ විජලනය වීම සඳහා හැකි පමණ ජලය බීමට අමතක නොකරන්න. දිනපතා, අඩු තරමේ නටවා නිවා ගත් ජලය වීදුරු අටක් පමණ දිනකට බොන්න. ඊට අමතරව නැවුම් පලතුරු යුෂ, සැහැල්ලු සුප් හෝ නිවසේ සෑදු කැඳ (ගොටුකොළ, බත් කැඳ) ආදිය පරිභෝජනයට සුදුසුය.
#during pregnancy #pregnancyhealthcare #pregnancyfood
The post ගර්භණී අවධියේ පෝෂ්ය ආහාර ලබා ගැනීම appeared first on mummypages.lk-Pregnancy and Parenting.