Quantcast
Channel: ගර්භනී – mummypages.lk-Pregnancy and Parenting
Viewing all articles
Browse latest Browse all 28

ගර්භය තුල ඇතිවන ජීව ක්‍රියාවලිය

$
0
0

අශාලි මගේ උකුලට තෙරපෙන විට, ඇගේ උදර නාභියේ අමුණා ඇති කටුව දැක්කා.  එය ඇල්ලීමට මම බිය උනා.  මට දොස්තර මහතා කිවුවේ, එය පිරිසිදුව සහ තෙතමණය නැතිව තබා ගන්නා ලෙසයි.  එලෙස කිරීම මට ඉතා අමාරු කාර්යයක් උනා.  මම අශාලි වඩා ගැනීමට බිය උනේ, එම කටුව නිසා එයාට රිදෙයි කියලයි.  සතියකින් පමණ එම කටුව ගැලවී වැටුන විට තමයි, මට හුස්ම ගැනීමට පවා පහසුවක් ඇති වුනේ.

අලුතෙන්  මව්වරුන් බවට පත්වූ කාන්තාවන්, තම බිලිඳාගේ නාභියේ පැළඳ වූ  මෙම උපකරණය ගැන පුදුමයට පත් වෙයි.  එයට හේතුව ඔවුන් දරුවාගේ පෙකණිවැල කරුණු නොදන්නා නිසයි. මවක් වශයෙන් මටත් එය අද්භූත දෙයක් උනා.  මම ඒ ගැන දැනගත්දේ මෙයයි.

බිලිඳාට අවශ්‍ය ආහාර සහ ඔක්සිජන් ලබා ගනුයේ මවගේ වැදෑමහ සමඟ සම්බන්ධ වූ බිලිඳාගේ උදරයේ ඇති පෙකණි වැල මාර්ගයෙනි.

බබා ඉපදෙන විට මෙය ජොල් වූ මස් වැදැල්ලකි.  එය  බිලිඳාගේ ශරීරයට අසලින් කපා ඉවත් කරයි.  ඉතිරිකොටස බබාට නොරිදෙන  ක්‍රියාවලියක් මගින්  මෙසේ කටුවක් ගසා හිර කර තබයි.  එය ක්‍රමයෙන් වේලී ගොස් සති 2 – 3ක් අතර ගැලවී යයි.  බබාගේ නාභිය පමණක් ඉතිරි වේ.

අද කාලයේ දෙමව්පියන්ට, බබාගේ පියා  එම පෙකණි වැල කැපීම ඉතා සුවිශේෂී දෙයකි. ශ්‍රී ලංකාවේ පියවරුන්ට, දරු ප්‍රසුතියේදී මවට අඩි10කට වඩා ලං වීමට ඉඩ නොදේ.  ඇත්තෙන්ම බිලිඳාගේ පෙකණිවැල කැපීම, සෑම පියෙකුටම සතුටුදායක ක්‍රියාවක් නොවේ.

එම ක්‍රියාව දරු ප්‍රසුතියේදී ඉතා විශේෂ කටයුත්තකි.  පෙකණිවැල කැපූ වහාම, එම ස්ථානය කටුවක් වැනි වූ කුඩා උපකරණයෙන් වැසීම කළ යුතු වේ.  එයට හේතුව, එවිට බබාගේ ශරීරයෙන් වැඩිපුර ලේ වහනය සිදු වී සෙංගමාලය වැනි රෝග නොසෑදීමයි.

වර්තමානයේ සිදු කල පර්යේෂණ වලින් සොයා ගෙන ඇත්තේ, මෙමපෙකණිවැල කැපීම බබා ඉපදී විනාඩි තුනකින් පමණ සිදු කිරීම බබාට සුභදායක බවයි.  එයට හේතුව වශයෙන් ප්‍රකාශ කරන්නේ, අළුත උපන් බිලිඳාගේ ලේ ගමනාගමනය තවමත් මෙම පෙකණිවැල හරහා සිදුවන  නිසයි.කිරිකැටියා ඉපදුන විටම පෙකණිවැල කැපීමෙන්, රුධිරය කැටි ගැසීමට සහ කිරි කැටියාගේ  රුධිර ගමනාගමනයට බාධා ඇතිවිය හැක.

මෙම කලම්පය (උපකරණය) කුමක්ද  ?

මෙම උපකරණ භාවිතා කරන්නේ පෙකණි වැල කැපූ පසු, බිළිඳාගේ ශරීරයේ ඇති කොටස  එහා මෙහා නොවී එක තැනක තබා ගැනීමටය.  එහි හැඩය සහ ස්වභාවය එකිනෙකට වෙනස් විය හැක.  බොහෝ විට මෙය ප්ලාස්ටික් වලින් සාදා ඇති අතර, එය කොණ්ඩ කටුවක හෝ රෙදි අමුණන කටුවකට සමාන හැඩයක් ගනී.  තවද, එහි එතරම් තියුණු නැති දත් ඇත.  ඒවා ඇත්තේ, එය මස් වැදැල්ලට ඇමිණූ විට, එකිනෙකට හොඳින් හිරවී සිටීමටයි.  එය සාදා ඇත්තේ විෂ නැති ද්‍රව්‍යයකින් සහ හොඳින් එකිනෙක සවිවන සේ තැනූ ස්ථිර අගුලක් ද සහිතවය.

මෙම උපකරණය සම්බන්ධ කල විට විශේෂ පරෙස්සමක් දැරිය යුතුද ?

ප්‍රධාන වශයෙන් විෂ බීජ වලින් ආරක්ෂා කර ගත යුතුය.  ශ්‍රී ලංකාවේ අලුතෙන් මව්වරුන් වූ කාන්තාවන්  දරුවාගේ නාභිය පරෙස්සම් කර ගත යුතු ආකාරය නොදනී.  පහත සඳහන් දේ ගැන අවධානය යොමු කරන්න .

  • පෙකණිවැල පිරිසිදුව සහ වියලිව තබන්න
  • බිලිඳාට අන්දවන රෙදි කඩ (නැප්කින් එක) මෙම පෙකණි වැලට පහලින් අන්දවන්න
  • එම ස්ථානයට හොඳින් වාතය ලැබෙන්නට සලස්වන්න

පෙකණි වැලේ එම කොටස වියළී, බිලිඳාගේ ශරීරයෙන් වෙන් වී ඉවත් වූ පසු, එම ස්ථානයේ සුළු රුධිර වහනයක් ඔබට දැක ගත හැකි වේ.  මෙය සාමාන්‍ය දෙයකි.  සමහර විට රළු පටලයක් එම ස්ථානයේ ඉතිරි විය හැක.  එය උපද්‍රව රහිත පටලයක් වන අතර, එය ළමා විශේෂඥ මහතාට ඉවත් කළ හැකිය.

එම ස්ථානයේ ඇති විය හැකි ආසාදන තත්ත්වය

ශ්‍රී ලංකාවේ කාන්තාවන් බබාගේ නාභියේ ඇති විය හැකි ආසාදන පිළිබඳව එතරම් දැනුවත් වී නොමැත.  සාමාන්‍යයෙන් ඇතිවිය හැකි රෝග ලක්ෂණ විය හැක්කේ :

  • උණ ඇති වීම
  • එම ස්ථානය ඉඳිමීම, රතු වීම සහ රත් වීම සිදුවිය හැක
  • එම ස්ථානය සැර ගන්ධයකින් යුක්ත විය හැක
  • රුධිර වහනය දිගටම සිදු විය හැක
  • එම ස්ථානය තුනී වී සියුම් බවක් අතට දැනිය හැක

බිලිඳා මවගේ ගර්භය තුල වැඩීමේදී පෙකණිවැලේ ක්‍රියාකාරිත්වය

ගර්භය තුල බිලිඳා ක්‍රමයෙන් වැඩීමේදී, මෙය දරුවාගේ නාභිය තුලින් වැඩී මවගේ වැදාමහට සම්බන්ධ වේ.  කිරි කැටියා මවගේ ගර්භයෙන් පිටතට එනවිට, මෙම පෙකණි වැලද ඔහු සමඟ එලියට එයි.  එය කැපූ විට, ටික දිනකින් එම කොටස  වියළී, ශරීරයෙන් ඉවත් වී යයි.  නමුත් සමහරුන්ගේ නාභිය එලියට පැන (outie)  තිබෙනු දැක ගත හැකිය.   මෙය කෙතෙක් කල් තිබේ දැ’යි කිව නොහැක.  සමහර විට මාස ගණනක් හෝ අවුරුදු ගණනක් විය හැක.  එය ක්‍රමයෙන් ඇතුලට (innie) යනු ඇත.  මෙය පිටතට පැන තිබීම   හර්නියා (අණ්ඩවාතය) යන තත්ත්වය විය හැකිය.  මෙය විය හැක්කේ බබාගේ නාභිය අසල ඇති පේශීවල දුර්වල භාවය නිසයි.  නමුත් මෙය ක්‍රමයෙන් ඇතුලට යාහැකිය.

පෙකණි වැල,  මවගේ සහ නොඉපදුන දරුවාගේ සම්බන්ධය  තහවුරු කරන “ජීව බන්ධනය” යනුවෙන් හැඳින් විය හැකිය.

#pregnancytime#pregnancywomen#womb#babycare

The post ගර්භය තුල ඇතිවන ජීව ක්‍රියාවලිය appeared first on mummypages.lk-Pregnancy and Parenting.


Viewing all articles
Browse latest Browse all 28

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>