Quantcast
Channel: ගර්භනී – mummypages.lk-Pregnancy and Parenting
Viewing all articles
Browse latest Browse all 28

ඔබේ දරුවා නිරෝගීව බිහිවීමට නම්

$
0
0

ගැහැණු දරුවකු ලෙසින් උපත ලබා, වැඩිවියට පත්ව, විවාහ ජීවිතයට ඇතුළත් වීමෙන් අනතුරුව ජීවිතයේ ඇති වැදගත්ම සිහිනයකි නිරෝගී පුංචි කිරි කැටියකු තම පවුලට අලුතෙන් එකතු කර ගැනීම.මේ සඳහා ගැබ් ගත් දිනයේ පටන් දරුවා බිහි වන තුරු කාලය මුළුල්ලේම ගර්භනීය විසින් තම ඇවතුම් පැවතුම් සියල්ලම විධිමත් අයුරින් පවත්වා ගත යුතුයි. ආයුර්වේදයේදී මෙය ගර්භනී පරිචර්යා
( antenatal care ) යනුවෙන් හඳුන්වයි.

නිරෝගී ගුණවත් දරුවකු ලැබීමට කැමති ගැබිනිය අපත්‍ය ආහාර විහරණයෙන් වැළකී, සුදුසු ආහාර හා විහරණ භාවිතා කළ යුතු බවත්, එම පරිචර්යා දරුවා බිහි වන තුරුම පවත්වාගත යුතු බවත් ආයුර්වේද සංහිතා ග්‍රන්ථවල සඳහන් ය.

” පිරුණු තෙල් බඳුනක් මෙන් නොකලඹා ගැබිනිය රැකබලා ගත යුතුය “යනුවෙන් එම ග්‍රන්ථවල දක්වා ඇත. විශේෂයෙන්ම ගැබ හටගත් දිනයේ පටන් මුල් මාස තුනේ දී, ගර්භනීය ඉතාමත් ප්‍රවේශම් විය යුතුය. මන්ද, හටගත් කලලය අසංජාත අංග අවධියෙ (immature ) පවතින අතර, එය ගැබිණියගේ ශරීරයට ශල්‍යක් ( foreign body ) වශයෙන් ක්‍රියා කරයි. එබැවින් ශරීරයේ ආරක්ෂණ ක්‍රියාමාර්ග වලින් නිතරම උත්සාහ කරන්නේ, ගැබිනියගේ ගර්භාෂයේ සංකෝචන වාර ගණන ඉහළ දමමින්, නොමේරූ කලලය ශරීරයෙන් ඉවත් කිරීමටයි. ඒ නිසා මේ අවදිය ගර්භ ස්‍රාව ( threatening abortion ) ඇතිවීමේ සම්භාවිතාව ඉතාමත් ඉහළ අවධියකි.

මේ හේතුව නිසා ගැබිනිය, ගැබ හට ගත් පළමු දිනයේ පටන් නිතරම සතුටු සිතින් යුතුව වාසය කළ යුතුය. තරහව, ක්‍රෝධය පාලනය කර ගත යුතුය. මන්ද, ක්‍රෝධය හටගත් විට adrenaline හෝමෝනය ස්‍රාවය අධික වන අතර, එය ගර්භාෂය තව තවත් සංකෝචනය වීම උත්තේජනය කිරීමට හේතු වේ. මේ හේතුව නිසා ගර්භ ස්‍රාව ( abortion) ඇතිවීමේ සම්භාවිතාව වැඩිවේ. එමෙන්ම ඇය නිතරම ශාරීරික පිරිසුදු බව පවත්වා ගත යුතුය. විශේෂයෙන්ම ප්‍රජනක අවයව ආශ්‍රිතව පිරිසිදු බව වැදගත්ය. කාන්තා ප්‍රජනක පද්ධතිය පිහිටීමේ ස්වරූපය අනුව ස්වභාවිකවම ඉතා ඉක්මනින් ආසාදන ( infections ) වලට ගොදුරු වීමේ හැකියාව පවතී. මේ නිසා එම ආසාදන තත්ත්වය ගර්භාෂය තෙක්ම ගමන් කර, ගර්භ ශ්‍රාව ( abortion ) ඇති කිරීමට හැකියාව පවතී.

නිතරම සුදු පාට හෝ ලා පාට ඇඳුම්වලින් සැරසීම තවත් කරුණකි. යම් සුළු රුධිර වහනයක් හෝ සිදු වුවහොත් එය වහා හඳුනා ගැනීමට මේ කරුණ ඉතාමත් වැදගත්ය. එමගින් තර්ජිත ගර්භ ශ්‍රාව ( threatened abortion ) අවස්ථා මගහරවා ගත හැක.

තම ආගමට අනුව නිතර ආගමික වතාවත් වල යෙදීම, මිහිරි සංගීතයට සවන් දීම ගැබිනියගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමට මෙන්ම කලලයේ යහ වර්ධනයට ද ඉතාමත් උපකාරී වේ.

උස් හඬින් කතා කිරීම හා,බර ඉසිලීම වැනි ක්‍රියාවලින් ගැබිණි සම්පූර්ණයෙන්ම වැළකිය යුතුය. මන්ද එවැනි අවස්ථාවලදී උදර පීඩනය
( abdominal pressure ) ඉහළ යාම නිසාම ගර්භ ශ්‍රාව ( abortion ) හට ගැනීමට ඉඩ ඇත.

මීට අමතරව දුර බැහැර ගමන් යාම,ශරීරය අධික ලෙස වෙහෙස වන අයුරින් ක්‍රියා කිරීම, නරක් වූ පිළුණු වූ ආහාර, විශේෂයෙන්ම වර්තමානයේ නම්, ක්ෂණික ආහාර ගැනීම, අනවශ්‍ය පරිදි තමන්ට රිසි සේ ඖෂධ වර්ග, මත්පැන් හා මත්ද්‍රව්‍ය ශරීරයට ලබා ගැනීම යනාදියෙන් වැළකීමත් ඉතාමත් වැදගත්ය.

එමෙන්ම රාත්‍රි නිදි වැරීම, දිවා නින්ද, අධිකව ශෝක වීම, භය-ත්‍රාසය උපදවන දෑ බැලීම, ඇසීම සහ මළ මුත්‍ර ආදී ආවේග දරාගෙන සිටීම යන ක්‍රියාවින් ද ගැබිණිය වැළකිය යුතුය.

මෙලෙස ප්‍රවේශම් වීමෙන් ලැබෙන වාසි

වේදනාවෙන් තොර, පහසු ප්‍රසවය ක ට ඉඩ සැලසීම.
යහපත්, බුද්ධිමත්, නිරෝගී, පැහැපත්, ශක්ති සම්පන්න දරුවකු ලැබීම.
ගර්භනී සමය නිරෝගි වීම.
දරුවාගේ වර්ධනය යහපත් වීම.
නිතර ඇතිවන තුනටිය, දෑලවර වේදනා පහ වීම.
යෝනි මාර්ගයේ, ගර්භාශයේ සිවි මුදු ස්වභාවයට පත්වීම.
මල, මුත්‍රා පහ වීම ඉතා හොඳින් සිදු වීම.
උපද්‍රවයකින් තොරව දරුවා බිහි වීම.
වැදෑමහ ( placenta ) ඇතුළු අනෙකුත් සිවි කොටස් පහසුවෙන් පිටවී යාම.
දීර්ඝායුෂ සහිත, හොඳ ගතිගුණ යුතු දරුවකු බිහි වීම.

ගර්භ ස්ථාපක ( ගර්භය ස්ථිර කරන ) ආහාර ලෙස,

ලුණුවිල කැඳ හෝ මැල්ලුම
නෙල්ලි රසකිඳ තැම්බූ ජලය
හාතාවාරිය අල කැද
ඉරමුසු කැඳ
ආහාරයට ඉඳ හිට එක්කරගැනීම,
නිතර උණුසුම් ජලය පානය
එළකිරි
මිදි
මී පැණි
ආහාරයට එක් කිරීම,
ස්නානය සඳහා බෙලි කොල, එඬරු කළ, රෝස මල් පෙති,කස්තුරි කහ යනාදිය යොදා තැම්බූ ජලය භාවිතයත් යෝග්‍යයි

#health #sinhalaarticle #doctorarticle #babyarticle #babysinhalaarticle #srilankababyarticle #babyaticlesinhala

 

 

 

 

The post ඔබේ දරුවා නිරෝගීව බිහිවීමට නම් appeared first on mummypages.lk-Pregnancy and Parenting.


Viewing all articles
Browse latest Browse all 28

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>