Quantcast
Channel: ගර්භනී – mummypages.lk-Pregnancy and Parenting
Viewing all articles
Browse latest Browse all 28

ප්‍රසුතියේ නිලාරම්භය

$
0
0

ප්‍රසූතියේ නිලාරම්භය (induction of labour) ඇති කිරීම : එය අවශ්‍ය වන්නේ කුමන වෙලාවටද?

ප්‍රසූතිය සිදුකිරීමට සංකෝචන ක්‍රියාවලිය කෘතිම ලෙස ඇති කිරීම “ප්‍රසූතියේ නිලාරම්භය” යනුවෙන් හැඳින්වේ.  පහත සඳහන් අවස්ථාවලදී, ඔබට කෘතිම ලෙස ප්‍රසූති ක්‍රියාවලිය ඇති කරවනු ලැබේ.

ඔබේ බබා නියමිත දින ගණන් පසු වී, තවමත් ඔබට ප්‍රසව වේදනාව ඇති වී නැත්නම් : ඔබේ ගර්භනී අවස්ථාවේ  සති 40ක් පසු වී ඇතත්, තවමත් ඔබට  ප්‍රසව වේදනාව ඇති වී නැත්නම් (මේ පිළිබඳව අපේ කල් ඉකුත් වූ දරු උපත් ලින්ක් එක කියවන්න http://bit.ly/2s7tP69Overdue Births)

 ඔබට හෝ ඔබේ බබාට යම්කිසි රෝගී භාවයක් ඇත්නම්:  ඔබට වැඩි රුධිර පීඩනය හෝ දියවැඩියාව වැනි රෝගයක් ඇත්නම්, ඔබට කෘතිම ප්‍රසව වේදනාව ඇති කරනු ලැබේ.  ඔබේ බබාට එය බලපාන්නේ කෙසේදැ’යි ඔබේ වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව ඔබව දැනුවත් කරනු ලබයි.

 ඔබට ප්‍රසව වේදනාව ඇති වීමට පෙර, ඔබේ  ගර්භයේ වතුර බෑගය (water bag) පුපුරා ඇත්නම්: ඔබට හෝ ඔබේ බබාට ආසාදනයක් ඇති වීමේ ඉඩකඩ ඇත්නම් (මේ පිළිබඳව වැඩි විස්තර අපේ ප්‍රසව වේදනා ලක්ෂණ ලින්ක් එකට ගොස් දැනගත හැකිය http://bit.ly/2QDHlbq), විශේෂයෙන් බබා පැය 24ක් ඇතුළත බිහි නොවුයේ නම්.

ගර්භනී භාවයට පත් වී සති 37කට පෙර ඔබේ ගර්භයේ වතුර බෑගය පිපිරී නම්, ඔබට කෘතීම ප්‍රසව වේදනාව ඇති කිරීමට හෝ ශල්‍යකර්මයක් මඟින් බබාව බිහි කරවීමට කටයුතු කරනු ලැබේ.  සති 37කට පෙර හෝ ඊට පසු වතුර බෑගය පිපිරී යා නම්, කෘතිම ප්‍රසව වේදනාව ඇති කළ යුතුද, නැතහොත්, සාමාන්‍ය අයුරින් බබා බිහි කළ යුතුද යන්න ඔබට තීරණය කළ හැක; නමුත්, මේ කාලය තුළ ඔබේ බබාගේ තත්ත්වය වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව නිරතුරුව පරීක්ෂා කරනු ලැබේ.  ඔබේ තත්ත්වය සතුටුදායක නම්, ස්වභාවික ක්‍රමයට බබාව බිහි කිරීමට කටයුතු කරනු ලැබේ.

ඔබේ බබා සාමාන් අයුරින් වැඩෙන්නේ නැතිනම් එවැනි අවස්ථාවලදී, ඔබේ බබාව ප්‍රසූති කරවීම කළින් සිදුකර, බබා නියමිත නවජ ඒකකයේ තැබීම සුදුසු බව ඔබේ වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව තීරණය කරනු ලබයි.

කෘතිම ප්‍රසව වේදනාව ඇති කරවීමෙන් සිදුවන අතුරු ඵලවල හොඳ නරක පිළිබඳව ඔබේ වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව සමඟ සාකච්චා කිරීමෙන් ඔබ එම ක්‍රමය අනුගමනය කරනවාද, නැද්ද යන්න කලින් තීරණයකට එළඹෙන්නට හැකියාව ඇත.

මෙම්බ්‍ර්නේ ස්වීප් (අතිධ්වනීය පරීක්ෂාව)

 ඔබට කෘතිම ප්‍රසව ඇති කරවීමට පෙර,  මෙම්බ්‍රෙන් ස්වීප් නමැති අතිධ්වනීය පරීක්ෂාවකට ඔබව ලක් කරනු ලැබේ.  මේ අවස්ථාවේදී, ඔබේ වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව ඔබේ යෝනි මාර්ගයෙන් ඇතුළට අත දමා, ඔබේ ගැබ්ගෙල මෘදුව පිරිමදිනු ලැබේ. ඔබේ ගැබ්ගෙල සහ ඔබේ බබා වැඩෙන මඬිය නොහොත් කෝෂය සියුම් සිවියකින් වෙන්වී ඇත. මේ ක්‍රියාවලියේදී ප්‍රොස්ටග්ලැන්ඩින්ස් (Prostaglandins) නමැති හෝර්මෝනය මුදා හරිනු ලැබේ.  මෙම ක්‍රමයෙන් පැය 24ක් ඇතුළත ප්‍රසව වේදනාව ඇති වේ.  සමහර අවස්ථාවලදී, මෙම ක්‍රියාවලිය දෙවරක් කළ යුතු වේ.

මෙම්බ්‍රෙන් ස්වීප් නැමැති මෙම ක්‍රියාවලිය එතරම් වේදනාකාරී නොවූවත්, මෙමඟින් ඔබට අපහසුතාවයක් දැනෙන අතර, එයට පසු ඉතා සුළු රුධිර වහනය වීමක් වන බැව් ඔබට දැනේ   ඔබ විසින් මෙම ක්‍රියාවලිය කිරීමට උත්සහ නොකළ යුත්තේ, එමඟින් ඔබට සහ බබාට වේදනාවක් ඇති විය හැකි බැවිනි.

ප්‍රසව වේදනාව ඇති කරවන්නේ කෙසේද?

සාමාන්‍යයෙන් මෙම ක්‍රියාවලිය ඇති කරවීම රෝහලේ මාතෘ ඒකකයේ ඖෂධ ක්‍රියාවලියක් මගින් කරනු ලැබේ.  ගර්භයේ සංකෝචනය ඇති කරවීම පිණිස විවිධ ක්‍රම අනුගමනය කරනු ලැබේ.

යෝනි මාර්ගය තුළට ජෙලි වැනි ද්‍රවයක්/පෙත්තක් වැනි ද්‍රව්‍යයක් ඇතුළත් කරනු ලැබේ:  ගැබ් ගෙල මෙම ජෙලි හෝ ඖෂධ පෙත්ත මාර්ගයෙන් තුනී කරනු ලැබේ.  එය ඇතුළත් කර පැය 6ක් ඇතුළත ඔබට ප්‍රසව වේදනාව පටන් නොගතහොත්, ඔබට දෙවෙනි වරටත් එම ද්‍රව්‍ය ඇතුළත් කරනු ලැබේ.

යෝනි මාර්ගයට කුඩා ඖෂධ පෙසරියක් (pessary) ඇතුළත් කරනු ලැබේ.  එය ඇතුළත් කර පැය 24ක් ඇතුළත ප්‍රසව වේදනාව ඇති නොවුනහොත්, නැවතත් එම ක්‍රියාවලිය කරනු ලැබේ.

ප්‍රසව වේදනාව ඇති කරවීමට, ඔබට හොර්මෝන් ශ්‍රාවයක් එන්නත් කරනු ලැබේ.  සමහර විට, මෙමඟින් පැය 24 – 48ක් ඇතුළත ඔබට ප්‍රසව වේදනාව ඇති වේ.

කෘතිම ප්‍රසව වේදනාව ඇති කරවීම සෑමවිටම සාර්ථක නොවේ.  එවැනි අවස්ථාවලදී, ඔබේ තත්ත්වය අනුව,  ශල්‍යකර්මයකින් බබා බිහි කරවීමට කටයුතු කරනු ලැබේ.

කෘතිම ප්‍රසව වේදනාව ඇති කරවීමේදීඇතිවිය හැකි අතුරු ඵල

 ඔබේ වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව කෘතිම ප්‍රසව වේදනාව ඇති කරවීම්දී ඔබට ඇතිවන අතුරු ඵලයන්හි ඇති හොඳ නරක අවබෝධ කරදෙනු ලැබේ.  සාමාන්‍යයෙන් ඇතිවන පහත සඳහන් අතුරු ඵල ඔබ දැනගත යුතු වේ.

සාමාන්‍යයෙන්, නිරායාසයෙන් ඇතිවන ප්‍රසව වේදනාවට වඩා, කෘතිම ලෙස ඇති කරනු ලබන ප්‍රසවවේදනාව ඉතා  වේදනාකාරී විය හැක.  ඔබේ අපහසුතාවය යම් වේදනා නාශක ක්‍රමයක් භාවිතා කිරීමෙන් අඩු කරගත හැක.  වේදනානාශක ක්‍රම පිලිබඳ ලින්ක් එකෙන් මේ පිළිබඳව වැඩි විස්තර දැනගත හැක.

කෘතීම ප්‍රසව වේදනාව ඇති කරවීමෙන්,  බොහෝ කාන්තාවන්ට බබා බිහි කිරීමට උපකරණ (forceps) භාවිතා කිරීමට හෝ රික්ත ශෝධක (vacuum suction) ක්‍රමය භාවිතා කළ යුතු වේ.

සමහර අවස්ථාවලදී කෘතිම ප්‍රසව වේදනාව ඇති කරවන කාන්තාවන්ට ශල්‍යකර්මයක් මඟින් බබාව බිහිකරවීමට සිදු වේ.

KEYWORDS :  

 #sinhalaarticleinsrilanka #sinhalaarticle #pregnantwomen #pregnantmother #pregnancywomen #pregnancytips# pregnancytime #pregnancypain #pregnancymotherinsrilanka #pregnancymother

note

The post ප්‍රසුතියේ නිලාරම්භය appeared first on mummypages.lk-Pregnancy and Parenting.


Viewing all articles
Browse latest Browse all 28


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>