Quantcast
Channel: ගර්භනී – mummypages.lk-Pregnancy and Parenting
Viewing all 28 articles
Browse latest View live

ශ්‍රී ලංකාවේ වින්නඹු මාතාව

$
0
0

වින්නඹු මාතාව යනු, ගර්භනී කාන්තාවන්ට ඔවුන්ගේ දරුවන් ලැබීමේදී නොමඳ සහයක් ලබා දෙන, ඉතා හොඳ වෘත්තීය පුහුණුවක් ලබා ගත් කාන්තාවකි.  වින්නඹු  මාතාවගේ ප්‍රධාන අරමුණ වන්නේ, ශ්‍රී ලාංකික  මව්වරුන්ගේ සහ දරුවන්ගේ මරණ සංඛ්‍යාව අඩු කරමින්, නවජ උපත් අඩු කරමින්, සුභදායක දරු උපතක් ලබා දීමට සහය ලබා දීමයි.

ශ්‍රී ලංකාවේ වින්නඹු මාතාවන්ගේ ප්‍රබේධ

 සංස්ථායික වින්නඹු මාතාවන් (Institutional Midwifes – IMs) හට රජයේ හෝ පෞද්ගලික වෛද්‍ය  ආයතනවල/රෝහල්වල රැකියාව කිරීම සඳහා සුදුසු  පුහුණු වීම් ලබාදෙනු ලැබේ.

රජයේ සෞඛ්‍ය වින්නඹු මාතාවන් (Public Health Midwifes – PHMs) මෙම  වර්ගයේ වින්නඹු මාතාවන්ට ඔවුන්ට නිවෙස් වලට ගොස් ගර්භනී කාන්තාවන්ට අවශ්‍ය උපදෙස් දීම/සහය දීම සඳහා මනා පුහුණුවක් ලබා දෙනු ලැබේ.

සංස්ථායික වින්නඹු මාතාවන්ට අයත් රාජකාරිය

ශ්‍රී ලංකාවේ පවත්වා ගෙන යනු ලබන රෝහල් සහ වෛද්‍ය ආයතනයන්හි 2720 දෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයක් සංස්ථායික වින්නඹු මාතාවන් ලෙස රැකියාවේ නියුතු වන බැව් ළඟදී කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත.  මෙම වින්නඹු මාතාවන් රෝහල් වල සුතිකාගාරවල  සහ  ළදරුවන් (පෙර – නවජ සහ පසු – නවජ) රැක බලා ගන්නා කාමරවල/වාට්ටුවල/ වෛද්‍ය සායනවල රැකියාව කරති.

රජයේ සෞඛ්‍ය වින්නඹු මාතාවන්ට අයත් රාජකාරි

ශ්‍රී ලංකාවේ මෙම වින්නඹු මාතාවන් සාමාන්‍යයෙන් ඇත්තේ රෝගී කාන්තාවන් 5000 කට එක් අයෙකු වශයෙනි.  මෙම වින්නඹු කාන්තාවන් තම ප්‍රදේශයේම රාජකාරි කටයුතුවල  නිරතවන අතර, ගර්භනී කාන්තාවන්ට සහ බබා ලැබුණු පසුව ටික කාලයක් යනතුරු මව්වරුන්ට නොයෙකුත් උපදෙස් දීම සඳහා නිවෙස්වලට යනු ලැබේ.

ශ්‍රී ලංකාවේ සිටින වින්නඹු මාතාවන්ට පැවරී ඇති රාජකාරි

මෙම වින්නඹු මාතාවන් තම පළාතට අයත් ගම්වල ඇති නිවෙස්වලට ගොස්, එහි ජීවත් වන කාන්තාවන් ගර්භනී වූ පසුව, ඔවුන්ව ලියාපංදිචි කර, ඔවුන්ට අවශ්‍ය උපදෙස් දෙනු ලැබේ. නමුත් නගරබද ජීවත් වන බොහෝ කාන්තාවන් දරුවන් ලැබීමට පෙර පුද්ගලික ප්‍රසව/නාරී වෛද්‍යවරුන් වෙත යන අතර, දරුවන් ලැබුණු පසු පුද්ගලික ළමා  වෛද්‍යවරුන් වෙත යන බැවින් රජයේ වින්නඹු මාතාවන්ගෙන් උපකාර ගැනීමට ඉදිරිපත් නොවේ.

වින්නඹු මාතාවන්ගෙන් සිදුවන සේවය

 දරුවන් ලැබීමට පෙර

  • එම ප්‍රදේශයේ වෙසෙන ගර්භනී කාන්තාවන් ලියා පදිංචි කරවීම.
  • එම කාන්තාවන්ගේ ශරීර බර ප්‍රමාණය පරීක්ෂා කිරීම.
  • නියමිත ශරීර බර ප්‍රමාණය තබා ගැනීමට අවශ්‍ය උපදෙස් දීම.
  • එම කාන්තාවන්ගේ සාමාන්‍ය නීරෝගී භාවය පිළිබඳ විමසීම.
  • දරුවා ලැබීමට පෙර මව්වරුන් ගත යුතු එන්නත් පිළිබඳව ගර්භනී කාන්තාවන් දැනුවත් කිරීම සහ ඔවුන්ට ප්‍රාදේශීය සායනයෙන් හෝ රෝහලෙන් එම එන්නත් ලබා ගැනීම සඳහා උපකාර කිරීම
  • තවද, මාසික වෛද්‍ය පරීක්ෂණවලට යාමට උපදෙස් දීම
  • සුදුසු ආහාර වට්ටෝරු ලබා දීම
  • දරුවන් ප්‍රසූති කිරීමේදී ඇතිවන වේදනාව (විළිරුදාව) පිළිබඳ දැනුවත් කිරීම සහ ප්‍රසූති වේදනාව දැනෙන අයුරු පිළිබඳව දැනුවත් කිරීම
  • නිවසේදී දරු උපත් සිදුවීමේදී ඒ සඳහා අවශ්‍ය සහය ලබා දීම

දරුවන් ලැබුණු පසු 

  • බබා ලැබුණු පසු මවගේ සෞඛ්‍ය පිළිබඳ පරීක්ෂා කිරීම
  • බබාගේ සෞඛ්‍ය සහ ශරීර බර පිළිබඳ පරීක්ෂා කිරීම
  • බබාට එන්නත් ලබා දීම සඳහා කාඩ්පත් ලබා දීම
  • බබාට නියමිත වෙලාවට එන්නත් ලබා දෙන්නේදැ’යි සොයා බැලීම
  • බබාගේ වර්ධනය පිළිබඳ පරීක්ෂා කිරීම
  • මව්කිරි ලබාදෙන මව්වරුන්ට නියමිත පෝෂ්‍යදායක ආහාර ලබා ගැනීම සඳහා උපදෙස් දීම
  • මව්කිරි බීම නැවැත්වූ ළඳරුවන් සඳහා දියයුතු සමතුලිත ආහාර පිළිබඳ දැනුවත් කිරීම
  • කාන්තාවන්ට පිළිපැදිය යුතු උපත් පාලන ක්‍රම පිළිබඳ උපදෙස් දීම
  • අනවශ්‍ය දරු පිළිසිඳ ගැනීම් වැළක්වීමේ ක්‍රම පිළිබඳ කාන්තාවන් දැනුවත් කිරීම

වින්නඹු මාතාවගෙන් වන සේවය ඉතා අගය කළ යුතු අතර, ශ්‍රී ලංකාවේ වෙසෙන ගර්භනී  කාන්තාවන්ට සහ මව්වරුන්ට වින්නඹු මාතාවගෙන් සිදුවන මෙහෙය මිළ කළ නොහැක.

#midwife #srilankamidwife #midwifearticleinsrilanka #sinhalaarticleinsrilanka #sinhalaarticle #pregnancywomenandmidwife

note

The post ශ්‍රී ලංකාවේ වින්නඹු මාතාව appeared first on mummypages.lk-Pregnancy and Parenting.


ගබ්සාව ගැන දැනුවත්

$
0
0

දෙදෙනෙකුගේ ආදරයේ සංකේතයේ ලෙස සලකන්නේ දරුවන්වයි.නමුත් අද දරුවන් මෙලොව දැකීමටත් ප්‍රථම මරා දමන යුගයක් බවට පත්වී අවසානය.

එනම් මවු කුස තුලදීම එම දරුවා විනාශ කිරීම ගබ්සාවක් ලෙස හදුන්වයි.මෙය මිහිපිටම විපාක දෙන පාප කර්මයකි.

මන්ද මිහිපිට ජිවත් වන මනුෂයකු විනාශ කර දමනවා හා සමානම දෙයකි කුස තුල සිටින දරුවකු විනාශ කිරීමත්.නමුත් ඔබ සිතනවා ඇති මෙලොව එලිය නොදුටු අයකුගේ ජීවිතය විනාශ කිරීම පාපයක් නොවේ කියා.ඇයි ඔබ මදක් නොසිතන්නේ කුසතුල සිටින දරුවාටත් ජීවයක් ඇති බව.කුසතුල සිටින දරුවෙකුට පන නැතැයි කියා සිතනවාද ?එසේනම් දරුවකු කුසතුල වර්දනය වන්නේ කෙසේද?ඒ මේ අයුරිණි ….

ස්ත්‍රියකගේ හා පුරුෂයකුගේ ලිංගික එක්වීම තුලින් සිදුවන සන්සේචනයයි .මෙහිදී සිදුවන්නේ කාන්තාවකගේ පැලෝපිය නාලය තුල ශුක්ක්‍රනුවක් ගමන් කිරීමේදී යම් අවස්ථාවක ශුක්ක්‍රනුව හා ඩිම්බය එක්වීමයි.මෙයින් සෑදෙන මුල්ම සෛලය යුක්තානුවයි .යුක්තානුව මිනිස් ජිවිතයක ආරම්භයයි.මෙම යුක්තානුව පැය 30ට පසු සෛල බෙදීමකට ලක්වේ.ඒ අනුව මෙය යුක්තානු සෛල 16කින් යුත්” මොරුයුලා”අවස්ථාවටත් සෛල 64කින් යුත් බිලාෂ්ඨකෝෂ අවස්ථාවටත් පත්වේ.මේ අවස්ථාව සිදුවන්නේ සංසේචණයෙන් දින 06ටකට පසුවයි.පසුව මෙය ගර්භාෂ බිත්තියේ තැම්පත් වී කලලයක් බවට විකසන වීමට පටන්ගනී.සංසේචනයෙන් දින 14ට පසු කළලය සම්පුර්නයෙන්ම් ගර්භාෂ බිත්තියේ තැම්පත් වේ.මේ අයුරින් අවයව විකසනය ආරම්භ වූ සති 08ක කලලයක් (භ්‍රෑණය )ගර්භාෂය තුල දරුවකු බවට පත්වේ.සංසේච ණයේ සිට දරු උපත දක්වාම කාලය සති 40කි.මේ සියලු කරුණු මා වෛද්‍යවරයකුගෙන් අසා දැනගත් කරුණු බව ඔබට සදහන් කරමි.මේ පිළිබද විස්තර කරනවිට ම සිත තුලද පහන් සිතුවිලි ජනිතවිය.මන්ද මෙය කොතරම් චාමත්කාර අත්දැකීමක්ද කියා.

“දරුවන් රටට,ජාතියට සම්පතක් බව අරුමයක් නොවනු ඇත”

නමුත් අද අප රටේ නීතියට අනුව ගබ්සාව නීතිවිරෝධී.අපරටේ නීතියට අනුව ගබ්සාව අනුමත කරනු ලබන්නේ ගර්භනීබාවය හේතුවෙන් මවක් අවදානම් තත්වයක සිටිනම් පමණි.

නමුත් ගබ්සා වර්ග කීපයක් ඇත.

01.ස්වයං ගබ්සාව – මෙහිදී සිදුවන්නේ පිළිසිද ගැනීමකින් පසුව පළමු මාස දෙක තුන ඇතුලත නොදැනුවත්වම කළලය විනාශ වී යාමයි.

02.ප්‍රතිකාර ගබ්සාව -ගර්භනී අවස්ථා වලදී ,වෙනත් රෝගයකට බෙහෙත් භාවිතා කරන්නේනම් එම බෙහෙත් වර්ග විෂවීම හේතුවෙන් කළලය විනාශ වීම .

03.ආසාදන ගබ්සාව -මවට යම් දෙයක් විෂ වූ විට හෝ බෝවන රෝග ආසාදනය වීමෙන් හෝ සුව කල නොහැකි රෝගී තත්වයන් වලදී මෙය කලලයට බලපානු ඇත.

04.සාපරාධි ගබ්සාව -එනම් තමන් හිතාමතාම දැන දැන කරන ගබ්සාවයි.

ඔබ දන්නවාද ?අප රටතුල දිනකට ගබ්සා කිරීම් 750-1000ක්ද ,වසරකට 400000-450000 අතර සිදුවන බව සමීක්ෂණ වාර්තා වලින් පෙන්වා දෙයි.

අනිත් කරුණ වනුයේ ගබ්සාවට ලක්වන කාන්තාවන් බහුතරයෙන් (96%)වයස 30-40අතර විවාහක දුප්පත් කාන්තාවන් වන බවයි.මෙයින් 4%ක් පාසල් ළමුන් හා අවිවාහක තරුණ කාන්තාවන් වේ.මෙයින් 90%ක්ම ගබ්සා කරනු ලබන්නේ පළමු සති 12ඇතුළතයි.

මේ පිළිබද අපි ටිකක් සිතා බලමු …

වැඩි ප්‍රමානයක් සිදුවන්නේ විවාහක කාන්තාවන් අතර නම් මා සිතනා පරිදි එක් කරුණක් වනුයේ ආර්ථිකයයි.එනම් අද පවතින ජිවන වියදම අධික බැවින් එක් පවුලක දරුවන් සිටින්නේ එක් කෙනෙකු හෝ දෙදෙනෙකු පමණි.ඔවුන් සිතන්නේ තවත් දරුවෙකු ජිවත් කරවීමට සිදුවුවහොත් ඔවුන්ට එය දර ගැනීමට නොහැකි වේ යැයි සිතා ඔවුන් ගබ්සාවට යොමුවේ.නමුත් ඔවුන් වුවද සිතිය යුතුයි උපදින්නට සිටින්නේ ද තමන්ගේ ලෙයින් වැඩුන දරුවකු බවයි. අද ඕනෑ තරම් උපත් පාලන ක්‍රම ඇති බව ඔබ නොදන්නවා නොවේද?එම නිසා විවාහක කාන්තාවක් වශයෙන් ඒ පිළිබද අවදානය යොමුකළ යුතු නොවේද?

      පාසල් ළමුන් බොහෝ විට මේ තත්වයට යොමු වන්නේ ඔවුන්ට යම් අයකුගෙන් අපරාදයක් සිදුවූ විට හෝ තමන්ගේ නොදැනුවත් කමනිසා තරුණ තරුණියන් මේ ලිංගික ජීවිතය අත්හදා බැලීමට යාමයි.අද බොහෝ තරුණ පිරිස් ආලයෙන් අන්ධ වීමෙන් මේ අපරාදයට යොමුවෙති.නමුත් අවසානයේ සමාජයට මුහුණ දීමට නොහැකිව අසරණ වීම නිසා ගබ්සා කිරීමට යොමු වෙති.

සාපරාදී ගබ්සාවක හානිකර ප්‍රතිපල –

*මෙහිදී සිදුවන්නේ මාස දෙකක් හො තුනක් වයස ඇති දරුවා බලෙන් ශරීරයෙන් ඉවතට ගැනීමයි .එහිදී එක එක උපකරණ බාවිතා කර දරුවා ඉවතට ගැනීම සිදු කරයි.මේ අවස්ථාවේදී අධික ලෙස රුධිරය වහනය වීම සිදුවේ.ඒ වගේම අභ්‍යන්තර අවයව වලටද හානි සිදුවේ.

සමහර අවස්ථා වල කම්පනය හෝ අසාදිත තත්වයන් මත මව මිය යාමට අවස්ථාව ද තිබේ.

*ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග වලට ගොදුරු වේ.

නැවත දරුවන් බිහිකිරීමේ හැකියාව නැතිවීම.

ඔසප් වීම ඇන හිටීම හෝ අක්‍රමවත් වීම.

*ගබ්සාවකට පසු මව මානසික රෝගියෙකු බවටද පත්විය හැක.

විශේෂයෙන් ඔබ ගබ්සාවක් සිදු කිරීමට පෙර මතක තබා ගතයුතු කරුණක් ඇත.එනම් ජීවත්ව සිටින මිනිසෙකුට කවුරුන් හෝ හිරිහැර කිරීමට සැරසෙනවිට ඔහු එයින් මිදී පලායාමට උත්සාහ ගනී නමුත් කුසතුල සිටින දරුවා කෙසේනම් බේරී පලායන්නද ?

“අනේ අසරණ අහිංසක කිරිකැටියා මරණයේ අනේක දුක්විද මරුමුවට පත්වේ.”

දැන් ඔබ ගබ්සාවක් යනු කුමක්ද?එයින් සිදුවන විපාක හා දුෂ්කරතා හොදින් අවබෝද කරගෙන ඇති බව මා දනිමි.කාන්තාවන් වන අප දරුවකු දරුවකු බිහිකිරීමේ වරය ලබා ඇත.එය අද නවීන තාක්ෂණයට වත් කල හැකි දෙයක් නොවේ.එම නිසා තරුණියක කාන්තාවක වශයෙන් ගබ්සාවක් කිරීමට ප්‍රථම දෙවරක් සිතන්න.මන්ද එයින් සිදුවන අනිසි ප්‍රතිපල ඔබ දන්නා බැවිනි.

යම් ලෙසකින් ඔබට දරුවා හදා ගැනීමට නොහැකිනම් අද දරුවන් නොමැතිව දුක්විදින දෙමාපියන් කොතෙකුත් සිටීද.එවන් අයෙකුට දරුවා බාර දෙන්න.එය මෙවැනි අපරාදයක් කරනවාට වඩා පුණ්‍ය කර්මයකි.

අවිවාහක තරුණියන්ද තාවකාලික සැපය පසුපස නොගොස් තමන්ට ගැලපෙන විවාහයක් නියමිත වයසේදී සිදුකර ගෙන සොදුරු ආදරයේ ආස්වාදය නිර්මාණය කරගැනීමට හැකි බව ඔවුන් මතක තබා ගත යුතුයි.

අපේ ඇති වැරදි වලට නොපිපුණු මල් කැකුලක් පොඩිකර ලන්නේ මන්ද?

KEYWORDS
#awareofabortion #abortion #womencare #awareofabortioninsrilanka #sinhalaarticleinsrilanka #abortionarticleinsrilanka #

note

The post ගබ්සාව ගැන දැනුවත් appeared first on mummypages.lk-Pregnancy and Parenting.

ගර්භණී අවස්ථාවේ දී දුම්බීම

$
0
0

ගර්භණී අවස්ථාවේදී දුම්පානය නවත්වන්න.  ඔබේ සහකරුගෙන් ද දුම්පානය නවත්වන ලෙස ඉල්ලා සිටින්න.

ඔබේ ගර්භයේ සිටින බබාට දුම්කොළ වලින් නික්මෙන දුම ඉතා අහිතකර වේ.  සිගරට්, සුරුට්ටු සහ පයිප්ප දුම්වල 7,000 කට වඩා රසායනික ද්‍රව්‍ය අඩංගු වේ.  ඔබේ බබාව දුම්කොළ වලින් නික්මෙන දුමෙන් ආරක්ෂා කිරීම ඔබේත්, ඔබේ සහකරුගේත් වගකීමකි.  ඔබ සිගරට් දුම උරන සෑම වාරයකදීම ඔබේ බබාගේ හෘද ස්පන්දනය ඉතා දැඩි වන බව ඔබ දන්නවාද?  එයට හේතුව ඔබ සිගරට් දුම උරන වාරයක් පාසා, ඔබේ බබාට ඔබෙන් යන ඔක්සිජන් ප්‍රමාණය ඉතා අඩු මට්ටමක පවතින නිසයි.

ඉතා ඉක්මනින් දුම්බීම නැවැත්වීම ඔබටත්, ඔබේ බබාටත් හිතකර වේ.  එවිට ඔබේ ගර්භණී භාවයට ඇතිවිය හැකි ව්‍යාකූලත්වය අඩුවන අතර, ගබ්සා වීම්, මළ දරු උපත්, නොමේරූ දරු උපත්, හදිසි ළදරු මරණ (Sudden Infant Death Syndrome – SIDS) සහ උපත් බර අඩුවීම් ආදී අවදානම් තත්ත්ව අඩු කර ගත හැකිය.

ඔබ කලින් දුම්පානය කළ අයෙක් නම්, අමතර උදව්වක් නොමැතිව එම පුරුද්ද අත්හැරීම අපහසු විය හැක.  මේ පුරුද්ද සම්පූර්ණයෙන් නැති කිරීම විශේෂඥ උදව් මගින් කළ හැකි බව වාර්තා පෙන්වා දෙයි.  මේ පිලිබඳ ඔබේ වෛද්‍යවරයාගේ සහය පතන්න.

ඔබ දුම් පානයෙන් පිටවන දුම්වලට නිරාවරණය වන්නට එපා

ඔබ දුම්පානය නොකළත්, අන් අය පිට කරන සිගරට්/සුරුට්ටු/පයිප්ප දුම් වලට ඔබ නිරාවරණය වීම හෙවත් එම දුම් ඔබ ආඝ්‍රානය කිරීම ද, ඔබේ බබාට ඉතා අහිතකර වේ. ඔබේ සහකරුගේ හෝ ඔබේ නිවසේ/රැකියාව කරන ස්ථානයේ වෙනත් කෙනෙක් දුම් පානය කරන්නේ නම්, එම දුම ඔබේ බබාට, ඔහු/ඇය ඉපදීමට පෙර හෝ පසු බල පෑ හැකිය. අවුරුදු 15ට වැඩි පිරිමින්ගෙන්, 25%ක් ශ්‍රී ලාංකිකයන් දුම් බොන්නන් බව ලෝක බැංකු දත්ත වලින් පෙන්වා දෙනු ලැබේ. මෙයින් පෙන්වා දෙන්නේ, ඔබේ නිවසේදී හෝ රැකියාව කරන ස්ථානයේදී ඔබ දුම් පානය කරන්නෙකුගේ දුම් වලට බඳුන් වන බවයි.  එසේ අන් අයෙකුගේ දුම් වැටියකින් පිටවන දුම ඔබට ආඝ්‍රාණය වේ නම්, නොමේරූ දරු උපතකට, මළ දරු උපතකට, උපත් බර අඩු දරු උපතකට, හදිසි ළඳරු මරණයකට හෝ සෙංගමාලය, ලේ අඩුකම සහ පෙනහළු රෝග වැනි  අලුත උපන් දරුවාගේ සෞඛ්‍ය ගැටළුවකට  ඔබට මුහුණ පෑමට සිදු විය හැක.

දුම් පානය කරන දෙමව්පියන්ගේ දරුවන්,  වයස මාස 18ක් වැනි කාලයක් තුල හදිසි ළඳරු මරණයකට, ශ්වාසනාළිකා ප්‍රදාහය, නිව්මෝනියාව සහ ඇදුම වැනි රෝගයන්ට මැදිහත් විය හැක.  එසේම, ඔවුන්ට සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ ශ්‍රවනේන්ද්‍රියන් සම්බන්ධ රෝග ආදී රෝගයන්ට මුහුණු පෑමට ඇති අවදානම, දුම් පානයට නැඹුරු නොවූ දෙමව්පියන්ගේ දරුවන්ට වැඩි වේ.  ඔබට ඔබේ ආදරණීය බබාට මෙවැනි  අවස්ථාවකට  මුහුණ පෑමට ඉඩ දිය හැකිද?

එය තවමත් ප්‍රමාද වැඩි නොවේ. ඔබ ගර්භණී අවස්ථාවේ සිටින විට, ඔබ ඉක්මනින් දුම්පානය නැවත්වුවහොත්,  ඔබේ බබාට  නීරෝගී වර්ධනයක් ඇතිවීමට ඇති හැකියාව ඉතා අධිකය.  ඔබේ නිවසේ වෙසෙන අයෙක්, ඔබේ රැකියා ස්ථානයේ අයෙක් හෝ  ඔබ සමඟ එකම රථයේ ගමන් කරන අයෙක් දුම්බීමට ලැහැස්ති වේනම්, ඔවුන්ට  එම ස්ථානයෙන් පිටතට ගොස් දුම්පානය කිරීමට සලස්වන්න.  එවිට ඔබට ඔවුන් පිටකරන දුමාරය ආඝ්‍රණය නොවේ.  ඔබේ ගර්භණී අවස්ථාවේ අවසන් අදියරේදී හෝ  ඔබ මෙම දුම්පානයෙන් හෝ දුම් වැටී වලින් නික්මෙන දුමාරයෙන් වැළකේ නම්, එමඟින්ද, ඔබේ සහ ඔබේ බබාගේ සෞඛ්‍ය පිළිබඳ සෑහෙන හොඳ ප්‍රතිචාරයක් ඇති කරනු ලැබේ.

#smokinginpregnancy #smoking #pregnancy #women #pregnentwomen #sinhalaarticleinsrilanka #sinhalaarticle

 note

The post ගර්භණී අවස්ථාවේ දී දුම්බීම appeared first on mummypages.lk-Pregnancy and Parenting.

කල් ඉක්ම වූ දරු උපත්

$
0
0

සාමාන්‍යයෙන් ගර්භණී භාවය සති 40ක කාලයක් තුළදී නිම විය යුතුයි; එනම් ඒ වනවිට දරු උපත සිදුවිය යුතුයි.  (හෝ අන්තිමට ඔසප් වූ මුල් දිනයේ සිට දින 280ක් තුළදී). සති 41 දී, ඔබේ දරු උපත සිදු නොවුයේ නම්, එය කල් ඉක්ම වූ දරු උපතක් ලෙස හැඳින්වේ.

දරු උපත ගර්භනීත්වයේ සිට සති 41ක් තුල සිදු නොවුයේ නම්, කුමක් කළ යුතුද?

ඔබට ඔබේ වෛද්‍යවරයා විසින් මුලින්ම “මෙම්බ්‍රෙන් ස්වීප් “ නමැති අතිධ්වනීය පරීක්ෂාවකට ලක් කරනු ලැබේ. එමඟින්, ඔබේ යෝනි මාර්ගය පරීක්ෂා කරනු ලැබේ. එමඟින් ඔබේ ගැබ් ගෙල උත්තේජනය කිරීමේ හොර්මෝන් ක්‍රියාවලිය මඟින් ප්‍රසූතිය ආරම්භ කිරීමට උත්සහ කරනු  ලැබේ.  මේ සඳහා වැඩි විස්තර  අපේ ප්‍රසූතිය ප්‍රේරණය කිරීම නමැති ලින්ක් එකෙන් දැනගත හැකි වේ.

ඔබට තවමත් ප්‍රසූති ක්‍රියාවලිය පටන් නොගනී නම්, ඔබේ වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව, ප්‍රසූතිය උත්තේජනයකට භාජනය කිරීමට උපදෙස් දෙනු ලැබේ –  මේ සඳහා වැඩි විස්තර  අපේ ප්‍රසූතිය ප්‍රේරණය කිරීම නමැති ලින්ක් එකෙන් දැනගත හැකි වේ.  ඔබ මේ සම්බන්ධයෙන්  තීරණයක් ගැනීමට පෙර, මෙම ක්‍රමයෙන් සිදුවන වාසි අවාසි (හොඳ නරක) පිළිබඳව ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ වින්නඹු මාතාවගෙන් අසා දැනගන්න.

ඔබට සති 41 දී දරු උපත සිදු නොවේනම්, ඔබේ බබාගේ චලනය වීමේ  ක්‍රියාවලිය සහ හෘද ස්පන්ධනය සාමාන්‍ය අයුරින් තිබේදැ’යි නිරතුරුව පරීක්ෂා කරනු ලැබේ.  එහි යම්කිසි වෙනසක් දැනේ නම්, ඔබට බබාව ප්‍රසූති කිරීමට අවශ්‍ය උපදෙස් දෙනු ලැබේ.

බොහෝ කාන්තාවන්ට, සාමාන්‍යයෙන් සති 42ක කාලයක් තුළ දරු උපත සිදු වේ.  සති 42ක් තුළ, ඔබට දරු ප්‍රසුතිය සිදු නොවුයේ නම්, දරුවා බිහි කිරීමට ගත යුතු ක්‍රියා මාර්ග ගැනීමට ඔබට දැඩිසේ උපදෙස් දෙනු ලැබේ.  එයට හේතුව වනුයේ සති 42 ක් තුළ දරු උපත සිදු නොවුයේ නම්, මළ දරු උපත් සිදු වීමේ ප්‍රවනතාවය වැඩි වීමයි.

#Infantbirthsexceedingly #Infantbirths #pregnancytime #pregnancywomen #pregnancytime

note

The post කල් ඉක්ම වූ දරු උපත් appeared first on mummypages.lk-Pregnancy and Parenting.

දරු ප්‍රසුතියේ ඇතිවන වේදනාව අඩු කිරීම

$
0
0

සමහර කාන්තාවන්ට දරු ප්‍රසූති ක්‍රියාවලිය වේදනාකාරී විය හැකිය.  වේදනාව අඩු කිරීමේ ක්‍රම ඉගෙන ගැනීමෙන්, ඒ සඳහා ඔබට සූදානම් වියහැක.

ස්වසාධනය (තමාටම උදව් කර ගැනීම)

නියමිත ව්‍යායාම් සහ ප්‍රසූතියට පෙර ඒ පිලිබඳ උගන්වන පංති වලට සහභාගී වීමෙන් ඔබට මානසිකව සහ ශාරීරිකව ප්‍රසූතිය සඳහා සූදානම් විය හැක.  විවිධ මාදිලියේ විවේක ගැනීම් සහ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රම ඉගෙන ගැනීමෙන්, දරු ප්‍රසූති අවස්ථාවේදී ඔබට සංසුන්ව සිටීමටත්, අවශ්‍ය අවස්ථාවලදී, නියමිත පරිදි  දරුවාව පහළට තල්ලු කිරීමටත් හැකියාව ලැබේ.  දරු ප්‍රසූතියේදී ඔබට වේදනාව අඩු කිරීමට උදව් කරන ඉරියව් මොනවාදැ’යි පර්යේෂණ කරමින්, තනිවම උත්සහ කිරීමෙන් ඔබටම වේදනාව පාලනය කරගත හැක.  ඔබේ සැමියා, යෙහෙළියක් හෝ ළඟම ඥාතියෙක් දරු ප්‍රසූති අවස්ථාවේ ඔබ අසල සිටීමෙන් අවශ්‍ය වෙලාවට ඔබේ පිට කොන්ද මෘදු ලෙස පිරිමැද ගැනීමෙන් ඔබේ කොන්දේ වේදනාව අඩුවේ.  සංකෝචනය පටන් ගන්නා මුල් අවස්ථාවේදී, උණුසුම් ජලයෙන්  ස්නානය කිරීමෙන් සහ එහා මෙහා ඇවිදීමෙන් වේදනාව යම් ප්‍රමාණයකට අඩු කර ගත හැක.

වේදනාව අඩු කර ගැනීම සඳහා සැලසුම් කිරීම

ඔබේ වෛද්‍යවරයාගෙන් සහ වින්නඹු මාතාවගෙන් ප්‍රසූති වේදනාව යටපත් කර ගැනීම සඳහා ලබාගත හැකි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන්, ඔබට ගැළපෙන දේ තීරණය කළ හැක.  කෙසේ හෝ, දරු ප්‍රසූතියේදී නිදහස් මානසික තත්ත්වයකින් සිටීමෙන්, ඔබ සැලසුම් කළ ආකාරයකට වඩා වැඩියෙන්/අඩුවෙන් හෝ වෙනස් ආකාරයේ වේදනාවක් ඇති විය හැක.

පහත සඳහන් වන්නේ, ප්‍රසූතියේ දී සාමාන්‍යයෙන් යොදා ගන්නා වේදනානාශක ක්‍රමයි :

ගෑස් සහ වාතය :  ඔක්සිජන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් ගෑස්, මුහුණු ආවරණයකින් හෝ මුව නළයකින් ඔබට ආශ්වාස ප්‍රශ්වාස කිරීමට දෙනු ලැබේ.  ඔබ එය ගැනීමෙන් අනතුරුව තත්ත්පර 15-20ක් අතරදී එය ක්‍රියාශීලී වේ.  සංකෝචනය පටන් ගත් පසු, සෙමින් ඉතා ගැඹුරු හුස්ම ගන්න.  මෙමඟින් ඔබේ වේදනාව මුළුමනින්ම අඩු නොවුනත්, ඔබට එම වේදනාව දරා ගත හැකි බව ක්‍රමයෙන් වැටහේවි.  මෙය ප්‍රසූතියට පෙර තිබෙන පංති මඟින් ඉගෙන ගත හැකිය.  තවද, මෙම ක්‍රමය ආරක්ෂාකාරී වේදනානාශක ක්‍රමයකි.  මෙම ක්‍රමයට බොහෝ කාන්තාවන් කැමති වන්නේ, දරු ප්‍රසූතියේදී මෙමඟින් තමන්ටම වේදනාව පාලනයකරගත හැකි  නිසාය.

ඇතිවිය හැකි අතුරු ඵල (විශේෂයෙන් අනර්ථකාරී) මෙම ක්‍රමයෙන් වේදනාව සමනය කිරීම නිසා දැනගැනීමට තරම් විශේෂ අනර්ථකාරී අතුරුඵල මවට හෝ බබාට බලපාන්නේ නැත.   ඔබට අසනීප තත්ත්වයක්, හිසේ සැහැල්ලු බවක්, නිදිමත ගතියක් හෝ මත්බවක් දැනේ නම්, මෙය භාවිතා කිරීම නවත්වන්න.

පෙතිඩීන් එන්නත්

ප්‍රසූත වේදනාව දරා ගත නොහැකි නම්, ඔබේ කලවේ හෝ නිතඹට (තට්ටමට) මේ එන්නත ලබා දේ. මෙමඟින් මස් පිඬු නිශ්චල කර වේදනාව සමනය කෙරේ.   එය මිනිත්තු 20ක් තුළදී ක්‍රියා කිරීමට පටන් ගන්නා අතර, පැය කීපයක් (සාමාන්‍යයෙන් පැය 2 – 4 දක්වා) තිබේ.  මෙම මාත්‍රාවෙන් බාගයක් ඔබට පාවිච්චි කළ හැක.

ඇතිවිය හැකි අතුරු ඵල (විශේෂයෙන් අනර්ථකාරී)  :  ඔබට අසනීප බවක්, සැහැල්ලු බවක් හෝ මත් බවක් දැනිය හැක.  බබා තල්ලු කළ යුතු අවස්ථාවේ, ඔබට එය අසීරු බවක් දැනිය හැක.  ප්‍රසූතිය ලංවී මෙම එන්නත ලබා දුනහොත්, බබාගේ ශ්වසන ක්‍රියාවලියට එය බල පෑ හැක. මෙවැනි ඖෂධ, බබාට දෙන මුල් කිරි වේලටද  බලපෑ හැක.

නිද්‍රාවට පත් කරන එන්නත්

මෙවැනි එන්නත් සිහි නැති කිරීමට (නිර්වින්දනයට පත් කිරීමට) සමාන වේ.  මෙම නිර්වින්දන එන්නත ලබා දෙන්නේ නිර්වින්දක විශේෂඥයකු යටතේය.  මෙම එන්නත වේදනා සංනිවේදනය මොළයට ගෙන යන ස්නායු හිරි වට්ටවයි.  බොහෝ දුරට, මෙය හොඳ වේදනානාශකයක් ලෙස ක්‍රියා කරයි.  මෙය ලබා දෙන්නේ බොහෝ වේලාවක් ප්‍රසූති වේදනාවෙන් පෙළෙන කාන්තාවන් හෝ ප්‍රසූති වේදනාවෙන් පීඩනයට පත් වූ කාන්තාවන් උදෙසාය.    මුලින්ම ඔබේ අතට යම් දියරයක් විඳීමෙන් පසු ඔබේ නිර්වින්දක වෛද්‍යවරයා ඔබට පැත්තට හැරී නිදා ගැනීමට හෝ ඉඳ ගැනීමට උපදෙස් දෙනු ලැබේ.  ඔබේ පිටුපස පිරිසිදු කිරීමෙන් පසු,  ඔබේ පිටුපසට ඉඳිකටුව ඇතුල් කිරීමෙන් පසු, ගර්භාෂය සහ මොළය හා සම්බන්ධ ස්නායුවට එන්නත විඳිනු ලැබේ.  එය ඔබේ ශරීරය තුළ ක්‍රියාකාරී වීමට විනාඩි 10ක් පමණ කාලයක් ගත වේ. ඉන්පසු ශරීරයේ එම ප්‍රදේශය හිරි වැටේ.  ඔබේ සංකෝචන ක්‍රියාවලිය සහ බබාගේ හෘද ස්පන්දනය නිරතුරුව වෛද්‍යවරයා විසින් පරීක්ෂා කළ යුතු වේ.  ඔබගේ පා පෙදෙස මෙම එන්නතින් පසු පහසුවෙන්  එහා මෙහා  කළ නොහැක.  මේ පිළිබඳව ඔබේ වෛද්‍යවරයාගෙන් එන්නත විඳීමට පෙර දැනගත යුතුය.   ප්‍රසූතියේදී මෙම නිර්වින්දන එන්නත පමණක් ප්‍රමාණවත් නොවේ.  ප්‍රසූත වේදනාව ප්‍රහීණ කිරීම සඳහා,  ඉහත සඳහන් කළ වේදනානාශක ක්‍රම පිලිබඳව ඔබ දැනුවත් වී සිටිය යුතුයි.

ඇතිවිය හැකි අතුරු ඵල (විශේෂයෙන් අනර්ථකාරී) :  ඔබේ දෙපාවල බර ගතියක් දැනේ.  සමහරවිට රුධිර පීඩනය අඩු වීමට ඉඩ ඇත (අයි.වී.එෆ්. – IVF පාලනය නිසා රුධිර පීඩනය අඩුවීම ඉතා දුර්ලභ දෙයකි).

ටෙන්ස් (TENS) විද්‍යුත් ස්නායු උත්තේජන උපකරණය 

 ටෙන්ස් (TENS) යන්නෙහි අදහස වනුයේ “transcutaneous electrical nerve stimulation”.  මෙම උපකරණය සමහර රෝහල්වල තිබිය හැක.  ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව, ඔබට නිවසේදී පාවිච්චි කිරීම සඳහා මෙම උපකරණයක් මිළ දී ගත හැක.  මෙම උපකරණයේ ඇති කුඩා විද්‍යුත් තන්තු ඔබේ පිටුපසට සවිකළ හැක.  ඒවා උත්තේජනය කරනු ලබන්නේ කුඩා බැටරි විශේෂයකිනි.  මේවායේ ක්‍රියාකාරිත්වයෙන් ඔබේ ශරීරය තුල ස්වභාවික වේදනානාශක  තත්වයක් ඇති වේ.  එය හඳුන්වනුයේ “endrophons” (එන්ඩ්‍රොෆොන්ස්) යනුවෙනි.  මෙම උත්තේජනය නිසා ඔබේ පිටුපස සිට වේදනාව අඩු කිරීමේ සංඥා සුෂුම්නාව දිගේ ඔබේ මොළයට ගමන් කරනු ලැබේ.  මෙම වේදනානාශක ක්‍රමය බොහෝ දුරට ඉවහල් වන්නේ, සංකෝචනය පටන්ගත්  මුල් කාලය තුල මිස, ප්‍රසූතියේ අවසාන අදියරේ දී නොවේ.  ඔබ මෙම උපකරණයක් භාවිතා කිරීමට පෙළඹෙයි නම්, ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ වින්නඹු මාතාවගෙන් මෙය ලබා ගත හැක්කේ කුමන ස්ථානයකින්දැ’යි අසා දැන ගන්න.

ඇතිවිය හැකි අතුරු ඵල (විශේෂයෙන් අනර්ථකාරී) :  මෙම ක්‍රමයෙන් වේදනාව සමනය කිරීමෙන් දැනගැනීමට විශේෂ අනර්ථකාරී අතුරුඵල නොමැත.

#duringpregnancy #motherandbaby #mothercare p#regnancy  #pregnancyarticleinsrilanka #pregnancymotherin srilanka #pregnancywomen #sinhalaarticle #sinhalapregnancyarticle

note

The post දරු ප්‍රසුතියේ ඇතිවන වේදනාව අඩු කිරීම appeared first on mummypages.lk-Pregnancy and Parenting.

ගර්භණී අවස්ථාවේ ව්‍යායාම් කිරීම

$
0
0

ගර්භණී අවස්ථාවේදී ශක්තිමත්ව සහ ක්‍රියාශීලීව සිටීම

ගර්භණී අවස්ථාවේ ශක්තිමත්ව සහ ක්‍රියාශීලීව සිටීම නිසා ඔබේ ශරීරයේ සිදුවන වෙනස්වීම සහ ශරීර බර ප්‍රමාණය වැඩිවීම කෙරෙහි පහසුවෙන් සහ හොඳින් අනුවර්තනය විය හැක.  තවද, දරු ප්‍රසුතියට එය ඉවහල් විය හැකි අතර, දරු ප්‍රසුතියෙන් පසුව ශරීරයේ හැඩය පවත්වා ගෙන යාමටත් උදව් වේ.  හොඳ ශරීර හැඩයකින් යුක්ත වීම  නිසා, ගර්භණී අවස්ථාවේ දී ඇතිවන සාමාන්‍ය සෞඛ්‍ය ප්‍රශ්ණ වලට හොඳින් මුහුණ දීමේ හැකියාව  ලැබේ.  ව්‍යායාම වලින් පසුව ඔබට හොඳ රාත්‍රී නින්දක් ද ලබා ගත හැක.

ගර්භණී අවස්ථාවේ දී ශක්තිමත්ව සහ ක්‍රියාශීලීව සිටීම සඳහා උපයෝගී විය හැකි නිර්දේශ කිහිපයක්:

  • දිනපතා කරන ක්‍රියාවන් – ඔබට පහසුවක් දැනෙන හැම දවසකම සාමාන්‍යයෙන් ඔබ කළ වැඩ කටයුතු සහ ව්‍යායාම කිරීම නොකඩවා කළ යුතුයි
  • ව්‍යායාම් කරන අතරතුරදී ඔබ වෙහෙසට පත්වන්න එපා – සිහි නුවණින් ක්‍රියා කරන්න. ඔබට හුස්ම ගැනීමට අපහසු නම් හෝ ඔබට වෙනත් කෙනෙකු සමඟ කතාබහේ යෙදීමට අපහසු නම්, එහි තේරුම ඔබ අධිකව වෙහෙසට පත්ව ඇති බවයි.
  • දිනපතා ක්‍රියාශීලිව හැසිරෙන්න – උදාහරණයක් වශයෙන්, පැය භාගයක් පමණ ඇවිදීමෙන් ඔබට වෙනසක් ඇති කරගත හැකිය. ඔබේ සහකරු සමඟ ඇවිදින්නට යාමෙන් ඔබට ඔබ වෙනුවෙන් ඉතා හොඳ කාලයක් මිඩංගු කළ හැකියි.
  • අළුත් යමක් හදිසියෙන් පටන් ගත යුතු නොවේ – ඔබ ගර්භණී තත්ත්වයට පත් වීමට පෙර ඉතා ක්‍රියාශීලී කාන්තාවක් නොවේ නම්, අලුත් ශාරීරික ක්‍රියාකාරකමක් හදිසියේ පටන් නොගත යුතුය. ගර්භණී අවස්ථාවේ පළමු වතාවට ඔබ ව්‍යායාම් කිරීමට පටන් ගන්නේ නම්, මුලින්ම ඉතා මෘදු  ව්‍යායාම් කිරීමට පටන් ගන්න.  ක්‍රමයෙන් ව්‍යායාම් කිරීම වැඩි කළ යුත්තේ පහසු  කාල පරාසයක් අතරතුරදීයි.
  • ව්‍යායාම් කිරීම නිතරම අඩු වැඩි කරන්න (ශරීරය උණුසුම් කිරීම සහ නැවත සිසිල් කිරීම – යථා තත්ත්වයට පත් කිරීම) – ව්‍යායාම් කිරීමට ප්‍රථම මෘදු දිගැදීම් කිරීමෙන් මෙය පාලනය කළ හැක.
  • පිහිනීම – ඔබ විනෝදයට පත් කිරීමටත්, ඔබේ වැඩි වූ ශරීර බර ප්‍රමාණය දරා ගැනීමටත්, ඔබේ ශරීර අවයවවල සංදිවල පීඩනය අඩු කිරීමටත්, ව්‍යායාමයක් වශයෙන් පිහිනීම උපකාරී වේ.
  • විනෝද වන්න – ඔබේ පවුලේ සාමාජිකයන් සහ යහළුවන් සමඟින් කළ හැකි නොයෙකුත් විනෝදජනක ක්‍රියාකාරකම් සොයා ගන්න.  (උදාහරණයක් වශයෙන් උද්‍යානයක හෝ මුහුදු වෙරළේ හවස් යාමයේ ඇවිදීමට යන්න)

ඔබ අමතර බරක් දරා සිටින නිසා, ඔබේ අස්ථි සහ අස්ථිබන්ධයන් ලිහිල්ව පවතින හෙයින්, ඔබට යම් හිංසාවක් වීමට ඉඩකඩ වැඩිබව මතකයේ තබා ගත යුතු කරුණකි.  සෑමවිටම ප්‍රවේශම් සහිත වේග සීමාවක් ඔබ ඇවිදීමේදී තබා ගත යුතුය.  ඇවිදීම සඳහා ඉතා හොඳ තත්ත්වයේ පාවහන් යුගලක් මිළදී ගැනීම සුදුසුය.

ගර්භණී අවස්ථාවේදී නොකළ යුතු ව්‍යායාම් :

  • පහසුවෙන් බිමට ඇදවැටීමට ඉඩකඩ ඇති ව්‍යායාම් මඟ හරින්න (බයිසිකල් පැදීම වැනි)
  • බර ඉසිලීමේ ව්‍යායාම් මඟ හරින්න – පරිපූර්ණ අත්දැකීම් ඇති පුහුණුකරුවෙක් සිටීනම්, ඔහු/ඇය ඔබ ගර්භණී බව දනී නම්, ඔබට සුදුදු බර ඉසිලීමේ ව්‍යායාම් අනුමත කරනු ඇත.
  • සබඳතා ඇති ක්‍රීඩා වලින් වළකින්න – ඔබට පහරක් වැදීමට ඉඩකඩ ඇති ක්‍රීඩා, ජුඩෝ, කරාටේ වැනි ක්‍රීඩා වලින් වළකින්න.
  • (මුහුදු සීමාවේ සිට අඩි 2,500 වැනි) උස් ස්ථානවල සහ ගැඹුරු ජලයේ සිට කරන ව්‍යායාම් වලින් වළකින්න (scuba-diving – ස්කුබා යොදාගෙන දිය යට පිහිනීම)
  • උඩබැලි අතට නිදාගෙන බොහෝ වෙලාවක් ගත කරන්න එපා – විශේෂයෙන් සති 16න් පසු මෙසේ සිටීම,  ඔබේ රුධිර පද්ධතියට අනිසි අයුරින් බල පෑ හැකිය.
  • උෂ්ණාධික කාලයකදී දැඩි ව්‍යායාම් වලින් ඉවත් වන්න.
  • ව්‍යායාම් කරන අවස්ථාවේදී සහ ඊටපසු, ඔබේ ශරීරය විජලනය වීමට ඉඩ හරින්න එපා – සෑමවිටම ඔබ අසල පිරිසිදු සහ නැවුම් ජල බඳුනක් තබාගන්න.

ගර්භණී අවස්ථාවේදී කිරීමට සුදුසු විශේෂ ව්‍යායාම් කිහිපයක්:

ඔබේ දිනපතා ක්‍රියාකාරකම් සඳහා පහත සඳහන් ව්‍යායාම් කිරීමෙන්, ඔබේ මාංශ පේශින් සහ අස්ථි බන්ධන ශක්තිමත් වනු  ඇත.  ඔබේ රුධිර පද්ධතියේ රුධිර සංසරණය වැඩිදියුණු වේ. එසේම, ගර්භණී අවස්ථාවේ ඇතිවන පිටේ වේදනාවන් සමනය කරනු ලැබේ.

  • උදරය ශක්තිමත් කිරීමේ ව්‍යායාම්

 ප්‍රයෝජන – පිටේ ඇතිවන වේදනාව සමනය කරන අතර, යටි බඩේ ඇති මාංශ පේශීන් ශක්තිමත් කරයි

  • ශ්‍රෝණිය සහ සම්බන්ධ ව්‍යායාම්:

ප්‍රයෝජන : ඔබේ ශ්‍රෝණිය හා සම්බන්ධ මාංශ පේශීන් දරු ප්‍රසූතිය සඳහා ශක්තිමත් කරන අතර, ගර්භණී කාලයේදී පවතින මානසික පීඩනය සමනය කෙරේ.

#exerciseonpregnancy#pregnancytime #pregnancytips #pregnantmother #pregnancywomen #sinhalaarticle #sinhalaarticleinsrilanka #pregnancymotherinsrilanka #pregnancycare #duringpregnancy #exerciseonpregnancy #pregnancyexercisesinhalaarticleinsrilanka

note

The post ගර්භණී අවස්ථාවේ ව්‍යායාම් කිරීම appeared first on mummypages.lk-Pregnancy and Parenting.

නොමේරූ දරු උපත්

$
0
0

ඔබේ දරු ගැබට සති 37 සම්පූර්ණ වීමට පෙර, ඔබට දරු ප්‍රසූතිය සඳහා සූදානම් වීමට සිදු වේනම්, එය “නොමේරූ දරු ප්‍රසූතියක්” ලෙස හඳුන්වනු ලැබේ.  මෙම අවස්ථාවේදීද, ඔබේ දරු ගැබ  සම්පූර්ණ වීමෙන් දැනෙන ප්‍රසූති වේදනාවේ ලකුණුම දැනගැනීමට ලැබේ.

ඔබ දරුවන් එක්  අයෙකුට වඩා (නිවුන්නු හෝ තුන් නිවුන් දරුවන්) බලාපොරොත්තු වේනම්, ඔබට නොමේරූ දරු උපතක් සිදු වීමට වැඩි ඉඩකඩක් ඇත.  බොහෝ නිවුන් දරුවන් ඉපදෙන්නේ සති 37කින් වුවත්, තුන් නිවුන් දරුවන් සති 33ක් වැනි කාලයකදී බිහි වේ.

ඔබට නොමේරූ දරු උපතක් සිදු වේනම්, බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?

  • ඔබ නොමේරූ දරු ප්‍රසූතියක ඉඟියක් දැනේ නම්, වහාම ඔබේ වෛද්‍යවරයාට හෝ වින්නඹු මාතාවට කතා කරන්න.
  • එවිට ඔබේ වෛද්‍යවරයා, ඔබට දරු ගැබේ සංකෝචන ක්‍රියාවලිය තාවකාලිකව නැවැත්වීම සඳහා ඖෂධයක් ලබා දී, ස්ටේරොයිඩ් (steroid) එන්නතක් දෙනු ලැබේ. එය ලබා දෙන්නේ ඔබේ නොමේරූ දරු උපතේදී සිදුවිය හැකි අවදානම (ආශ්වාස ප්‍රශ්වාස ප්‍රශ්න හෝ රුධිරය වහනය වීම වැනි) අඩු කිරීම සඳහායි.  ස්ටේරොයිඩ් එන්නත ශරීරය තුළ ක්‍රියාත්මක වීමට පැය 24ක කාලයක් ගතවේ.
  • ඔබේ දරුවා නිසි කාලය සම්පූර්ණ වීම පෙර ඉපදෙන ලකුණු තිබේ නම්, ඔබ ඇතුලත් විය යුත්තේ නොමේරූ දරු උපත් සඳහා අවශ්‍ය පහසුකම් ඇති ආරෝග්‍යශාලාවකටයි (එනම් නවජ හෙවත් අලුත උපන් ඒකකයකටයි – Neonatal Unit).  ඔබ තෝරාගත්  ආරෝග්‍ය ශාලාවේ එම පහසුකම් නැතිනම්, දරු උපතට පෙර හෝ උපත සිදු වූ වහාම ඔබව, එවැනි පහසුකම් සහිත ආරෝග්‍ය ශාලාවක් වෙත යවනු ලැබේ.

    KEYWORDS :
    #pregnancytime #pregnancyarticleinsrilanka #pregnancypain #duringpregnancy #pregnancycare #sinhala articleinsrilankanote

The post නොමේරූ දරු උපත් appeared first on mummypages.lk-Pregnancy and Parenting.

දරු ප්‍රසුතිය සඳහා ලැහැස්ති වීම

$
0
0

දරු ප්‍රසූතිය සඳහා නියමිත දිනයට සති දෙකකට පෙර අවශ්‍ය දේවල් ලැහැස්ති කර තබා ගන්නේ නම්, ඔබට නිදහසේ ප්‍රසූතිය සඳහා ලැහැස්ති වී සිටිය හැක. ඔබ යාමට සිටින රෝහල හෝ උපත් මධ්‍යස්ථානයෙන් අවශ්‍ය ද්‍රව්‍යවල ලැයිස්තුවක් ලබා ගැනීමට හැකි වේ.

පහත සඳහන් දේ කලින් පිළියෙළ කර ගන්න:

දරු ප්‍රසූතිය අවස්ථාවේ සැරසී සිටීමට තුනී කපු රෙද්දෙන් මැසූ සැහැල්ලු ඇඳුමක් පිළියෙළ කරගන්නදරු ප්‍රසූති කාලය පුරා ඇඳීමට මෙවැනි ඇඳුම් 3 – 4ක් වත් පිළියෙළ කර ගැනීම ඉතා ප්‍රයෝජනවත් වේ.  ලා පාට ඇඳුම් ඇඳීමෙන්, ඔබට යම් රුධිර වහනයවීමක් සිදු වුවහොත්, ඔබේ වෛද්‍යවරයාට හෝ වින්නඹු මාතාවට එය දැක ගැනීමට පහසු වේ.

ඔබේ බබාට මව්කිරි දීම සඳහා ඒ සඳහා විශේෂයෙන් පිළියෙළ කර ඇති බ්‍රේසියර කීපයක් සනීපාරක්ෂක තුවා පැකට් දෙකක් පමණ හොඳින් තෙත් ගතිය උරා ගන්නා වර්ගයකින්  දරු ප්‍රසූතියෙන් පසු ටික දවසක් යනතෙක් ඔබට රුධිරය වාහනයක් වීමක් පවතින බැවින් මෙය ඔබට බොහෝ සේ ප්‍රයෝජනවත් වේ.ඔබට අවශ්‍ය මූලික සනීපාරක්ෂක ද්‍රව්‍ය (දත් බුරුසුව, දන්තාලේපයක්, සබන්, ආදී දේ) ඔබට පාවිච්චි කිරීමට පිරිසිදු තුවා දෙකක් රෝහලේ සිටියදී කාලය ගෙවීම සඳහා කියවීමට පොත් කීපයක්, සඟරාවක් හෝ ප්‍රවෘත්ති පත්‍ර කීපයක් ඔබට සිසිල්ව/නැවුම්ව සිටීම සඳහා ඔබේ මුහුණ නිතර පිස දැමීමට ස්පොන්ජ් එකක් හෝ මුහුණ පිස දැමීමට තුවායක්

ලා පාට කපු රෙද්දෙන් මැසූ, ඇඳේ සිටින විට සැරසී සිටීම සඳහා හැට්ට (bed jackets)  කීපයක් සහ ලා පාට පහසුවෙන් ඇඳිය හැකි  සාය / රෙද්දක් ඔබේ ඉණ වටා එතීමට: ඔබේ බබාට මව්කිරි දීමේදී ඔබට මෙයින් සැරසී සිටිය හැක සෙරෙප්පු පිරිසිදු රබර් සෙරෙප්පු පළඳා රෝහලේ නාන කාමර / වැසිකිළි ආදියට යන්න කපු පිළියෙන් නිමැ වූ යට කලිසම් සෑහෙන පමණ ලා පාටැ’ති යට ඇඳුම් පාවිච්චි කරන්න. එවිට යම් රුධිර වාහනයක් සිදු වුවහොත්, එය එකවර දැකගත හැකිය. සිනිඳු කපු බැනියම් කීපයක්, උණුසුම් ළමා තොප්පියක් සහ කපු රෙද්දෙන් පිළියෙළ කළ කුඩා තුවා සෑහෙන පමණ (ඔබේ අලුත් උපන් බිළිඳාට) උණුසුම් බ්ලැන්කට්ටුවක් සහ කුඩා බිළිඳු කොට්ට කීපයක් අමතර පිඟානක්,කෝප්පයක්,හැන්දක්, උණුවතුර බෝතලයක්, ලොකු වතුර බෝතලයක් සහ උසස් පෝෂණයෙන් යුක්ත  ශක්ති සම්පන්න ආහාරයක් ඔබේ වෛද්‍ය වාර්ථා සහිත ෆයිල් කවරය

ප්‍රවාහනය

ඔබ රෝහලට හෝ උපත් මධ්‍යස්ථානයට යාම සඳහා වාහනයක් කලින්ම ලැහැස්ති කර තබාගන්න.  ඔබට පුද්ගලික වාහනයක් නොමැති නම්, කුලී රථයක් හෝ රෝහලේ / උපත් මධ්‍යස්ථානයේ ඇති ගිලන් රථයක් ලැහැස්ති කර තබාගන්න.

ඔබ නිවසේදී දරු ප්‍රසූතියට ලැහැස්ති වේනම්, ඔබේ වින්නඹු මාතාව සමඟ සාකච්ඡා කර, ඉහත සඳහන් ද්‍රව්‍ය වලට අමතරව අවශ්‍ය දෑ පිළියෙළ කරගන්න.

නිවසේ දරු ප්‍රසූතිය සිදුවීම

ඔබ නිවසේදීම දරු ප්‍රසූතිය සඳහා ලැහැස්ති වේ නම්, ඔබේ සැලසුම් පිලිබඳ වින්නඹු මාතාව සමඟ සාකච්ඡා කරන්න.  ඔබේ නිවසේ දරු ප්‍රසූතිය සඳහා සුදුසු ස්ථානය පිලිබඳ සිතන්න.  ඉහත සඳහන් ද්‍රව්‍යවලට අමතරව, පිරිසිදු රෙදි සහ තුවා බොහෝ ප්‍රමාණයක් ඔබට දරු ප්‍රසූතිය අවස්ථාවේ අවශ්‍ය වනු ඇත.  තවද, උණු වතුර, බේසම් දෙකක් සහ පෙකණිවැල කැපීම සඳහා පිරිසිදු කතුරක් ද අවශ්‍ය වනු ඇත.

අත්‍යවශ්‍ය දුරකථන අංකවල ලැයිස්තුවක් සාදා, එය නිවසේ හැමෝටම දැකගත හැකි ස්ථානයක තබන්න.  මෙම දුරකථන අංක  සෑමවිටම ඔබ එළියට යනවිටත්, ඔබේ මුදල් පසුම්බියේ තබාගන්න.  එසේම, ඔබේ ජංගම දුරකථනයේද, මෙම අංක තැන්පත් කර තබාගන්න.

අවශ්‍ය දුරකථන අංක :

  • ඔබේ රෝහලේ/උපත් මධ්‍යස්‌ථානයේ අංක සහ ඔබේ වෛද්‍යවරයාගේ සහ වින්නඹු මාතාවගේ නම්    
  • ඔබේ මහත්මයාගේ/සහකරුගේ දුරකථන අංකය
  • හදිසි අවස්ථාවකදී කතා කළ හැකි ලඟම යහළුවෙකුගේ/ඥාතියෙකුගේ අංක
  • ඔබේ සහකරුගේ හෝ දරු ප්‍රසූතියේදී ඔබ ළඟ සිටීමට කතිකා කරගත් සහකරුගේ අංකය

ඔබේ නිවස දරු ප්‍රසූතිය සඳහා පිළියෙළ කර ගන්නා අයුරු

ඔබේ බිළිඳා ඉපදුන අලුත, නිවසේ වැඩ කටයුතු කිරීමට ඔබට එතරම් ශක්තියක්   නොමැත.  එමනිසා, දරු ප්‍රසූතියට පෙර, නිවස පිරිසිදු කර, ඔබේ බබා සඳහා කාමරයක් පිළියෙළ කරගන්න.  මේ සඳහා ඔබේ සහකරු හෝ පවුලේ සාමාජිකයෙකුගේ උදව් ලබා ගත හැක.  ඔබට සහ බබාට මුල් සතිය තුළ දී අවශ්‍ය සියළු දේ මිළ දී ගන්න.  බබාට අවශ්‍ය නැප්කින් සෑහෙන පමණ ලැහැස්ති කර තබාගන්න

#pregnancypack #pragnancywomen #pregnancymother #pregnancytime #sinhalaarticle #sinhalaarticleinsrilanka #pregnantwomen #pregnantmother #pregnancy women #pregnancytips #pregnancytime #pregnancypain #pregnancymotherinsrilanka #pregnancymother

note

The post දරු ප්‍රසුතිය සඳහා ලැහැස්ති වීම appeared first on mummypages.lk-Pregnancy and Parenting.


ප්‍රසුතියේ නිලාරම්භය

$
0
0

ප්‍රසූතියේ නිලාරම්භය (induction of labour) ඇති කිරීම : එය අවශ්‍ය වන්නේ කුමන වෙලාවටද?

ප්‍රසූතිය සිදුකිරීමට සංකෝචන ක්‍රියාවලිය කෘතිම ලෙස ඇති කිරීම “ප්‍රසූතියේ නිලාරම්භය” යනුවෙන් හැඳින්වේ.  පහත සඳහන් අවස්ථාවලදී, ඔබට කෘතිම ලෙස ප්‍රසූති ක්‍රියාවලිය ඇති කරවනු ලැබේ.

ඔබේ බබා නියමිත දින ගණන් පසු වී, තවමත් ඔබට ප්‍රසව වේදනාව ඇති වී නැත්නම් : ඔබේ ගර්භනී අවස්ථාවේ  සති 40ක් පසු වී ඇතත්, තවමත් ඔබට  ප්‍රසව වේදනාව ඇති වී නැත්නම් (මේ පිළිබඳව අපේ කල් ඉකුත් වූ දරු උපත් ලින්ක් එක කියවන්න http://bit.ly/2s7tP69Overdue Births)

 ඔබට හෝ ඔබේ බබාට යම්කිසි රෝගී භාවයක් ඇත්නම්:  ඔබට වැඩි රුධිර පීඩනය හෝ දියවැඩියාව වැනි රෝගයක් ඇත්නම්, ඔබට කෘතිම ප්‍රසව වේදනාව ඇති කරනු ලැබේ.  ඔබේ බබාට එය බලපාන්නේ කෙසේදැ’යි ඔබේ වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව ඔබව දැනුවත් කරනු ලබයි.

 ඔබට ප්‍රසව වේදනාව ඇති වීමට පෙර, ඔබේ  ගර්භයේ වතුර බෑගය (water bag) පුපුරා ඇත්නම්: ඔබට හෝ ඔබේ බබාට ආසාදනයක් ඇති වීමේ ඉඩකඩ ඇත්නම් (මේ පිළිබඳව වැඩි විස්තර අපේ ප්‍රසව වේදනා ලක්ෂණ ලින්ක් එකට ගොස් දැනගත හැකිය http://bit.ly/2QDHlbq), විශේෂයෙන් බබා පැය 24ක් ඇතුළත බිහි නොවුයේ නම්.

ගර්භනී භාවයට පත් වී සති 37කට පෙර ඔබේ ගර්භයේ වතුර බෑගය පිපිරී නම්, ඔබට කෘතීම ප්‍රසව වේදනාව ඇති කිරීමට හෝ ශල්‍යකර්මයක් මඟින් බබාව බිහි කරවීමට කටයුතු කරනු ලැබේ.  සති 37කට පෙර හෝ ඊට පසු වතුර බෑගය පිපිරී යා නම්, කෘතිම ප්‍රසව වේදනාව ඇති කළ යුතුද, නැතහොත්, සාමාන්‍ය අයුරින් බබා බිහි කළ යුතුද යන්න ඔබට තීරණය කළ හැක; නමුත්, මේ කාලය තුළ ඔබේ බබාගේ තත්ත්වය වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව නිරතුරුව පරීක්ෂා කරනු ලැබේ.  ඔබේ තත්ත්වය සතුටුදායක නම්, ස්වභාවික ක්‍රමයට බබාව බිහි කිරීමට කටයුතු කරනු ලැබේ.

ඔබේ බබා සාමාන් අයුරින් වැඩෙන්නේ නැතිනම් එවැනි අවස්ථාවලදී, ඔබේ බබාව ප්‍රසූති කරවීම කළින් සිදුකර, බබා නියමිත නවජ ඒකකයේ තැබීම සුදුසු බව ඔබේ වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව තීරණය කරනු ලබයි.

කෘතිම ප්‍රසව වේදනාව ඇති කරවීමෙන් සිදුවන අතුරු ඵලවල හොඳ නරක පිළිබඳව ඔබේ වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව සමඟ සාකච්චා කිරීමෙන් ඔබ එම ක්‍රමය අනුගමනය කරනවාද, නැද්ද යන්න කලින් තීරණයකට එළඹෙන්නට හැකියාව ඇත.

මෙම්බ්‍ර්නේ ස්වීප් (අතිධ්වනීය පරීක්ෂාව)

 ඔබට කෘතිම ප්‍රසව ඇති කරවීමට පෙර,  මෙම්බ්‍රෙන් ස්වීප් නමැති අතිධ්වනීය පරීක්ෂාවකට ඔබව ලක් කරනු ලැබේ.  මේ අවස්ථාවේදී, ඔබේ වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව ඔබේ යෝනි මාර්ගයෙන් ඇතුළට අත දමා, ඔබේ ගැබ්ගෙල මෘදුව පිරිමදිනු ලැබේ. ඔබේ ගැබ්ගෙල සහ ඔබේ බබා වැඩෙන මඬිය නොහොත් කෝෂය සියුම් සිවියකින් වෙන්වී ඇත. මේ ක්‍රියාවලියේදී ප්‍රොස්ටග්ලැන්ඩින්ස් (Prostaglandins) නමැති හෝර්මෝනය මුදා හරිනු ලැබේ.  මෙම ක්‍රමයෙන් පැය 24ක් ඇතුළත ප්‍රසව වේදනාව ඇති වේ.  සමහර අවස්ථාවලදී, මෙම ක්‍රියාවලිය දෙවරක් කළ යුතු වේ.

මෙම්බ්‍රෙන් ස්වීප් නැමැති මෙම ක්‍රියාවලිය එතරම් වේදනාකාරී නොවූවත්, මෙමඟින් ඔබට අපහසුතාවයක් දැනෙන අතර, එයට පසු ඉතා සුළු රුධිර වහනය වීමක් වන බැව් ඔබට දැනේ   ඔබ විසින් මෙම ක්‍රියාවලිය කිරීමට උත්සහ නොකළ යුත්තේ, එමඟින් ඔබට සහ බබාට වේදනාවක් ඇති විය හැකි බැවිනි.

ප්‍රසව වේදනාව ඇති කරවන්නේ කෙසේද?

සාමාන්‍යයෙන් මෙම ක්‍රියාවලිය ඇති කරවීම රෝහලේ මාතෘ ඒකකයේ ඖෂධ ක්‍රියාවලියක් මගින් කරනු ලැබේ.  ගර්භයේ සංකෝචනය ඇති කරවීම පිණිස විවිධ ක්‍රම අනුගමනය කරනු ලැබේ.

යෝනි මාර්ගය තුළට ජෙලි වැනි ද්‍රවයක්/පෙත්තක් වැනි ද්‍රව්‍යයක් ඇතුළත් කරනු ලැබේ:  ගැබ් ගෙල මෙම ජෙලි හෝ ඖෂධ පෙත්ත මාර්ගයෙන් තුනී කරනු ලැබේ.  එය ඇතුළත් කර පැය 6ක් ඇතුළත ඔබට ප්‍රසව වේදනාව පටන් නොගතහොත්, ඔබට දෙවෙනි වරටත් එම ද්‍රව්‍ය ඇතුළත් කරනු ලැබේ.

යෝනි මාර්ගයට කුඩා ඖෂධ පෙසරියක් (pessary) ඇතුළත් කරනු ලැබේ.  එය ඇතුළත් කර පැය 24ක් ඇතුළත ප්‍රසව වේදනාව ඇති නොවුනහොත්, නැවතත් එම ක්‍රියාවලිය කරනු ලැබේ.

ප්‍රසව වේදනාව ඇති කරවීමට, ඔබට හොර්මෝන් ශ්‍රාවයක් එන්නත් කරනු ලැබේ.  සමහර විට, මෙමඟින් පැය 24 – 48ක් ඇතුළත ඔබට ප්‍රසව වේදනාව ඇති වේ.

කෘතිම ප්‍රසව වේදනාව ඇති කරවීම සෑමවිටම සාර්ථක නොවේ.  එවැනි අවස්ථාවලදී, ඔබේ තත්ත්වය අනුව,  ශල්‍යකර්මයකින් බබා බිහි කරවීමට කටයුතු කරනු ලැබේ.

කෘතිම ප්‍රසව වේදනාව ඇති කරවීමේදීඇතිවිය හැකි අතුරු ඵල

 ඔබේ වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව කෘතිම ප්‍රසව වේදනාව ඇති කරවීම්දී ඔබට ඇතිවන අතුරු ඵලයන්හි ඇති හොඳ නරක අවබෝධ කරදෙනු ලැබේ.  සාමාන්‍යයෙන් ඇතිවන පහත සඳහන් අතුරු ඵල ඔබ දැනගත යුතු වේ.

සාමාන්‍යයෙන්, නිරායාසයෙන් ඇතිවන ප්‍රසව වේදනාවට වඩා, කෘතිම ලෙස ඇති කරනු ලබන ප්‍රසවවේදනාව ඉතා  වේදනාකාරී විය හැක.  ඔබේ අපහසුතාවය යම් වේදනා නාශක ක්‍රමයක් භාවිතා කිරීමෙන් අඩු කරගත හැක.  වේදනානාශක ක්‍රම පිලිබඳ ලින්ක් එකෙන් මේ පිළිබඳව වැඩි විස්තර දැනගත හැක.

කෘතීම ප්‍රසව වේදනාව ඇති කරවීමෙන්,  බොහෝ කාන්තාවන්ට බබා බිහි කිරීමට උපකරණ (forceps) භාවිතා කිරීමට හෝ රික්ත ශෝධක (vacuum suction) ක්‍රමය භාවිතා කළ යුතු වේ.

සමහර අවස්ථාවලදී කෘතිම ප්‍රසව වේදනාව ඇති කරවන කාන්තාවන්ට ශල්‍යකර්මයක් මඟින් බබාව බිහිකරවීමට සිදු වේ.

KEYWORDS :  

 #sinhalaarticleinsrilanka #sinhalaarticle #pregnantwomen #pregnantmother #pregnancywomen #pregnancytips# pregnancytime #pregnancypain #pregnancymotherinsrilanka #pregnancymother

note

The post ප්‍රසුතියේ නිලාරම්භය appeared first on mummypages.lk-Pregnancy and Parenting.

පශ්චාත් ප්‍රසව ආතති තත්ත්වයක ඇති වීමට පසුබිම් විය හැක කරුණු.

$
0
0

■ මව්පිය පරපුරෙන් පැවත එන ආතතිය සඳහා වන ජානමය සාධකවල බලපෑම.
■ ප්‍රසවයට පසු හදිසියේ ඇතිවන හෝමෝන වෙනස.
■ ගර්භණී කාලය තුළ හා ඉන් පසුව ඇතිවන පෝෂණ ඌණතා හා නින්දෙහි ඇතිවන වෙනස්කම්.
■ ගර්භණී කාලයේදී ඇතිවන නොයෙකුත් ශාරීරික පීඩා හා ප්‍රසවයේදී ඇතිවන දුෂ්කරතා.
■ ගර්භණීභාවයට පෙර පූර්ව ඔසප ආතති ඉතිහාසයක් සහිත ස්ත්‍රියක්වීම.
■ වෙනත් මානසික රෝගවලින් පෙළෙන ස්ත්‍රියක් වීම.
■ දීර්ඝ කාලීන මද සරුභාවයෙන පෙළෙන ස්ත්‍රියක් වීම හා ගර්භණීභාවය සඳහා කෘතිම සංසේචන ක්‍රම භාවිත කිරීම.
■  ප්‍රසවය ආසන්න කාලයේදී ඉතා තදබල ලෙස දුකට පත්වූ ස්ත්‍රියක වීම. උදා:- සමීපතමයෙකුගේ මරණයක් හෝ ගබ්සාවීමක්.
■  පවුලේ සහයෝගය නොලැබෙන ගර්භණී හෝ පසු ප්‍රසව මවක් වීම.
■ සිය ස්වාමියාගේ සහයෝගය නොලැබීම හෝ ස්වාමියා ඇයගෙන්දු රස්ථ ප්‍රදේශයක රැකියාවක නිරත වීම, නිතර නිවසේ නොරැඳීම වැන කරුණු.
■ ඉතා තරුණ හෝ ඉතා වයස්ගත මවක් වීම.
■ ආර්ථික හා සමාජීය ගැටලු

#sinhalaarticle #sinhalaarticleinsrilanka #duringpregnancy #pregnancycare #pregnancymotherinsrilanka #pregnant women

note

The post පශ්චාත් ප්‍රසව ආතති තත්ත්වයක ඇති වීමට පසුබිම් විය හැක කරුණු. appeared first on mummypages.lk-Pregnancy and Parenting.

ගර්භණි අවධියේ පැපොල රෝගය අවදානම්ද?

$
0
0

mummypages.lk-Tiki-banner

පැපොල රෝගය

පැපොල රෝගය යනු වෛරසයක් නිසා ඇතිවන රෝග තත්වයකි. මෙය VARICELLA  ZOSTER VIRUS නමින් හඳුන්වනු ලබයි. ගර්භණි සමයේ පැපෝල රෝගය ඇතිවීම මවට මෙන්ම දරුවාටද අහිතකරයි. පැපෝල රෝගය එක්වරක් සැදුනහොත් නැවත වරක් නොසැඳේ, මෙයට හේතුව මෙම රෝගය සැදීමෙන් ශරීරය තුළ ප්‍රතිශක්තිකරණයක් ඇති කිරීමයි. මෙම රෝගයේ මුලික රෝග ලක්‍ෂණය නම් ශරීරය පුරා බිබිලි මතුවීමයි මෙයට නිසි ප්‍රතිකාර ලබාදීමෙන් බිබිලි කැඩී කුඩා තුවාල බවට පත්වේ. ගර්භණි කාන්තාවකට පැපොල රෝගය සැදී නිසි ප්‍රතිකාරයක් ලබා නොගත්තේ නම් නියුමෝනියා තත්වයකටද මුහුණ දිමට සිදුවේ. එබැවින් එක්වරක්වත් ඔබට පැපොල රෝගය වැළදි නොමැති නම් ඔබ ගර්භණි අවධියේ සිටින කාන්තාවක් නම් අවධානයෙන් සිටීම වැදගත්ය. එලෙසම ඔබ ගර්භණී මාතාවක්නම්, පැපොළ රෝගය වැළඳුන කෙනෙකු සමඟ කතාබහ කිරීම , ඔවුන් සමඟ සමීපයෙන් ආශ්‍රය කිරීමෙන් වළකින්න. මෙමගින් ඔබ මෙන්ම ඔබගේ ගැබ තුළ වැඩෙන දරුවාද ආරක්‍ෂිත වනු ඇත. ඔබට යම් හෙයකින් මෙලෙස පැපොල රෝගියකුට නිරාවරණය වීමට සිදුවුවහොත් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමු වී නිසි ප්‍රතිකාර ගෙන ඇතිවිය හැකි සංකුලතා අවම කර ගන්න.

KEYWORDS:
#chickenpoxinpregnancytime #pregnentmother #pregnancycare #sinhalaarticle #papolarogaya #pragnancyarticle

note

The post ගර්භණි අවධියේ පැපොල රෝගය අවදානම්ද? appeared first on mummypages.lk-Pregnancy and Parenting.

දරු උපත ආසන්නයේදී දරුවාගේ පිහිටීම දැනගමුද ?

$
0
0

mummypages.lk-digital-magazine-march-edition

mummypages.lk-Tiki-banner

ගර්භනී සමයේදී ඔබේ ගර්භාෂය තුලදී දරුවා කැරකෙමින් ඔහුගේ පිහිටීම වෙනස් කරයි.කෙසේ වෙතත් දරු ප්රසුතිය ආසන්න වීමේදී බොහෝ දරුවන් සාමාන්යයෙන් හිස පහලට සිටින ස්ථාපිතයේ පිහිටයි.මෙය උපත ලබා දීමේදී පහසුවක් සලසනු ලැබේ.කෙසේ වෙතත් මෙය සෑම අවස්ථාවකදීම සිදු නොවේ

පහත දැක්වෙන්නේ දරුඋපත ආසන්නයේදී දරුවා සිටින ස්ථාපිත කිහිපයකි.

සාමාන් (හිස ප්රමුක වේ )

තට්ටමෙන් පිහිටීම.(පාද ප්රමුඛවේ )

හරස් අතට පිහිටීම.(දරුවා හරස් අතට සිටි.)

තට්ටම ප්රමුඛව සිටින දරුවන් 

ගර්භනී සමයේ අවසන් අදියර වනවිට දරුවා සිටින්නේ පාද ප්‍රමුඛ වන සේ තම ඇග පහලට සිටිනසේනම් එය තට්ටමින් පිහිටන (breech position)ලෙස කියයි.සාමාන්‍යයෙන් මෙම ඉරියවුවෙන් පිහිටන දරුවන්ගේ ප්‍රසවය රෝහලක් තුල සිදු කිරීම යෝග්‍ය වන්නේ කුමක් හෝ සංකුලතාවයක් ඇති වුවහොත් ඒ සදහා පිළියම් ලබා ගැනීමටයි.සමහර අවස්ථා වල වෛද්‍යවරුන් දරුවාගේ හිස ප්‍රමුකව පිහිටනලෙස හැරවීමට (External cephalic version-ECV)

පිටතින් ඔබේ උදරයට පිඩනයක් ලබා දෙමින් සිදු කිරීමට උත්සහ කරයි.මෙය මදක් අපහසුතාවයක් ඇති වුවත් මෙම ක්‍රියාව මගින් තට්ටම් ඉරියවුවෙන් සිටින දරුවන් හිස ප්‍රමුක පිහිටීමට පත් කිරීමේ හැකියාව ඇත.මෙම ක්‍රියාවලියට 50%දරුවන් සර්ථකව ප්‍රතිචාර දක්වයි.මෙමගින් ඔබට සාමාන්‍ය දරු ප්‍රසුතියක් කිරීමේ හැකියාව ලබාදේ.මෙය සාර්ථක නොවුන හොත් වෛද්‍යවරයා විසින් Vayinal breech birth හෝ සිසේරියන් සැත්කම වෙත ඔබව යොමුකරනු ඇත.Vayinal breech birth සිදුකිරීම,මවටත් දරුවාටත් ආරක්ෂාවක් ඇත.හරස් අතට පිහිටන දරුවන් (Transverse Babies)

ගර්භනී සමය අවසාන අවස්ථාවේදීත් ගර්භාෂය තුල දරුවා සිටින්නේ හරස් අතට වේ.මෙහිදී තට්ටමින් සිටින දරුවන් සේම මොවුන්වත් සාමන් පිහිටීමට ගෙන ඒමේ හැකියාවක් ඇත.නමුත් මෙම පිහිටීමෙන් සිටියදී සාමන් දරු ප්රසුතියක් සිදුකල නොහැක.ප්රසුතියේදී දරුවා සිටින්නේ තිරස් අතටනම් ඔබ සිසේරියන් සැත්කමක් සිදුකිරීමෙන් දරු උපත සිදු කල යුතුවේ.”

note

KEY WORDS
#refugeestopprioritycrossposition #crossedbychild #Knowthechildspositionnearthebirth #Normalheadisthehead

 

The post දරු උපත ආසන්නයේදී දරුවාගේ පිහිටීම දැනගමුද ? appeared first on mummypages.lk-Pregnancy and Parenting.

අවුරුදු 13 සිට 19 වයස් කාණ්ඩයේ ළමයින් ගර්භනීභාවයට පත්වීම

$
0
0

mummypages.lk-digital-magazine-march-edition

හිතන්න, ඔබේ වයස අවුරුදු 13ත් 19ත් අතර කාලයේ ඔබ ගැබිනියක් වෙනවා කියලා! කොහොමද ඔයා  ඉස්කෝලේ යන්නේ? කොහොමද ඔයා  යාළුවන්ට හා ගුරුවරුන්ට මුහුණ දෙන්නේ?  කොහොමද ඔයා, එය ඔයාගේ දෙමවුපියන්ට කියන්නේ!”  මගේ අම්මා නිතරම කියන කතාවක් තමයි “ඇමෙරිකාවේ ඉන්න අවුරුදු 13ත් 19ත් කාණ්ඩයේ  ගැහැණු ළමයි පමණයි ගැබිණි බවට පත් වෙන්නේ කියලා.  ශ්‍රී ලංකාවේ ගැහැණු ළමයි එහෙම වෙන්නේ නැහැ, එයාලා වැරදි විදියට හැසිරුනේ නැත්නම් ” කියලා.

ඒ කතාව අහල පුරුදුයි නේද ?  අපේ සියලුම පාඨකයින් හිතාගෙන ඉන්නේ ශ්‍රී ලංකාවේ මෙය සිදු නොවේ යයි කියලද?    නම් මෙන්න ඇඟ කිලිපොලා යන සංඛ්‍යා ලේඛන විස්තර:  ශ්‍රී ලංකාවේ අවුරුදු 13 සහ 19 අතර වයස කාණ්ඩයේ ගැහැණු ළමුන්ගෙන් 7% කට වැඩි ප්‍රමාණයක් ගැබිනියන් වී ඇති බව වාර්තා ගත වී ඇත.  එනම් අවුරුදු 20 ට වඩා  අඩු වයසේදී ගැහැණු ළමයින් ගැබිණි බාවයට පත් වී ඇත.

ශ්‍රී ලංකාවේ අවුරුදු 13ත් 19ත් අතර ගැහැණු ළමුන් ගර්භනී භාවයට පත් වෙන්නේ ඇයි?

බොභෝ පවුල් වල ඇති මතු පිටට නොපෙනෙන අස්ථායිතාව සහ දරිද්‍රතාවය ශ්‍රී ලංකාවේ ගැහැණු ළමුන් ඉක්මනින් ගැබිණි භාවයට පත්වීමට මුල් වූ සිද්ධාන්තයකි. තවත් සමහර පොදු ප්‍රශ්න නම් පියා මත්පැන් වලට ඇබ්බැහි වුවෙක් විය හැකි අතර, තවත් සමහරුන්ගේ අම්මලා මුදල් අඟ හිඟකම් නිසා පිටරට ගොස් ඇත. තවද, මුදල් අසීරුතාවයන් නිසා ළමයින් පාසැල් නොයනවා විය හැක.

ඇතැම් ළමුන්ට ලිංගිකත්වය සහ ගැබිණි භාවය පිලිබඳ පැහැදිලි වැටහීමක් නැති කමත් මෙම ඛේදයාචකයට   එක් හේතුවකි. බොහෝ දෙමවුපියන් ලිංගිකත්වය පිලිබඳ හෝ ලිංගික අධ්‍යාපනය පිලිබඳ තරුණ ළමයින් සමග නිදහසේ කතා කිරීමට පසුබට වෙති. එහි ප්‍රතිපලයක් වශයෙන් බොහෝ ගැහැණු ළමයින්ට ලිංගික සම්බන්ධකම් සහ ගැබ් ගැනීමෙන් වැලකීම පිලිබඳ මූලික දැනුමක් නැත.

සදාචාරාත්මක හේතු ද ඉතා විශේෂ තැනක් ගනී. ඇතැම් අම්මලාද පවුල් ප්‍රශ්න නිසා තමන්ගේ තරුණ දූවරුන්ට ඉක්මනින් විවාහ වී දරුවන් හැදීමට උනන්දු කරති.

සමහර තරුණ ගැහැණු දරුවන්, විශේෂයෙන් අවුරුදු 13 සහ 19 අතර කාණ්ඩයේ දූවරුන් තමන්ගේම පවුලේ ළඟම  ඥාතියෙක්ගේ බලපෑම නිසා මෙම ඉරණමට ලක්වන අතර, මෙය සමාජයේ ඇති එක් අඳුරු පැතිකඩකි. ශ්‍රී ලංකාවේ තරුණියන්, බොහෝ විට විවාහ නොවී ගැබිනියන් බවට පත්වන්නේ බලහත් කාරයෙන් සිදුවන දුෂණය සහ තමාගේ ලඟම ඥාතියෙකු සමග අපචාරයෙහි යෙදීම නිසයි.

අපි එය වළක්වන්නේ නැත්තේ ඇයි ?

වයස අවුරුදු 13 සිට 19 දක්වා වැඩිවියට පත් වූ තරුණ ගැහැණු ළමයින් ජීව විද්‍යාත්මකව දරුවන් ලැබීමේ හැකියාවෙන් යුක්ත වුවත්,මානසිකව හා ශාරීරිකව සලකා බැලුවොත්, ඔවුන් දරුවෙකු බිහි කිරීම හෝ දරුවෙකු හදා වඩා ගැනීම සඳහා පරිනත භාවයට පත් වී නොමැත.  තවද, ඔවුන් තවමත් වර්ධනය වෙමින් සිටිති.

මෙම වයසේදී ගැබිණි භාවයට පත් වීම නිසා, මෙම ළමයින්ගේ වැඩිදුර අධ්‍යාපනයට බාධා ඇතිවේ. මෙම තත්වයට පත්වූ බොහෝ ගැහැණු ළමුන් ඔවුන්ගේ අනාගත රැකියාවන් ගැන කරදරයට පත්වේ.

මේ හා සම්බන්ධව නීතිමය පියවරවල් ඇත ශ්‍රී ලංකාවේ  ගබ්සා කිරීමට     නීතියෙන් අවසර නැති හෙයින්, ඔවුන්ගේ පවුල්වල හෝ එම ගැහැණු දරුවන් හෝ අකමැති වුවත්, ඔවුන්ට දරුවා ලැබෙන තෙක් එම කාලය පසු කල යුතුවේ.  ශ්‍රී ලංකාවේ විවාහ වීමේ වයස අවුරුදු 18 වේ.  අවුරුදු 13 සහ 19 අතර ගැහැණු ළමුන් මෙම වයසට වඩා  අඩු වයසේදී ගර්බනී භාවයට පත් වුවොත්, ඔවුන් අවිවාහකව සිටියදීම දරුවන් ලැබිය යුතුයි.  එම අවස්ථා වලදී, දරුවාට පියාගේ නම දී ලියාපදිංචි කළ නොහැකි නිසා මෙය බරපතල ප්‍රශ්නයක් විය හැකිය.

තවද, මෙම තරුණ වයසේ පසුවන ගැහැණු ළමයින් බොහෝ විට රෝගී තත්වයන්ට මුහුණ පාන  අතර මානසික ගැටළු වලටද මුහුණ පායි. එයට හේතුව, මවක් වීම සම්බන්ධයෙන් මානසික පීඩනයකට සහ චිත්තවේගී බලපෑමකට මුහුණ දීමට සිදුවන නිසයි.

 බාල වයස්කාර දැරියන් ගැබිනියන් බවට පත්වීමෙන් වලකමු

පවුල් සංස්ථාව තුල ස්ථිර සහ ආරක්‍ෂිත පරිසරයක්  ගොඩ නැංවීම අත්‍යවශ්‍යම කරුණයි. මේ සම්බන්ධයෙන් දෙමාපියන්ට ඇත්තේ ඉතා විශාල කාර්ය භාරයකි.  අවුරුදු 13 සිට 19 දක්වා වයසැති දරුවන් තවමත් ආදරය සහ පිළිසරණ අවශ්‍ය ළමයින් බවත්, ඔවුන්ට මුහුකුරා  ගිය වැඩිහිටියන් බවට පත් වීමට තව කාලයක් අවශ්‍ය බවත්  දෙමාපියන් තරයේ සිතට ගත යුතුයි.  දෙමාපියන් සහ ගුරුවරුන් බාල වයස්කාර දරුවන්ගේ ලිංගිකත්වය සම්බන්දයෙන්   විවෘත සංවාද ආරම්භ කල යුතුයි.  පමණක් බාල වයස්කාර දැරියන් ගර්භණී බවට පත්වීමෙන්  වැළැක්විය නොහැකි නමුත්, මෙමගින් මෙම  උවදුර  යම් ප්‍රමාණයකට පැතිර යාම  වැළැක්විය හැකි  වේ.  තවද, මේ නිසා නොයෙකුත් ලිංගික ලෙඩ රෝග පැතිර යා හැක.     අපි මෙම කරුණ සම්බන්දයෙන් ගැහැණු ළමුන් පමණක්  දැනුවත් කිරීමෙන්  පලක් නොවේ.    බාලවයස්කාර පිරිමි දරුවන්ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර, ඔවුන්ගේ  ක්‍රියාවන්වල  වගකීම පිලිබඳව  දැනුවත් කල යුතු වේ.

අවුරුදු 13 සිට 19 දක්වා වයස් කාණ්ඩයේ ළමයින් තවමත් ළමුන් වන අතර, ඔහු හෝ ඇය, වැඩිහිටියෙක් බවට පත් වනතුරු , ඔවුන්ගේ ළමා කාලය සතුටෙන් ගත කිරීමට සහය වන්න!

KEYWORDS :

#Girls #younggirls #teenagepregnancy #sinhalaarticle #srilankasinhalaarticle

note

The post අවුරුදු 13 සිට 19 වයස් කාණ්ඩයේ ළමයින් ගර්භනීභාවයට පත්වීම appeared first on mummypages.lk-Pregnancy and Parenting.

ගර්භනී අවස්ථාවේදී ඇතිවන රුධිර පීඩනය

$
0
0

mummypages.lk-digital-magazine-march-edition

මගේ රුධිර පීඩනය මෙතරම් විශාල බලපෑමක් ඇති කරයි කියා මම දැන සිටියේ නැහැ.  එය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ස්වල්පයක් ඉහළ ගොස් ඇත.  මගේ රුධිර පීඩනය හැමදාම උදේ සහ සවස පරීක්ෂා කරන්න කියා අජිත් දොස්තර මහතා මට උපදෙස් දුන්නේ ඇයි?  ප්‍රසූතියට මාස 4ක් තිබියදී, මෙම ක්‍රියාවලිය ඉතා කරදරකාරී දෙයක් ලෙස මට හැඟුණා.  මෙම රුධිර පීඩනය වැඩි වීම, බබාටත්, මටත් අවධානමක් බව, මට එය දොස්තර මහතා පැහැදිලි කිරීමෙන් පසුව වැටහුනා.

ගර්භනී අවස්ථාවේ ඔබේ රුධිර පීඩනය වැඩිවීමටත්, ආපසු සාමාන්‍ය තත්ත්වයට ඒමත් සිදුවේ.  නමුත්, සමහර ගර්භනී මව්වරුන්ගේ රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පැමිණෙන්නේ නැත.ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගර්භනී අවස්ථාවේ සිටියදී, මෙසේ රුධිර පීඩනය වැඩි වීම සාමාන්‍ය දෙයකි.  නමුත් හෘදයේ හැකිලීම 140 mm Hg සහ හෘදයේ ප්‍රසාරණය 90 mm Hg වලට වඩා වැඩි නම්, එය අධි රුධිර පීඩනය ලෙස සැලකේ.

ගර්භනී අවස්ථාවේ රුධිර පීඩනය  –

  • නිදන්ගත අධි රුධිර පීඩනය මෙය ගර්භනී භාවයට පෙර සහ ප්‍රසුතියට පසු තිබෙනා තත්ත්වයකි. ඔබේ රෝගී තත්ත්වය අනුව වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනු ලැබේ.
  • පූර්ව ගැබ් වලිප්පුව ගර්භනී අවස්ථාවේ ඔබේ මුත්‍රා වල අධික රුධිර පීඩනය සහ ප්‍රෝටීන් තිබීමෙන් මෙම තත්ත්වය ඇති විය හැකිය. එය පටන් ගන්නේ ගර්භනී භාවයට පත් වී සති 20කට පසුවය.  එම තත්ත්වය ප්‍රසූතියෙන් පසු ඉවත් වේ.  සමහර අවස්ථාවල මෙම තත්ත්වය නිසා ජීවිත තර්ජනයක් ඇති විය හැකිය.  මෙම තත්ත්වය “වලිප්පුව” යනුවෙන් හඳුන්වයි. මෙම තත්ත්වයේදී හදිසි ආබාධ ඇති වීමටත්, සිහිසන් (කෝමා) තත්ත්වයක් ඇති වීමටත් ඉඩ ඇත..  ඉතා මෘදු පූර්ව ගැබ් වලිප්පු අවස්ථාවකදී හෝ, ඉතා ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍යය.  මෙය තත්ත්වය වකුගඩු වල, අක්මාවේ සහ මොලේ  ආබාධ ඇති කිරීමට ඉඩ ඇත.  මෙම අවස්ථාවේදී, මෘදු වෛද්‍ය ප්‍රතිකාරවල සිට, ප්‍රසුති වේදනාව ඇති කර, ඉක්මනින් බබාව ගැනීමටද ක්‍රියා  කරයි.  එසේ නැතහොත්, ගර්භනී අවස්ථාවේදී නොයෙකුත් රෝග විෂමතා ඇති විය හැක.
  • ගර්භනී අවස්ථාවේදී ඇතිවන අධි රුධිර පීඩනය මෙය ගර්භනී අවස්ථාවේදී ඇතිවන තත්ත්වයකි. මෙම අවස්ථාවේදී මුත්‍රා වල ප්‍රෝටීන් නැති අතර, මෙය පටන් ගන්නේ ගර්භනී භාවයට පත්වීමෙන් සති 20කට පසුවය.  එය දරු ප්‍රසුතියෙන් පසු නැති වී යයි.  මෙම අවස්ථාවේදී, වෛද්‍ය ප්‍රතිකාර වලට විධිමත් ඇල්ට්‍රා කිරණ පරීක්ෂාවන් වලින් අධික රුධිර පීඩනය  සහ ගර්භයේ සිටින දරුවාගේ හදවතේ ගැස්ම පරීක්ෂා කිරීමෙන් දරුවාගේ වැඩීම පරීක්ෂා කරනු ලැබේ.
  • දිගු කල් පවතින අධි රුධිර පීඩනය මෙය ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් 4කින් එක අයෙකුටම මෙය ඇති අතර, මෙම තත්ත්වය සමඟ ගර්භනී භාවයේ අවසාන කාලයේදී පූර්ව-ගැබ් වලිප්පුව සැදීමට ඉඩ ඇත.  ඔබේ වෛද්‍යවරයා නොකඩවා ඔබේ තත්ත්වය සහ ගැබේ සිටින දරුවාගේ හද ගැස්ම සහ වැඩීම ගැන ඉතා පරීක්ෂාවෙන් සිටී. 

ගර්භනී අවස්ථාවේ අධි රුධිර පීඩනය ඇති වීමට හේතු

  • අක්‍රමවත් ජීවන රටාව
  • අධික තරබාරු තත්ත්වය
  • ක්‍රියාකාරී භාවයෙන් සිටීමට අපොහොසත් වීම
  • ගර්භනී භාවයට පෙර මත්ද්‍රව්‍ය භාවිතය සහ දුම් පානය

ගර්භනී භාවයේදී රෝග විනිශ්චය කිරීම

ගර්භනී අවස්ථාවේදී ඇතිවන අධි රුධිර පීඩනය සහ පූර්ව වලිප්පු තත්වයේදී, රෝග ලක්ෂණ විද්‍යාමාන වේ.  කෙසේ හෝ, ගර්භනී අවස්ථාවේදී ඔබේ මුත්‍රා පරීක්ෂා කිරීමෙන් අධික රුධිර පීඩනය සහ පුර්ව ගැබ් වලිප්පුව ඇත්දැ’යි දැන ගැනීමට හැකිය.  දිගටම පවතින හිසේ අමාරුව, දෙපා ඉදිමීම, පෙනීමේ දුර්වලතාවය, ආලෝකයේදී ඇතිවන අපහසු තත්ත්වය හෝ ඉතා අමාරු අවස්ථාවන්හිදී, යටි බඩේ ඇතිවන වේදනාවද රෝග ලක්ෂණ වශයෙන් දැක්විය හැක. 

අධි රුධිර පීඩනයේදී ඇතිවන අපහසුතාවන් 

මවට

  • හෘද වාහිනී වල රෝගී තත්ත්වයක් අනාගතයේදී ඇතිවිය හැක
  • වකුගඩු සහ අනෙක් අවයව වලට හානි සිදු විය හැක

බබාට     

  • උපන් බර අඩු වේ
  • අනපේක්ෂිත ලෙස කළල බන්ධනයේ වෙනස් වීම් ඇතිවේ (බබාට ලැබෙන ඔක්සිජන් සහ පෝෂණයේ බාධා ඇතිවිය හැක)
  • වැඩීමේ දුර්වලතා
  • නොමේරූ දරු ප්‍රසුතියක්
  • වැදෑමහට ලැබෙන රුධිර සැපයුම අඩු වීම

නමුත් ඔබ ඉතා පරීක්ෂාකාරීව සිටියහොත්, අධි රුධිර පීඩන තත්ත්වයේදී හෝ නීරෝගීමත් බබෙක් ලබා ගැනීම අපහසු නොවේ.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ආරක්ෂා සහිතද ?

ගර්භනී අවස්ථාවේදී කුමන අසනීප තත්ත්වයකට ගන්නා බෙහෙත් වර්ග වුවත්, බබාට හානිකර වේ.  එමනිසා, ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගෙන, ඔබට ලබා දුන් බෙහෙත් පමණක් පාවිච්චි කරන්න.  ඔබේ හිතූ මනාපයට බෙහෙත් ගන්න එපා.

පහසු දරු ප්‍රසුතියක්  ලැබේවායි ඉත සිතින් පතමු !!!

#health #duringpregnancy #pregnancyhealth #pregnantwomen #pregnancytime #sinhalaarticle #pregnancysinhalaarticle #srilankapregnancysinhalaarticle #mummypageslksinhalaarticle

note

 

 

 

The post ගර්භනී අවස්ථාවේදී ඇතිවන රුධිර පීඩනය appeared first on mummypages.lk-Pregnancy and Parenting.

ඔබ දන්නවාද? මව්කිරි ගැන

$
0
0

mummypages.lk-digital-magazine-march-edition

ලේ කිරි කර පොවා මා ඇති දැඩි කළ අම්මායන්න අපි කොතෙකුත් අසා ඇති. සැබවින්ම මව්කිරි නිපදවෙන්නේ මවගේ රුධිරයෙනි. මව්කිරි ජීවී දියරයක් ලෙස හැඳින්වෙන්නේ රුධිරයේ අන්තර්ගත රක්තාණු හැර සුදු රුධිරාණු ඇතුළු අනෙකුත් ජීවී සෛල සියල්ල එහි අඩංගු වන නිසාය. කුස තුළ සිටියදී පෙකණිවැල හරහා මවගෙන් ලබාගත් පෝෂණය මෙලොවට බිහිවීමත් සමගම නතර වන අතර ඉන් ඉදිරියට දරුවෙකු පෝෂණය වන්නේ මව්කිරෙනි.දරුවා තනන, දරුවා රකින, දරුවා පෝෂණය කරන, දරුවාට ලැබෙන ආදරය

මව්කිරිය. ඔබේ ළදරුවාට මාස 6 සම්පූර්ණ වන තෙක් මව්කිරි පමණක්ම ලබාදීම ඉතා වැදගත් වන අතර එම කාලයේදී කිසිදු පානයක් ලබාදීම නොකළ යුතුයි. එමෙන්ම, වෙනත් විටමින් වර්ග, ඛනිජ ලවණ හෝ වෙනත් බෙහෙත් වර්ග ලබාදීමද අවශ් නොවනු ඇත. මව්කිරි මගින් ශරීරයෙ හා මොළයේ වර්ධනයට අවශ් සියලුම පෝෂක වර්ග සපයයි. එමගින් දරුවාගේ බුද්ධි වර්ධනයත්, කායික වර්ධනය ඉතා හොඳින් සිදු වී නිරෝගී බව සුරැකේ. ඉපදීමෙන් පළමු පැයේදී මව්කිරි දීම ආරම්භ කළයුතු අතර නවජ මරණ 27%කින් ආරක්ෂා කිරීමේ හැකියාව පළමු පැය තුළ මව්කිරි දීම මගින් සිදු කළ හැකිය. ළදරුවාගේ පෝෂණය තහවුරු කිරීමට මව්කිරි හොඳ සාධකයක් වේ. සම්පූර්ණ වශයෙන් මව්කිරි දීම නිසා ළදරුවාට මනා ප්රතිශක්තිකරණයක් ඇති වේ. මුල් අවධියේ මව්කිරි බොන දරුවන්ගේ ප්රතිරෝධක ශක්තිය වේගවත්වීම හා ප්රතිශක්තිකරණ සංරචක වලින් පොහොසත්වීම සිදුවේ. මවුකිරි දීම තුළින් උණුසුම හා ආරක්ෂාව ප්රවර්ධනය වන බැවින් මිය යෑමේ අවදානම අඩුවේ. දරුවාට වයස අවුරුදු 2 දක්වා අමතර ආහාර සමගද මව්කිරි නොකඩවා ලබාදීම අත්යවශ් වේ.

#babyandmother #sinhalamawkiriarticle #sinhalaarticle #srilankamawkirisinhalaarticle #women

note

The post ඔබ දන්නවාද? මව්කිරි ගැන appeared first on mummypages.lk-Pregnancy and Parenting.


ගර්භණී අවධියේ පෝෂ්ය ආහාර ලබා ගැනීම

$
0
0

mummypages.lk-digital-magazine-march-edition

ඔබ නීරෝගීව සිටීම සඳහා පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. එවිට ඔබේ බබා හොඳින් වැඩේ.  ඔබ ගර්භණී අවස්ථාවේ සිටින විට, සාමාන්‍ය අවස්ථාවට වඩා බඩගින්න දැනීම සාමාන්‍යය සිද්ධියකි.  කෙසේ හෝ, ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් ප්‍රචලිත ව්‍යවහාරයට අනුව, ඔබ ගර්භණී අවස්ථාවේ සිටින විට, සෑමවිටම දෙදෙනෙක් වෙනුවෙන් ආහාර ගත යුතුයි යන්න අසත්‍ය මතයකි.  ඔබ නිවුන් දරු උපතක් බලාපොරොත්තු වන මවක් වුවත්, ඒ මතය වැරදි මතයකි.  ඔබ පෝෂ්‍යදායක ආහාරයක් පරිභෝජනය කළ යුතු අතර, ඔබට ප්‍රධාන ආහාර වේල් අතරට, කෙටි ආහාරයක් ගැනීමට අවශ්‍ය වුවහොත්, බොහෝ සෙයින් මේදය සහ සීනි අඩංගු ආහාරයක් ගැනීම සුදුසු නොවේ.  හැකි තරම් මේදය සහ සීනි අඩු ආහාර පරිභෝජය කරන්න.

බබාගේ දිගුකාලීන නීරෝගී භාවය වෙනුවෙන්, ඔබ ගර්භණී අවස්ථාවේ සිටින විට, පෝෂ්‍යදායක ආහාර පරිභෝජනය කිරීම ඉතා වැදගත් වේ.  ඔබට ගර්භණී අවස්ථාව පුරා දියවැඩියාව දිගටම පවතී නම්, දිගු කාලීනව පවතින මන්දපෝෂණය හෝ යම් අංශුමාත්‍ර ඌනතාවයකින් පෙළෙයි නම්,  මෙය “අන්තර් ගර්භාශ ක්‍රම ලේඛනය” නමැති ක්‍රියාවලියක් හරහා ඔබේ බබාට බෙහෙවින් බලපානු ලැබේ.

වැඩිහිටියන්ට සීඝ්‍රයෙන් ඇතිවන නොයෙකුත් ආසාදන වන දියවැඩියාව, කිරීට හදවත් රෝග (හෘද ආබාධ), හදිසියෙන් ඇතිවන ආඝාත රෝග, අධික රුධිර පීඩනය, අස්ථීන් කැඩී බිඳී යාමේ ප්‍රවණතාවය හෝ වෙනත් නොයෙකුත් අසනීප ආබාධ ආදිය ඔබේ ගර්භයේ සිටින බබාට බලපායි.  ඔබ ගර්භණී අවස්ථාවේ ලබා ගන්නා  ආහාර, ඔබේ බබා වැඩිහිටියෙක් වූ පසුවත් බලපානු ලැබේ.

කෙසේ හෝ, මේ දේවල් පිලිබඳ වැඩිපුර කරදර විය යුතු නොවේ.  ඔබ සිතනවාට වඩා අඩු මුදලක් වැය කොට, ඔබට අවශ්‍ය පෝෂ්‍යදායක ආහාර ලබා ගත හැකිය.

ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් ගත හැකි ඉතා විශිෂ්ඨ ආහාරයක් වන රතු/දුඹුරු බත් සමඟ ව්‍යංජනවල පෝෂ්‍යදායක ද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයක් අඩංගු වේ.  රතු/දුඹුරු බත් ආහාරයට ගැනීමෙන් ශරීරයේ ඇති රුධිරයට ග්ලූකෝස් එකතු කිරීමේ ප්‍රමාණය, පිෂ්ඨය සහිත ආහාර (උදාපාන්, ඉඳිආප්ප, ආප්ප ආදී ආහාරගැනීමෙන් නිපදවන ග්ලූකෝස් ප්‍රමාණයට වඩා අඩු වේ.   හැකි පමණ, නැවුම් එළවළු, සලාද වර්ග සහ පලතුරු ආහාරයට එකතු  කරගැනීමට උත්සහ කරන්න.

ඔබේ වෛද්‍යවරයා අනුමත නොකළහොත්, විශේෂ ආහාර වර්ග ගර්භණී අවස්ථාවේ පරිභෝජනය කළ යුතු නොවේ.  සෑමදාම පෝෂ්‍යත්වයෙන් සපිරුණු සමතුලිත ආහාරයක් ගැනීමට වග බලා ගන්න.

සමතුලිත ආහාරයකට පහත සඳහන් දේ අඩංගු විය යුතුය.

  • පලතුරු සහ එළවළු

දිනකට නැවුම් පලතුරු සහ එළවළු කොටස් පහක් අනුභව කරන්න.  ගොටුකොළ, නිවිති වැනි පලා වර්ග අනිවාර්යය වේ.  මේවා මඟින් ඔබට සහ බබාට අත්‍යවශ්‍ය විටමින් වර්ග, ඛනිජ සහ තන්තු ආදිය ලැබෙන අතර මළබද්ධය නැති වේ.  පලතුරු සහ එළවළු හොඳින් සෝදා පිරිසිදු කරගන්න.  විශේෂයෙන් සලාද සහ සම්බෝල වැනි නොපිසන ආහාර අනුභව කිරීමේදී වඩාත් පරෙස්සම් වන්න.

  • පිෂ්ඨ සහිත ආහාර

බත්, බතල, අල සහ පාන් ආදියේ ශක්තිසම්පන්න ද්‍රව්‍ය, විටමින් සහ තන්තු ආදිය අඩංගු වේ.  උදාහරණයක් වශයෙන් රතු/දුඹුරු හාලෙන් පිසූ බත්, දුඹුරු පාන් ආදිය ආහාරයට ගන්න.  හැකි සෑමවිටම, තිරිඟු පිටිවලින් නිෂ්පාදනය කළ පාන්, කෙටි ආහාර වර්ග, කේක් වැනි දෑ ආහාරයට ගැනීමෙන් වළකින්න.

  • ප්‍රෝටින්

සැමදාම ප්‍රෝටීන් සහිත ආහාර වන රතු/සුදු මාංශ වර්ග, මාළු, බිත්තර සහ විශේෂිත බෝංචි වර්ග සහ පරිප්පු, මුං ඇට, කව්පි සහ සෝයා වැනි දෑ අනුභව කරන්න.  ඔබ මස්, මාළු සහ බිත්තර ගර්භණි අවස්ථාවේ පරිභෝජනයට ගැනීමේදී, පරෙස්සම් විය යුතු කරුණු කීපයක්  ඇත

  • කිරි වර්ග

කිරි, යෝගට් සහ මුදවාපු කිරි ආදියෙහි කැල්සියම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂණ ගුණ අඩංගු වේ.  එමඟින් බබාගේ වැඩීම හොඳින් සිදුවේ.

ඔබ ගර්භනී අවස්ථාවේ දී සමතුලිත ආහාරයක් ලබා ගත්තත්, ඔබත්, ඔබේ බබාත් නීරෝගීව සිටීම සඳහා ඊට අමතර දේවල් ද පරිභෝජනය කළ යුතු වේ.   .

ඔබ විජලනය වීම සඳහා හැකි පමණ ජලය බීමට අමතක නොකරන්න.  දිනපතා, අඩු තරමේ නටවා නිවා ගත්  ජලය වීදුරු අටක් පමණ දිනකට බොන්න.  ඊට අමතරව නැවුම් පලතුරු යුෂ, සැහැල්ලු සුප් හෝ නිවසේ සෑදු කැඳ (ගොටුකොළ, බත් කැඳ) ආදිය පරිභෝජනයට සුදුසුය.

#during pregnancy #pregnancyhealthcare #pregnancyfood

note

The post ගර්භණී අවධියේ පෝෂ්ය ආහාර ලබා ගැනීම appeared first on mummypages.lk-Pregnancy and Parenting.

මව්කිරි දීමේ ඇති වාසි

$
0
0

mummypages.lk-arc

දරුවාට

1. පෝෂ්‍ය පදාර්ථවලින් පරිපූර්ණ වීම
2. පහසුවෙන් ගැනීමට හැකියාව පැවතීම සහ ජීර්ණය පහසු වීම
3. ආසාදනයන්ට එරෙහිව ක‍්‍රියාත්මක වීමේ හැකියාව පැවතීම
4. මව හා දරුවා අතර බැ`දීම සහ මානසික සංවර්ධනය
5. දරුවාගේ වයස මාස 6 දක්වා සම්පූර්ණ පෝෂණය සපයයි
7. විවිධ රෝගවලින් දරුවා ආරක්‍ෂා කරයි
8. ආසාත්මික තත්ත්වයන් ඇති වීමේ අවදානම අඩු කරයි
9. අනාගතයේදී බෝ නොවන රෝග ඇති වීමේ අවදානම අවම කරයි.
10. උපතේදී සිටම නියම පෝෂණයක් ලැබීම හේතුවෙන බුද්ධිමත් රටට වැඩදායී දරු පරපුරක් බිහි වෙයි

මවට

1. ප‍්‍රසූතියෙන් පසුව ඇති විය හැකි කණස්සලූ ස්වභාවය, පීඩාකාරී බව මවගෙන් ඈත් කරයි.
2.  මව සහ දරුවා අතර බැදීම වර්ධනය කරයි
3. මවගේ සිරුරේ තැන්පත්ව ඇති මේද කොටස් දියව යන නිසා අධික තරබාරු බවින් මිදීමට හැකියාව ඇතිවේ.
4.  පසුකාලීනව ඇතිවිය හැකි පියයුරු පිළිකා, ඩිම්බකෝෂ පිළිකා සහ අස්ථි දුර්වල වීම වැනිරෝගී තත්ත්වයන් ඇති වීමේ අවදානම  අඩුකරයි
5. මුදල් ඉතිරි කරයි.
6.  ඖෂධ සහ උපදේශන ස`දහා අමතර මුදල් වැය වීමක් නැත
7.  ළග ළග ඇති වන ගැබ් ගැනීම්වලින් මව ආරක්‍ෂා කරන බැවින්, ඊළග ගැබ් ගැනීම සිදු වන විට හො`ද මාතෘ සෞඛ්‍යයක් පැවතීම.
දරුවාට හො`ද උපත් බරක් ලැබීම මෙන්ම පවුල තුළ හො`ද සමාජ ආර්ථික වටපිටාවක් පවත්වා ගැනීමට හැකි වීම.
8. හෘදය හා සම්බන්ධ රෝග, ආතරයිටීස් සහදෙවන ගණයේ දියවැඩියා තත්ත්වයන් ඇති වීමේ අවදානම අවමය.

#breastfeeding #newbornbaby #sinhalaarticle #breastfeedingarticle #sinhalabreastfeedingarticle #motherandbaby

note

The post මව්කිරි දීමේ ඇති වාසි appeared first on mummypages.lk-Pregnancy and Parenting.

ගර්භය තුල ඇතිවන ජීව ක්‍රියාවලිය

$
0
0

අශාලි මගේ උකුලට තෙරපෙන විට, ඇගේ උදර නාභියේ අමුණා ඇති කටුව දැක්කා.  එය ඇල්ලීමට මම බිය උනා.  මට දොස්තර මහතා කිවුවේ, එය පිරිසිදුව සහ තෙතමණය නැතිව තබා ගන්නා ලෙසයි.  එලෙස කිරීම මට ඉතා අමාරු කාර්යයක් උනා.  මම අශාලි වඩා ගැනීමට බිය උනේ, එම කටුව නිසා එයාට රිදෙයි කියලයි.  සතියකින් පමණ එම කටුව ගැලවී වැටුන විට තමයි, මට හුස්ම ගැනීමට පවා පහසුවක් ඇති වුනේ.

අලුතෙන්  මව්වරුන් බවට පත්වූ කාන්තාවන්, තම බිලිඳාගේ නාභියේ පැළඳ වූ  මෙම උපකරණය ගැන පුදුමයට පත් වෙයි.  එයට හේතුව ඔවුන් දරුවාගේ පෙකණිවැල කරුණු නොදන්නා නිසයි. මවක් වශයෙන් මටත් එය අද්භූත දෙයක් උනා.  මම ඒ ගැන දැනගත්දේ මෙයයි.

බිලිඳාට අවශ්‍ය ආහාර සහ ඔක්සිජන් ලබා ගනුයේ මවගේ වැදෑමහ සමඟ සම්බන්ධ වූ බිලිඳාගේ උදරයේ ඇති පෙකණි වැල මාර්ගයෙනි.

බබා ඉපදෙන විට මෙය ජොල් වූ මස් වැදැල්ලකි.  එය  බිලිඳාගේ ශරීරයට අසලින් කපා ඉවත් කරයි.  ඉතිරිකොටස බබාට නොරිදෙන  ක්‍රියාවලියක් මගින්  මෙසේ කටුවක් ගසා හිර කර තබයි.  එය ක්‍රමයෙන් වේලී ගොස් සති 2 – 3ක් අතර ගැලවී යයි.  බබාගේ නාභිය පමණක් ඉතිරි වේ.

අද කාලයේ දෙමව්පියන්ට, බබාගේ පියා  එම පෙකණි වැල කැපීම ඉතා සුවිශේෂී දෙයකි. ශ්‍රී ලංකාවේ පියවරුන්ට, දරු ප්‍රසුතියේදී මවට අඩි10කට වඩා ලං වීමට ඉඩ නොදේ.  ඇත්තෙන්ම බිලිඳාගේ පෙකණිවැල කැපීම, සෑම පියෙකුටම සතුටුදායක ක්‍රියාවක් නොවේ.

එම ක්‍රියාව දරු ප්‍රසුතියේදී ඉතා විශේෂ කටයුත්තකි.  පෙකණිවැල කැපූ වහාම, එම ස්ථානය කටුවක් වැනි වූ කුඩා උපකරණයෙන් වැසීම කළ යුතු වේ.  එයට හේතුව, එවිට බබාගේ ශරීරයෙන් වැඩිපුර ලේ වහනය සිදු වී සෙංගමාලය වැනි රෝග නොසෑදීමයි.

වර්තමානයේ සිදු කල පර්යේෂණ වලින් සොයා ගෙන ඇත්තේ, මෙමපෙකණිවැල කැපීම බබා ඉපදී විනාඩි තුනකින් පමණ සිදු කිරීම බබාට සුභදායක බවයි.  එයට හේතුව වශයෙන් ප්‍රකාශ කරන්නේ, අළුත උපන් බිලිඳාගේ ලේ ගමනාගමනය තවමත් මෙම පෙකණිවැල හරහා සිදුවන  නිසයි.කිරිකැටියා ඉපදුන විටම පෙකණිවැල කැපීමෙන්, රුධිරය කැටි ගැසීමට සහ කිරි කැටියාගේ  රුධිර ගමනාගමනයට බාධා ඇතිවිය හැක.

මෙම කලම්පය (උපකරණය) කුමක්ද  ?

මෙම උපකරණ භාවිතා කරන්නේ පෙකණි වැල කැපූ පසු, බිළිඳාගේ ශරීරයේ ඇති කොටස  එහා මෙහා නොවී එක තැනක තබා ගැනීමටය.  එහි හැඩය සහ ස්වභාවය එකිනෙකට වෙනස් විය හැක.  බොහෝ විට මෙය ප්ලාස්ටික් වලින් සාදා ඇති අතර, එය කොණ්ඩ කටුවක හෝ රෙදි අමුණන කටුවකට සමාන හැඩයක් ගනී.  තවද, එහි එතරම් තියුණු නැති දත් ඇත.  ඒවා ඇත්තේ, එය මස් වැදැල්ලට ඇමිණූ විට, එකිනෙකට හොඳින් හිරවී සිටීමටයි.  එය සාදා ඇත්තේ විෂ නැති ද්‍රව්‍යයකින් සහ හොඳින් එකිනෙක සවිවන සේ තැනූ ස්ථිර අගුලක් ද සහිතවය.

මෙම උපකරණය සම්බන්ධ කල විට විශේෂ පරෙස්සමක් දැරිය යුතුද ?

ප්‍රධාන වශයෙන් විෂ බීජ වලින් ආරක්ෂා කර ගත යුතුය.  ශ්‍රී ලංකාවේ අලුතෙන් මව්වරුන් වූ කාන්තාවන්  දරුවාගේ නාභිය පරෙස්සම් කර ගත යුතු ආකාරය නොදනී.  පහත සඳහන් දේ ගැන අවධානය යොමු කරන්න .

  • පෙකණිවැල පිරිසිදුව සහ වියලිව තබන්න
  • බිලිඳාට අන්දවන රෙදි කඩ (නැප්කින් එක) මෙම පෙකණි වැලට පහලින් අන්දවන්න
  • එම ස්ථානයට හොඳින් වාතය ලැබෙන්නට සලස්වන්න

පෙකණි වැලේ එම කොටස වියළී, බිලිඳාගේ ශරීරයෙන් වෙන් වී ඉවත් වූ පසු, එම ස්ථානයේ සුළු රුධිර වහනයක් ඔබට දැක ගත හැකි වේ.  මෙය සාමාන්‍ය දෙයකි.  සමහර විට රළු පටලයක් එම ස්ථානයේ ඉතිරි විය හැක.  එය උපද්‍රව රහිත පටලයක් වන අතර, එය ළමා විශේෂඥ මහතාට ඉවත් කළ හැකිය.

එම ස්ථානයේ ඇති විය හැකි ආසාදන තත්ත්වය

ශ්‍රී ලංකාවේ කාන්තාවන් බබාගේ නාභියේ ඇති විය හැකි ආසාදන පිළිබඳව එතරම් දැනුවත් වී නොමැත.  සාමාන්‍යයෙන් ඇතිවිය හැකි රෝග ලක්ෂණ විය හැක්කේ :

  • උණ ඇති වීම
  • එම ස්ථානය ඉඳිමීම, රතු වීම සහ රත් වීම සිදුවිය හැක
  • එම ස්ථානය සැර ගන්ධයකින් යුක්ත විය හැක
  • රුධිර වහනය දිගටම සිදු විය හැක
  • එම ස්ථානය තුනී වී සියුම් බවක් අතට දැනිය හැක

බිලිඳා මවගේ ගර්භය තුල වැඩීමේදී පෙකණිවැලේ ක්‍රියාකාරිත්වය

ගර්භය තුල බිලිඳා ක්‍රමයෙන් වැඩීමේදී, මෙය දරුවාගේ නාභිය තුලින් වැඩී මවගේ වැදාමහට සම්බන්ධ වේ.  කිරි කැටියා මවගේ ගර්භයෙන් පිටතට එනවිට, මෙම පෙකණි වැලද ඔහු සමඟ එලියට එයි.  එය කැපූ විට, ටික දිනකින් එම කොටස  වියළී, ශරීරයෙන් ඉවත් වී යයි.  නමුත් සමහරුන්ගේ නාභිය එලියට පැන (outie)  තිබෙනු දැක ගත හැකිය.   මෙය කෙතෙක් කල් තිබේ දැ’යි කිව නොහැක.  සමහර විට මාස ගණනක් හෝ අවුරුදු ගණනක් විය හැක.  එය ක්‍රමයෙන් ඇතුලට (innie) යනු ඇත.  මෙය පිටතට පැන තිබීම   හර්නියා (අණ්ඩවාතය) යන තත්ත්වය විය හැකිය.  මෙය විය හැක්කේ බබාගේ නාභිය අසල ඇති පේශීවල දුර්වල භාවය නිසයි.  නමුත් මෙය ක්‍රමයෙන් ඇතුලට යාහැකිය.

පෙකණි වැල,  මවගේ සහ නොඉපදුන දරුවාගේ සම්බන්ධය  තහවුරු කරන “ජීව බන්ධනය” යනුවෙන් හැඳින් විය හැකිය.

#pregnancytime#pregnancywomen#womb#babycare

The post ගර්භය තුල ඇතිවන ජීව ක්‍රියාවලිය appeared first on mummypages.lk-Pregnancy and Parenting.

කොරෝනා වෛරසය

$
0
0

ගර්භණී මව්වරුන්ට සහ දරු ප්‍රසූතියට ඇති විය හැකි බලපෑම ගැන ඔබට ඇති ගැටලු සහ වෛද්‍ය උපදෙස්

කොරෝනාවෛරස් වසංගතය පැතිරී යාමත් සමග ගර්භණී මව්වරුන් සහ මෑතකදී දරුවන් බිහි කළ මව්වරුන් මුහුණ දෙන විවිධ ගැටලු ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසුමක දී දැනගැනීමට ලැබිණි.

තමන්ට සහ දරුවාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වේ දැයි ඇති වන බිය මෙන්ම පෙර පරිදි සෞඛ්‍ය සේවාවලට හෝ සායනවලට යෑමට නොහැකි වේ යැයි බොහෝ දෙනෙකු තුළ අවිනිශ්චිත බවක් පැන නැගී තිබේ.

ශ්‍රී ලාංකික ගැබිණි මව්වරුන් හතර දෙනෙකු ඉදිරිපත් කළ ගැටලු පිළිබඳ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න සහ ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මධුභාෂිණී දයාබණ්ඩාර බීබීසී සිංහල සේවයට අදහස් දැක්වීය.

ගැබිණි කාන්තාවන්ට මෙම වෛරසය වැළඳීමේ ‘දැඩි අවදානමක්’ තිබේද?

“මේ වෛරසය නිසා මම සෑහෙන බයකින් ඉන්නේ. මම මාස හතක ගැබිණියක්. මට මේ ලෙඩේ හැදුනොත් සාමාන්‍ය කෙනෙකුට වඩා අමාරු වේ දැයි හිතෙනවා. ඒ බලපෑම දරුවාට ඇති වෙයි කියලා බයකුත් තියෙනවා. මේ දේවල් නිසා මම මානසිකව කඩා වැටෙන අවස්ථාත් බොහොමයි,” නීතිවේදිනියක ලෙස සේවයේ නිරත දයක්ෂි පෙරේරා පැවසීය.

ගර්භණී කාන්තාවන් දැඩි අවදානමක සිටින කණ්ඩායමක් බවට තවමත් සාක්ෂි නොමැත. අන් අය සේම ඔවුන් ද වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීමට පියවර ගත යුතුය.

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න
Image captionනාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න

“ගර්භණී තත්ත්වයේ සිටියදී රෝගය වැළඳුණහොත්, අන් අයට වඩා වෙනස් රෝග ලක්ෂණ පෙන්නු කරන්නේ හෝ වෙනත් බරපතල තත්ත්වයකට පත් වෙන්නේ නැහැ. ඒ අයගේ සෞඛ්‍ය නිතර පරීක්ෂාවට ලක් වන නිසා සහ ගැබිණි මව්වරුන් සාමාන්‍යයෙන් සිය සෞඛ්‍ය ගැන වැඩි සැලකිල්ලක් දක්වන නිසා වෛරසය ආසාදනය වීමේ ඉඩකඩ අඩුයි,” වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැවසුවේය.

වෙනත් පුද්ගලයන් සේම ඔවුන් ද නිවැරදි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කරමින් ආරක්ෂා විය යුතු බව වෛද්‍යවරයා පැවසීය.

කොරෝනාවෛරසය පිළිබඳ තවත් පුවත්:

නිතර ම දෙඅත් සබන් ගා හොඳින් සෝදා ගත යුතු අතර, මෙය පොදු ස්ථානයක ගැවසීමෙන් පසු අනිවාර්යයෙන් සිදු කළ යුතුය.

  • දෙඅත් පිරිසිදු කර ගැනීමට වෙනත් ආදේශක ද්‍රාවණයක් (hand gel) වුව ද භාවිත කළ හැකිය.
  • කැස්ස සහ කිවිසුම් යාමේදී මුඛය සහ නාසය ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියකින් ආවරණය කර ගත යුතුය.
  • භාවිතයෙන් පසු ටිෂූ කඩදාසිය ක්‍රමානුකූලව ඉවත දැමිය යුතුය.
  • ටිෂූ කඩදාසි නොමැති අවස්ථාවක වැළමිට නවා අතේ උඩ කොටසෙන් මුහුණ ආවරණය කර කැස්ස හෝ කිවිසුම් යැවීම සිදු කළ යුතුය.
  • නොසේදූ අත්වලින් මුහුණ ස්පර්ශ නොකළ යුතුය.
  • ආසාදිතයින් සමීපයට යාමෙන් වැළකී සිටිය යුතු අතර, පොදු ස්ථානවල නිකරුණේ ගැවසීමෙන් වැලකී සිටිය යුතුය.
  • මස් සහ බිත්තර හොඳින් පිස ආහාරයට ගැනීම සිදු කළ යුතුය.
  • වන සතුන්ගෙන් මෙන් ම ගොවිපොළවල සේවය කරන්නේ නම් රෝගී සත්ත්වයන්ගෙන් ඈත් වී සිටිය යුතුය.
  • මියගිය සතුන් පරිභෝජනයට නොගත යුතුය.

ගැබිණි මවගෙන් දරුවාට වෛරසය ආසාදනය විය හැකිද?

දරු ප්‍රසුතිය
Image copyrightGETTY IMAGES

දැනට වාර්තා වී ඇති රෝගීන් අනුව මවගෙන් දරුවාට මෙම වෛරසය ආසාදනය වන්නේ දැයි ප්‍රත්‍යක්ෂව කිව නොහැකිය. චීනය සහ එක්සත් රාජධානියේ අලුත බිහි වූ දරුවන් දෙදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබුණු අතර, ඔවුන්ගේ මව්වරුන්ට මෙය ගර්භණී කාලය ඇතුළත වැළදී තිබිණි.

නමුත්, ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වැළඳුනු මවක් බිහි කළ දරුවාට මේ වනතෙක් එය ආසාදනය වී නොමැත.

“දැනට තිබෙන සාක්ෂි අනුව අම්මාගෙන් බබාට මේ වෛරසය ආසාදනය වෙනවා කියන එක නිශ්චිත වශයෙන් කියන්න බැහැ,” වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැවසීය.

කොරෝනාවෛරසය ආසාදනය වූ මවකට දරු ප්‍රසූතියේ දී සංකූලතා ඇති විය හැකි ද?

මෙය නව වෛරසයක් හේතුවෙන් එය ආසාදනය වූ මවකට දරු ප්‍රසූතියේදී ඇති විය හැකි සංකූලතා ගැන 100%ක් තහවුරු වී නොමැති බව වෛද්‍යවරයා පැවසීය.

“වෛරසයේ බලපෑමෙන් ගබ්සා වීම් සිදු වී නැහැ. දරු ප්‍රසූතියේ සංකූලතා ගැන තවමත් සාක්ෂි ඉදිරිපත් වී නැහැ.”

ගැබිණි මව්වරුන්ට පෙර පරිදි සිය සායනවලට සහභාගී විය හැකි ද?

ගර්භණී මව්වරුන්ට ලබා දෙන කාඩ් පත රැගෙන ඇඳිරි නීතිය පවතින කාලය ඇතුළත පවා අදාළ මාතෘ සායනවලට සහභාගී වීමේ ඉඩකඩ ඇත.

ගැබිණි මවක්
Image copyrightGETTY IMAGES

“සායනවලට එනකොට කාඩ්පත අනිවාර්යයෙන් රැගෙන එන්න. හැබැයි ඊළඟට තිබෙන සායනයට ගන්නා දිනය හැකි තාක් පස්සට දාගන්න මේ ඇඳිරි නීතිය අවසන් වෙනතාක් වත්,” වෛද්‍යවරයා පැවසීය.

“නමුත් නියමිත කාලයේදී නිර්දේශ කරන ස්කෑන්වලට පැමිණිය යුතුයි. ඊට අමතරව යම් උපදෙසක් අවශ්‍ය නම් වෛද්‍යවරයා හා දුරකතනයෙන් හෝ වෙනත් අන්තර්ජාල පහසුකමක් හරහා සම්බන්ධ වෙන්න,”

මෙම කාලය තුළ ගර්භණී මවක් අනුගමනය කළ යුතු විශේෂ ක්‍රියාවලියක් තිබේ ද?

  • රෝහලට යන විට මුහුණු ආවරණයක් නිවැරදි ලෙස පැළඳීම අත්‍යවශ්‍යය.
  • පුද්ගලයන් අතර මීටර දෙකක දුරක් පවත්වා ගත යුතුය.
  • රැකියාවේ නිරතවන මවක් නම්, හැකිනම් නිවසේ සිට සිය රාජකාරියේ යෙදිය යුතුය.

උණුවතුර නිතර බීමට ගැනීම සහ පැය හතරකට වරක් හුමාලය ආශ්වාස කිරීමෙන් සාමාන්‍ය කොරෝනාවෛරසවලින් වැළකී සිටිය හැකිය. නමුත් මෙම නව කොරෝනාවෛරසය එවැනි ක්‍රම අනුගමනය කිරීමෙන් වළක්වා ගත හැකි දැයි තවමත් ප්‍රත්‍යක්ෂ වී නොමැති බව වෛද්‍යවරයා පැවසීය.

වසංගත තත්ත්වය හේතුවෙන් දරු ප්‍රසූතිය කල් දැමිය යුතුද?

“කලින් සැලසුම් කළ දරු ප්‍රසූතිය මෙම තත්ත්වය නිසා කල් දැමිය යුතු නැහැ. කොරෝනාවෛරසය ආසාදනය වූ මවක් නම් පමණයි දරු ප්‍රසූති ක්‍රියාවලිය වෙනස් වෙන්නේ” යැයි වෛද්‍යවරයා පැවසීය.

ගර්භණී මවකට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට සැකයක් ඇත්නම් කුමක් කළ යුතුද?

කැස්සක් සහ උගුරේ ආසාදන තත්ත්වයක් ඇති වුවහොත් තම වෛද්‍යවරයාට දුරකතන මාර්ගයෙන් දැනුම් දිය යුතු අතර, හුස්ම ගැනීමේ අපහසුතා තිබේනම් වහාම රෝහලක් වෙත යා යුතුය.

“කොරෝනාවෛරසය ආසාදනය වී ඇති මව්වරුන්ට රජයේ රෝහල් දෙකක් වෙන් කර තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා නාරි සහ ප්‍රසව වෛද්‍යවරුන්ගේ සංගමයේ නිර්දේශ අනුව, යම් මවකට කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් සංකූලතා ඇත්නම් වහාම ළඟම තිබෙන රෝහල වෙත යන්න පුළුවන්,” වෛද්‍යවරයා පැවසීය.

ගර්භණී මවකට තිබෙන වෙනත් රෝගාබාධවලට ප්‍රතිකාර ලබා ගත හැකි ද?

දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝගාබාධ ඇති ගර්භණී මවක් නම් එම රෝගවලට අවශ්‍ය ප්‍රතිකාර අනිවාර්යයෙන් ලබා ගත යුතු වේ.

ගැබිණි මවක්
Image copyrightGETTY IMAGES

“එවැනි රෝගවලට හරියට ප්‍රතිකාර නොගතහොත් ඇතිවන සංකූලතා වෛරසය ආසාදනය වීමෙන් ඇතිවන සංකූලතාවලට වඩා වැඩියි,” වෛද්‍යවරයා පැවසීය.

කොරෝනාවෛරසය ආසාදනය වූ මවක් දරුවාට මව්කිරි දීම සුදුසුද?

මව්කිරිවලින් කොරෝනාවෛරසය ආසාදනය නොවන නමුත්, දරුවා අසළ සිටීමෙන් වෛරසය දරුවාට ආසාදනය විය හැකිය. මෙය වළක්වා ගැනීම සඳහා හොඳින් පිරිසිදු වී, මුහුණු ආවරණයක් පැළඳ දරුවාට මව්කිරි දීම කළ යුතු බව වෛද්‍යවරයා පැවසීය.

කෙතරම් කාලයක් දරුවා නිවසේ රඳවා ගත යුතුද?

“මට අවුරුදු දෙකක දුවෙකුත් ඉන්නවා. මගේ පුතා ලැබුනේ මාර්තු 4 වෙනිදා. ඊට පහුවෙනිදා අපි ගෙදර ආවා. ඒ දවසේ ඉඳන් අපි කොහේවත්ම ගියේ නැහැ. මගේ පුතාත් දුවත් ගැන තමා බය. එළියට යන්න නැහැ, ගෙදරටම හිර වෙලා. ආයෙත් කවදා යන්න හැකි වෙයි ද දන්නේ නැහැ. දවසින් දවස ඇහෙන මරණ ගණන දකින කොට ගොඩක් බයක් දැනෙනවා. දරුවන්ගේ අනාගතය ගැන ගොඩක් බයයි,” චමෝදි ගාඩිනර් පැවසුවාය.

මව් කිරි

අලුත උපන් බිළිඳෙකු සාමාන්‍යයෙන් සති හයක කාලයක් නිවසේ රඳවා තබා ගැනීමට ලැබෙන උපදෙස්වලට අමතරව, ඇතිවී තිබෙන තත්ත්වය අනුව වැඩි කාලයක් නිවසේ රඳවා ගැනීමට සිදු වනු ඇතැයි වෛද්‍යවරයා තවදුරටත් පැවසුවේය.

පවතින තත්ත්වය දරුවෙකු ප්‍රසූත කළ මවකගේ මානසික සෞඛ්‍යට බලපාන්නේ කෙසේ ද?

“මම පෙබරවාරි මස දරුවා බිහි කළා. දරුවාගේ අනාගතය ගැන මට දැනෙන්නේ අනියත බියක්. මට තව ලොකු දරුවෝ ඉන්නවා. ඔවුන්ට කවදා ආයෙත් පාසල් යන්න හැකිවේවිද? කවදා අයෙත් එලිපහලියේ බයක් නැතිව සෙල්ලම් කරන්න ලැබෙයිද කියලා හිතෙනවා. දිනපතා ඇසෙන්නට ලැබෙන දේවල් නිසා දරාගැනීමේ ශක්තිය හීනවී ගොසින්ද කියාත්, මානසික ආතතියක් ඇතිවී ඇත්දැයි සිතෙන අවස්ථාත් නැතුවාම නොවෙයි. දරුවන් සමග ඇතිවී තිබෙන තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේදැයි සිතෙන වාර අනන්තයි,” දිනේන්ද්‍රා සෙනෙවිරත්න පැවසුවාය.

දිනේන්ද්‍රා
Image copyright DINENDRA SENEVIRATNE
Image captionදරුවන් සමග ඇතිවී තිබෙන තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේදැයි සිතෙන වාර අනන්තයි,” – දිනේන්ද්‍රා සෙනෙවිරත්න

“කෙසේනමුත් එක්තරා අකාරයකට මුළු පවුලම එකට හිද එකිනෙකා තෙරුම් ගැනීමේ අවස්ථාවක් මේ තත්ත්වය නිසා ඇති වුණා. හැල්මේ දුවපු අපිට නැවතිලා අපේ ජිවිත ගැන ආපහු හැරිලා බලන්න අවස්ථාවක් ලැබිලා තිබෙනවා,” යැයි දිනේන්ද්‍රා තවදුරටත් පැවසුවාය.

ඇඳිරි නීතිය පවතින මෙවැනි අවස්ථාවක වෙනත් අය සේම මව්වරුන් ද සිය මානසික සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා හැකිතාක් විවිධ කටයුතුවල නිරත විය යුතු බව විශේෂඥ මනෝ වෛද්‍ය මධුභාෂිණී දයාබණ්ඩාර පැවසීය.

  • ඔබට හොඳ හැඟීමක් ඇති නොවන දේවල් කියවීමට හෝ නැරඹීමට වැය කරන කාලය සීමා කරන්න.
  • අන් අය සමග සම්බන්ධ වීම සඳහා සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන්න, නමුත් කොරෝනාවෛරසය ගැන කියවීම සීමා කරන්න.
  • දරුවන් සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
  • සිය සැමියා, භාර්යාව, දෙමාපියන් හෝ පවුලේ අය සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
  • ආතතිය, පීඩනය අවම කර ගැනීම සඳහා හාස්‍ය උත්පාදක දේ කියවන්න, නරඹන්න.තමන්ට කාලයක සිට මඟ හැරුණු දෙයකට නැවත යොමු වෙන්න.
  • පොත් කියවීම්, අත්කම්, මැහුම් ගෙතුම්, ගෙවතු වගාව වැනි දේට යොමුවන්න.
  • එකිනෙකා අතර නියමිත පරතරය තබාගෙන, නිවසින් පිටත, නිවස තුළ හෝ ගෙමිදුලේ ව්‍යායාම්වල නිරත වන්න. මෙමගින් මොළය තුළ රසායන ද්‍රව්‍යයක් වර්ධනය වන අතර, එය මානසික සෞඛ්‍ය පවත්වාගෙන යාමට බලපායි.
  • සංගීතයට සවන්දෙන්න. ගායනය, වාදනය, නර්තනය සහ චිත්‍ර සඳහා යොමු වන්න.
  • බොහෝ කලකින් කතා නොකළ මිතුරෙකුට දුරකතන ඇමතුමක් දෙන්න.
  • වැරදි පුවත් නොබලා, වගකිව යුතු මාධ්‍ය ආයතනවල පුවත් පමණක් නරඹන්න, කියවන්න.
  • හැකි සෑම විට ම සමබර ආහාර වේලක් ලබා ගන්න.
  • අන් අයට පිහිට වන්න.
DR. MADHUBHASHINEE DAYABANDARA
Image copyright DR. MADHUBHASHINEE DAYABANDARA
Image captionවිශේෂඥ මනෝ වෛද්‍ය මධුභාෂිණී දයාබණ්ඩාර

වසංගත තත්ත්වය ගර්භණී මවකගේ මානසික සෞඛ්‍යට බලපාන්නේ කෙසේ ද?

පූර්ව ප්‍රසව අවධියේ දී මව මානසික ආතතියට ලක්වීමෙන්, එයින් දරුවා තුළ චර්යාත්මක ගැටලු සහ චිත්තවේගයන්හි ගැටලු පැන නැඟිය හැකිය.

“මානසික සංකූලතා ඇති වීම දරුවාගේ වර්ධනයට බලපාන්න පුළුවන්. කෙසේනමුත් පෙර සිටම මානසික රෝගයක් තිබුණ කෙනෙකු නම් එය මෙම පවතින තත්ත්වයත් සමග වැඩි වීමේ දැඩි අවදානමක් තිබෙනවා. ඒ අය සිය පවුල් සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කර නිසි ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි” යැයි වෛද්‍යවරිය පැවසීය.

ගර්භණී මවක් සිය මානසික සුවය පවත්වා ගැනීමට විවිධ ක්‍රියාවලට යොමු විය හැකිය:

  • තමන්ගේ සහ දරුවාගේ පෝෂණය ගැන සිත යොමු කර ගුණදායී ආහාර වේලක් ලබා ගැනීම.
  • එක් ස්ථානයක් නොසිට, විවිධ ව්‍යායාමවල නිරත වීම.
  • නිවසේ අය සමග සතුටු සාමිචියේ යෙදීම.
  • වගකිව යුතු මාධ්‍යයක පුවත් පමණක් නැරඹීම.
  • දරු ප්‍රසූතියට සූදානම් වීම.
  • සාමාන්‍ය දිනචර්යාවේ යෙදීම.
මිහින්තලා ගමගේImage copyright MIHINTHALA GAMAGE
Image caption“මේ දේවල් හිතට අපහසු වුණත්, අපි ජීවිතේ ඉදිරියට ගෙනි යනවා,” – මිහින්තලා ගමගේ

“මම මාස හයක ගැබිණියක්. බබා හම්බ වෙන්ට කල් තිබුනත් මාස 5 පැන්න ගමන් එයාට අවශ්‍ය දේවල් ටික ටික එකතු කර ගත්තා. මොකද අන්තිම මාසවල දී ගොඩක් මහන්සි වෙන්ට බැරි නිසා. මේ දේවල් හිතට අපහසු වුණත්, අපි ජීවිතේ ඉදිරියට ගෙනි යනවා,” මිහින්තලා ගමගේ පැවසුවාය.

කෙසේවෙතත්, වෛද්‍ය මධුභාෂිණී දයාබණ්ඩාර පෙන්වා දෙන්නේ “නිවසේ අන් අය ද ආරක්ෂා වන අතරම, ඔවුන් ගර්භණී මවට ද සහයෝගය ලබා දිය යුතුයි. පවුල් සබදතා වැඩි දියුණු කරගෙන, මත්පැන්, සිගරට්වලින් ඈත් වී සිටිය යුතුයි” යනුවෙනි.

උපුටා ගැනිම : බීබීසී සිංහල (BBC Sinhala)

The post කොරෝනා වෛරසය appeared first on mummypages.lk-Pregnancy and Parenting.

ඔබේ දරුවා නිරෝගීව බිහිවීමට නම්

$
0
0

ගැහැණු දරුවකු ලෙසින් උපත ලබා, වැඩිවියට පත්ව, විවාහ ජීවිතයට ඇතුළත් වීමෙන් අනතුරුව ජීවිතයේ ඇති වැදගත්ම සිහිනයකි නිරෝගී පුංචි කිරි කැටියකු තම පවුලට අලුතෙන් එකතු කර ගැනීම.මේ සඳහා ගැබ් ගත් දිනයේ පටන් දරුවා බිහි වන තුරු කාලය මුළුල්ලේම ගර්භනීය විසින් තම ඇවතුම් පැවතුම් සියල්ලම විධිමත් අයුරින් පවත්වා ගත යුතුයි. ආයුර්වේදයේදී මෙය ගර්භනී පරිචර්යා
( antenatal care ) යනුවෙන් හඳුන්වයි.

නිරෝගී ගුණවත් දරුවකු ලැබීමට කැමති ගැබිනිය අපත්‍ය ආහාර විහරණයෙන් වැළකී, සුදුසු ආහාර හා විහරණ භාවිතා කළ යුතු බවත්, එම පරිචර්යා දරුවා බිහි වන තුරුම පවත්වාගත යුතු බවත් ආයුර්වේද සංහිතා ග්‍රන්ථවල සඳහන් ය.

” පිරුණු තෙල් බඳුනක් මෙන් නොකලඹා ගැබිනිය රැකබලා ගත යුතුය “යනුවෙන් එම ග්‍රන්ථවල දක්වා ඇත. විශේෂයෙන්ම ගැබ හටගත් දිනයේ පටන් මුල් මාස තුනේ දී, ගර්භනීය ඉතාමත් ප්‍රවේශම් විය යුතුය. මන්ද, හටගත් කලලය අසංජාත අංග අවධියෙ (immature ) පවතින අතර, එය ගැබිණියගේ ශරීරයට ශල්‍යක් ( foreign body ) වශයෙන් ක්‍රියා කරයි. එබැවින් ශරීරයේ ආරක්ෂණ ක්‍රියාමාර්ග වලින් නිතරම උත්සාහ කරන්නේ, ගැබිනියගේ ගර්භාෂයේ සංකෝචන වාර ගණන ඉහළ දමමින්, නොමේරූ කලලය ශරීරයෙන් ඉවත් කිරීමටයි. ඒ නිසා මේ අවදිය ගර්භ ස්‍රාව ( threatening abortion ) ඇතිවීමේ සම්භාවිතාව ඉතාමත් ඉහළ අවධියකි.

මේ හේතුව නිසා ගැබිනිය, ගැබ හට ගත් පළමු දිනයේ පටන් නිතරම සතුටු සිතින් යුතුව වාසය කළ යුතුය. තරහව, ක්‍රෝධය පාලනය කර ගත යුතුය. මන්ද, ක්‍රෝධය හටගත් විට adrenaline හෝමෝනය ස්‍රාවය අධික වන අතර, එය ගර්භාෂය තව තවත් සංකෝචනය වීම උත්තේජනය කිරීමට හේතු වේ. මේ හේතුව නිසා ගර්භ ස්‍රාව ( abortion) ඇතිවීමේ සම්භාවිතාව වැඩිවේ. එමෙන්ම ඇය නිතරම ශාරීරික පිරිසුදු බව පවත්වා ගත යුතුය. විශේෂයෙන්ම ප්‍රජනක අවයව ආශ්‍රිතව පිරිසිදු බව වැදගත්ය. කාන්තා ප්‍රජනක පද්ධතිය පිහිටීමේ ස්වරූපය අනුව ස්වභාවිකවම ඉතා ඉක්මනින් ආසාදන ( infections ) වලට ගොදුරු වීමේ හැකියාව පවතී. මේ නිසා එම ආසාදන තත්ත්වය ගර්භාෂය තෙක්ම ගමන් කර, ගර්භ ශ්‍රාව ( abortion ) ඇති කිරීමට හැකියාව පවතී.

නිතරම සුදු පාට හෝ ලා පාට ඇඳුම්වලින් සැරසීම තවත් කරුණකි. යම් සුළු රුධිර වහනයක් හෝ සිදු වුවහොත් එය වහා හඳුනා ගැනීමට මේ කරුණ ඉතාමත් වැදගත්ය. එමගින් තර්ජිත ගර්භ ශ්‍රාව ( threatened abortion ) අවස්ථා මගහරවා ගත හැක.

තම ආගමට අනුව නිතර ආගමික වතාවත් වල යෙදීම, මිහිරි සංගීතයට සවන් දීම ගැබිනියගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමට මෙන්ම කලලයේ යහ වර්ධනයට ද ඉතාමත් උපකාරී වේ.

උස් හඬින් කතා කිරීම හා,බර ඉසිලීම වැනි ක්‍රියාවලින් ගැබිණි සම්පූර්ණයෙන්ම වැළකිය යුතුය. මන්ද එවැනි අවස්ථාවලදී උදර පීඩනය
( abdominal pressure ) ඉහළ යාම නිසාම ගර්භ ශ්‍රාව ( abortion ) හට ගැනීමට ඉඩ ඇත.

මීට අමතරව දුර බැහැර ගමන් යාම,ශරීරය අධික ලෙස වෙහෙස වන අයුරින් ක්‍රියා කිරීම, නරක් වූ පිළුණු වූ ආහාර, විශේෂයෙන්ම වර්තමානයේ නම්, ක්ෂණික ආහාර ගැනීම, අනවශ්‍ය පරිදි තමන්ට රිසි සේ ඖෂධ වර්ග, මත්පැන් හා මත්ද්‍රව්‍ය ශරීරයට ලබා ගැනීම යනාදියෙන් වැළකීමත් ඉතාමත් වැදගත්ය.

එමෙන්ම රාත්‍රි නිදි වැරීම, දිවා නින්ද, අධිකව ශෝක වීම, භය-ත්‍රාසය උපදවන දෑ බැලීම, ඇසීම සහ මළ මුත්‍ර ආදී ආවේග දරාගෙන සිටීම යන ක්‍රියාවින් ද ගැබිණිය වැළකිය යුතුය.

මෙලෙස ප්‍රවේශම් වීමෙන් ලැබෙන වාසි

වේදනාවෙන් තොර, පහසු ප්‍රසවය ක ට ඉඩ සැලසීම.
යහපත්, බුද්ධිමත්, නිරෝගී, පැහැපත්, ශක්ති සම්පන්න දරුවකු ලැබීම.
ගර්භනී සමය නිරෝගි වීම.
දරුවාගේ වර්ධනය යහපත් වීම.
නිතර ඇතිවන තුනටිය, දෑලවර වේදනා පහ වීම.
යෝනි මාර්ගයේ, ගර්භාශයේ සිවි මුදු ස්වභාවයට පත්වීම.
මල, මුත්‍රා පහ වීම ඉතා හොඳින් සිදු වීම.
උපද්‍රවයකින් තොරව දරුවා බිහි වීම.
වැදෑමහ ( placenta ) ඇතුළු අනෙකුත් සිවි කොටස් පහසුවෙන් පිටවී යාම.
දීර්ඝායුෂ සහිත, හොඳ ගතිගුණ යුතු දරුවකු බිහි වීම.

ගර්භ ස්ථාපක ( ගර්භය ස්ථිර කරන ) ආහාර ලෙස,

ලුණුවිල කැඳ හෝ මැල්ලුම
නෙල්ලි රසකිඳ තැම්බූ ජලය
හාතාවාරිය අල කැද
ඉරමුසු කැඳ
ආහාරයට ඉඳ හිට එක්කරගැනීම,
නිතර උණුසුම් ජලය පානය
එළකිරි
මිදි
මී පැණි
ආහාරයට එක් කිරීම,
ස්නානය සඳහා බෙලි කොල, එඬරු කළ, රෝස මල් පෙති,කස්තුරි කහ යනාදිය යොදා තැම්බූ ජලය භාවිතයත් යෝග්‍යයි

#health #sinhalaarticle #doctorarticle #babyarticle #babysinhalaarticle #srilankababyarticle #babyaticlesinhala

 

 

 

 

The post ඔබේ දරුවා නිරෝගීව බිහිවීමට නම් appeared first on mummypages.lk-Pregnancy and Parenting.

Viewing all 28 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>