Quantcast
Channel: ගර්භනී – mummypages.lk-Pregnancy and Parenting
Viewing all 28 articles
Browse latest View live

ගර්භණී සමය සහ පවුලේ සහයෝගය

$
0
0

මාතෘත්වය යනු නාමයක් නොව විශ්විය බැදිමක් සහිත උත්තරීතර පදවියකි.  එය ලැබිම මිහිපිට සිටින සෑම කාන්තාවකගේම අභිලාෂය වෙි. මවිකුස තුල ජීවයක් ඇරඹෙන්නේ ස්වභාව ධර්මයේ අපූර්වතම දායාදයක ප්‍රතිඵලයක් ලෙසිනි. මෙම මවිකුස තුල ඇතිවන ජීවය මෙලොව එළිය දකින තුරු සහ ඉන් පසුවද මවට මෙන්ම පවුලේ සෙසු සාමාජිකයන්ට සුවිසල් වගකිමක් මෙන්ම කාර්යයභාරයක් ද පැවරේ.

ගර්භණී සමය යනු කාන්තාවක් තුල ඇතිවන කායික හා මානසික වශයෙන් අතිශයින්ම වැදගත් හා සුවිශේෂී වු අවධියකි. එසේම පාරිසරික වශයෙන් පවුල තුලින් මෙන්ම විවිධාකාර වු ආතතිමය තත්වයන් සේම අනපේක්ෂිත රැකවරණයක්, වටිනාකමක්, අවධානයක් කාන්තාවට ගර්භණි සමය තුල නිතැතින්ම ලැබෙි. එසේම මෙළොව එළිය නොදුටු බිළිදා හා මව අතර කායික හා මානසික වශයෙන් ඉතා දැඩි ආදරණිය බැදිමක් ඇතිවෙි. ගර්භණී සමය තුල මානසික යහපැවැත්ම මවට මෙන්ම බිළිදාටද ඉතා වැදගත් මෙන්ම තිරණාත්මක වෙි. මෙහිදි නිරෝගි දරු උපතක් අපේක්ෂාවෙන් පසුවන මවක් සෑම විටම කායික හා මානසික යහපැවැත්මෙන් සිටිය යුතු අතර ඇයට එසේ සිටිමට පවුලේ සහායද ලැබිය යුතුය.

මෙම කායික මානසික යහපැවැත්ම ඇතිකර ගැනිමට නමි පවුල තුල ඇති බැදිමි ආදරණිය මෙන්ම ශක්තිමත් විය යුතුය. එනමි පවුල යනු විශ්විය බැදිමක් වන අතර අප සියළු දෙනාම ජිවිතය අරඔන්නේ පවුල් සංස්ථාවක කොතන හෝ තැනක සාමාජිකයන් ලෙසිනි. ගර්භණී සමයේ මෙම බැදිම තව තවත් ශක්තිමත් විය යුතු අතර එමගින් සුවිසල් ප්‍රතිලාභ රැසක් මවට මෙන්ම මෙළොව එළිය දැකිමට පෙරුමි පුරන ළදරුවාට නිතැතින්ම හිමිවෙි. එසේම ගර්භණී සමයේ ශාරීරිකව සිදුවන වෙනස්කමි හේතුවෙන් මවගේ චිත්තවෙිගයන් විවිධාකාරයෙන් ඉහළ පහළ යා හැකිය. මෙවැනි අවස්ථාවන් වලදි තම සහකරුගෙන් මෙන්ම තම පවුලෙන් කායික මානසික වශයෙන් සහයෝගයක් ගර්භණී මාතාව අපේක්ෂා කරයි. මෙම කාල පරිචිඡේදයේදි අඹුසැමියන් අතර මනා සමිබන්ධතාවයක් මෙන්ම සෙසු සාමාජිකයන්ද අතර සබදතාවයද ගැබිණි කාත්තාවකට විශාල අස්වැසිල්ලකි. පවුලේ සෙසු පිරිස ගර්භණී මවට කායික වශයෙන් මෙන්ම චිත්තවෙිගික වශයෙන්ද සුවිශේෂි සහයෝගයක් දිය යුතුය.

පවුල තුල යහපත් සංනිවෙිදනයක් තිබිම තුලින් මවට සුවපහසු මානසික පරිසරයක් නිතැතින්ම නිර්මාණය වෙි. මෙහිදි එකිනෙකාට ඇහුමිකන් දිම, සුහද කතාබහ මෙන්ම පවුල තුල ඇති සමාජ සංස්කෘතිමය ගුණාංගයන් පිළිබදව මෙන්ම පවුලට අලුතින් එකතු විමට අපේක්ෂිත සාමාජිකයාගේ යහපැවැත්ම පිළිබද පවුල තුල කතිතාවතක් ඇතිවිය යුතුය. මෙසේ සංනිවෙිදනය යහපත් වන තරමට පවුල් සබදතා යහපත් වෙි. යහපත් පවුල් පරිසරයක මානසික සුවයක් විදින මවිකුසක් තුල වැඩෙන ළදරුවා කායික මානසික වශයෙන් නිරෝගි වෙි.

එසේම පවුලක් විවිධාකාර වු පවුල් ගුණාංග වලින් පිරිපුන් විය යුතුය. එය පවුලක ශක්තිමත් මෙන්ම යහපත් සබදතා ගොඩනගයි.

පවුලක තිබිය යුතු යහපත් ගුණාංග

01 ශක්තිමත් දෙමාපියභාවය

02 ධනාත්මක සංනිවෙිදනය හා අන්තර් පුද්ගල සබදතා

03 ගෞරවය, අගය කිරිම හා ආදරය

04 චිත්තාවිගික හා ආධ්‍යාත්මික යහපැවැත්ම

05 කායික, මානසික හා භෞතික යහපැවැත්ම

06 පවුල වෙනුවෙන් කැපවිම හා කාලය වෙන් කිරිම

07 රෝගාබාධ වලදි පවුලේ සහයෝගය හා ශක්තිමත් දරා ගැනිමෙි කුසලතා

මෙවැනි ධනාත්මක ගුණාංගයන්ගෙන් සපිරුණු  පවුලක් මාතෘවයට අමිල වු වටිනාකමි රාශියක් එක් කරයි. එසේම පවුලක් මෙවැනි ගුණාංග වලින් පරිපුර්ණ නමි එය මවට සුවදායක මෙන්ම දරුවාගේ කායික, මානසික වර්ධනයට අතිශයින්ම වැදගත් වෙි. පවුලේ සියළු සාමාජිකයන් එක්ව තමන්ට ජිවත් විමට ආදරණිය, සෙනෙහෙබර පවුලක් නිර්මාණය කරගත යුතුය. මෙවැනි පවුලක ඇතිදැඩි වන දරුවා සමාජයට හිතැති ආදරණිය, ගෞරවණිය දරුවෙකු වෙි. මෙලෙස ගර්භණි සමය තුල සහ දරු ප්‍රසුතියෙන් පසුව මවට, ළදරුවාට සුමට ලෙස ජිවත්විමට සුදුසු පරිසරයක් සකස් කර දිම පවුලේ යුතුකමකි. මෙවැනි සියළු කරුණු විශ්ලේෂණය කිරිමෙිදි සංස්කෘතික හර පද්ධති වලින් සහ සාමාජිය වටිනාකමි වලින් සපිරුණු පවුලක් නිර්මාණය කිරිම අප සතු සාමුහික වගකිමකි.

#health #sinhalaarticle #doctorarticle #babyarticle #babysinhalaarticle #srilankababyarticle #babyaticlesinhala

 

The post ගර්භණී සමය සහ පවුලේ සහයෝගය appeared first on mummypages.lk-Pregnancy and Parenting.


ගර්භණී සමයේ දී ඇති වන වෙනස්කම්

$
0
0

කාන්තාවකට තම ජීවිතයේ අත් දකින්නට ලැබෙන සුන්දරම කාල පරිච්ඡේදයක් තමයි තමන්ගේ ගර්භනී සමය.මාස නවයක් පුරාවට ගතවෙන මේ කාලය තුළ දී ඇයගේ ශරීරය කායිකව මෙන්ම මානසිකව ද විවිධ විපර්යාසයන් වලට ලක්වේ. මේ හේතූන් නිසා ගර්භණී මවට දැනෙන විපර්යාසයන් බොහෝදුරට ඉතා සාමාන්‍ය වූවත්, ඔවුන් සිටිනා තත්ත්වය මත බොහෝ මව්වරු මේ ලක්ෂණ සම්බන්ධයෙන් බියක් දක්වනවා. මෙලෙස ඔබේ ශරීරයේ නිරන්තරයෙන් සිදු වන වෙනස්කම් පිළිබඳව හොඳ අවධානයකින් පසුවීම ඉතාමත් වැදගත් වන අතර, පහත කාරණා ඔබට ඒ සඳහා රුකුලක් වනු ඇතැයි සිතමි.

  1.  උදෑසන ඇතිවන වමනය සහ ඔක්කාරය

බොහෝ විට ගර්භනී මුල් කාලයේ දී ඇති වේ. උදේ අවදි වන විට ඇතිවන කැරකිල්ල, ක්ලාන්තය, අප්‍රාණික බව, ඔක්කාරය මෙලෙස දක්වයි.

මෙය ඇතිවීමට හේතුව වශයෙන්, රුධිරයේ පවතින hCG හෝමෝනය අධික වීම නිසා මොලයේ ඇති වමන පාලක මධ්‍යස්ථානය (vomiting center) උත්තේජනය වීම නිසා මේ තත්ත්වය ඇති වේ. 

මීට අමතරව multipal pregnancy තත්වයකදී hCG හෝමෝනයේ වැඩිවීම නිසා වමනය වීම වැඩිවේ.

මෝලා ගර්භනීතාවය කදී (H.mole ) ද වමනය උග්‍ර වේ.

මානසික හේතූන් නිසාද වමනය සිදු වේ.

insulin resistance තත්ත්වය නිසා hyperglycemic තත්ත්වය ඇති විය හැක ඒ නිසාද වමනය ඇති විය හැක.

මේ තත්ත්වය වලකා ගැනීමට,

1.ආහාර වේලේ වෙනස්කම් සිදුකර ගැනීම.

උදාහරණ:

ඉඟුරු බිස්කට්, කිරි වැනි ප්‍රෝටීන බහුල ආහාරයක් ගැනීම.

දිනය පුරාම ටික ටික ආහාරය ගැනීම. (ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව පැය දෙකෙන් දෙකට කුඩා ආහාරයක් ලබා ගැනීම)

තෙල් සහිත ආහාර නොගැනීම.

තේ හෝ පලතුරු යුෂ පානය.

  1. වමනය ඇතිවීමට හේතුව සොයා බලා එය සිදු කිරීමෙන් වැළකීම.
  2. ඖෂධ ලබා ගැනීම.
  3. හෘද දැවිල්ල (acidity and heart burn)

ගර්භණී සමයේ දී progesterone හෝමෝනය වැඩි වීමත් සමග සිනිදු මාංශපේෂි ඉහිල් වීම (smooth muscle relaxation) සිදුවේ. මේ නිසා Esophageal sphincters වල ක්‍රියාව අඩපණ වේ. ඒ හේතුවෙන් ආමාශයේ ඇති අම්ලය ඉහිල් වූ කපාට හරහා ගලනාලයට ඇතුල් වේ.මේ නිසා පපුව මැද සිට උගුර දක්වා දැවෙන ස්වභාවයක් ඇති වන අතර උගුරට ඇඹුල් රස ද දැනේ. මේ තත්ත්වය රාත්‍රියට උග්‍ර වන බවක් දැනේ. උඩු අතර නිදා ගැනීමේදී අමාශයික තරලය පහසුවෙන් ගලනාලය කරා ආපසු ගමන් ගනී.එමෙන්ම මේ කාලයේදී ගර්භාෂයේ විශාල වීම සිදුවන නිසා ගර්භාෂය මගින් ආමාශය මත ඇතිකරන පීඩනයෙන් ආමාශය ඉහළට තල්ලු වීම ද සිදුවේ.

 මේ තත්ත්වය වළකාගැනීමට,

කුඩා ආහාරවේල් ලබා ගැනීම.

තෙල් හා කුළුබඩු අධිකව දැමූ ආහාර නොගැනීම.

රාත්‍රී ආහාරය නින්දට පැය කීපයකට පෙර ලබා ගැනීම.

නිදන විට කොට්ට දෙකක් හිසට තබා නිදා ගැනීම සුදුසුයි.

  1. පිට කොන්ද වේදනාව (back ache)

ගර්භනී සමයේදී පිටකොන්දේ හා ශ්‍රෝණියේ සන්ධි බන්ධන (ligaments) relaxin and oestrogen හෝමෝන නිසා ඉහිල් වීම සිදුවේ.එමෙන්ම ගුරුත්ව කේන්ද්‍රය ගර්භනී වීමේ දී ඉදිරියට පැමිණෙන බැවින් සමතුලිත බව බිඳී සන්ධි එහාමෙහා වීම නිසාද පිටකොන්දේ වේදනාව හට ගනී.

හේතු:

Weight gain

Hyperlordosis

Urinary infection and constipation

මේ තත්ත්වය වළක්වා ගැනීමට,

බර එසවීම නොකළ යුතුය.

විශේෂයෙන් පළමු මාස තුනේ දී අඩි උස සෙරෙප්පු භාවිතා නොකළ යුතුයි.

  1. මලබද්ධ තත්ත්වය (constipation)

 අන්ත්‍රවල සිනිඳු මාංශපේෂි ඉහිල් වීම නිසා (progesterone හෝමෝනය නිසා) ස්වභාවික ක්‍රියා අඩපණ වීම සිදුවේ.

යකඩ පෙති ලබා ගැනීම නිසා.

ජල පානය අඩු වීම නිසා.

ගර්භාෂය විශාල වීමත් සමග අන්ත්‍ර ඉහළට තද වීම සිදුවේ.ඒ නිසා ජලය අවශෝෂණය වීම වැඩිවන නිසාද මලබද්ධ තත්ත්වය ඇතිවේ.

මේ තත්ත්වය වලකා ගැනීමට,

දිනපතා වතුර බෝතල් දෙක තුනක් පානය කිරීම.

එළවළු හා පලතුරු හොඳින් ආහාරයට ගැනීම.

සුළු ව්‍යායාම කිරීම.

මද උණුසුම් ජලය නිතර පානය.

කෙඳි සහිත එළවළු පලතුරු ආහාරයට ගැනීම.

  1. කෙන්ඩ පෙරලීම (muscles cramp)

රුධිරයේ සෝඩියම් අයන ප්‍රමාණය අඩුවීම නිසා රුධිරය පරිවහනය වෙනස් වී නිර්වායු ශ්වසනය ඇතිවේ. රුධිරයේ අඩංගු කැල්සියම් අයන ප්‍රමාණය අඩුවීම හා රුධිරයට පොටෑසියම් අයන ප්‍රමාණය වැඩි වීම නිසා ද මේ තත්ත්වය ඇති වේ. රාත්‍රි කාලයේදී මේ තත්ත්වය වැඩිපුර ඇති වීමක් දැකිය හැක.

මේ තත්ත්වය වලකා ගැනීමට,

කැල්සියම් අයන පෙති ලබා ගැනීම.

මාංශපේෂි මිරිකීම.

මඳ උණුසුමින් තැවීම.

විටමින් b ලබා ගැනීම.

  1. නහර ගැට ගැසීම (varicose vein)

බොහෝවිට ගර්භනී සමය අවසාන කාලයේ දී හටගනී. Progesterone හෝමෝන මට්ටම වැඩිවීම හේතුවෙන් සිරා වල සිනිඳු මාංශපේෂි ඉහිල් වීම නිසා ශිරාවල කුහර විශාල වේ. මේ හේතුවෙන් කපාට වල ක්‍රියාව ඇනහිටීම නිසා රුධිරය එක් රැස් වීම සිදු වේ. ගුදය අවට, යෝනිය දෙපස සහ පාදවල මේ තත්ත්වය බහුලව දැකිය හැක. විශේෂයෙන් ගර්භාෂය විශාල වීමත් සමඟ ගුදයා හා යෝනිය දෙපස ඇති ශිරා තදවී අවහිර වීමෙන් නහර ගැට ගැසීම හටගනී. ගුදය අවට රුධිර නාළ තද වී අර්ශස් තත්ත්වය ද ඇති විය හැක.

මේ තත්ත්වය වලකා ගැනීමට,

පාද වලට ක්‍රේප් බැන්ඩේජ් හෝ මේස් දමා පාද ඉහළින් තබා ගැනීම බෙහෙවින් උපකාර වේ.

#health #sinhalaarticle #doctorarticle #babyarticle #babysinhalaarticle #srilankababyarticle #babyaticlesinhala

The post ගර්භණී සමයේ දී ඇති වන වෙනස්කම් appeared first on mummypages.lk-Pregnancy and Parenting.

ගර්භනී සමයේ ආතතිය ගැන දැනුවත් වෙමු

$
0
0

ගරභනී භාවයට පත්වීම ඕනෑම කාන්තාවක ගේ සිහින සැබෑවීමකි එම ආරංචිය සාමාන්‍යයෙන් කාන්තාවගේ මෙන්ම පවුලේද ෂතුට දෙගුන කරවන්නකි මේ කාලය තුල ෂාරීරිකව වන වෙනස්කම් වලට අමතරව මනසින්ද කාන්තාව මව් පදවියට ක්‍රමයෙන් සූදානම් වීම සිදුවේ එබැවින් ගැබිණි කාලය තුල හා ඇතිවන ෂාරීරික අපහසුතා ප්‍රසූතිය කුස තුල සිටින දරුවාගේ සෙඛ්‍ය තත්වය මව් පදවිය ලැබීමෙන් පසු දැරීමට සිදුවන පවගකීම් මෙන්ම දරුවා බලා ගැනීමේදී ඇතිවන ප්‍රායෝගික ගැටලු ආදිය පිලිබදවද යමි යමි සැක සංකා ඕනෑම ගර්භනී කාන්තාවකගේ සිත තුල ඇති වීම සාමාන්‍ය දෙයකි

ගැබිණි සමයේ කායික වෙනස්කම් හා සංකූලතා ගැන බහුලව සාකච්චා වන නමුත් මානසිකව සිදුවන වෙනසිම් ගැන කතා තරන්නේ අඩුවෙනි නම්ත් එයද ඕනෑම ගැබිණි මවක විෂේෂ අවධානය දිය යුතු ක්ෂේත්‍රයකි කිසියම් කාන්තාවකට තම ගැබිණි කාලය පිලිබද යම් සැක සංකා ඇති් වේ නම් වඩා සුදුසු වන්නේ ඒ පිලිබද සාකච්චා කිරීමයි සමහර කාන්තාවන් තමාගේ මනෝ සංකූලතා ගැන කතා කිරීමට මැලි වේ ඒවා සිත තුල තබාගෙන දීරඝ කාලීනව පීඩා විදී මෙය මවට මෙන්ම දරුවාටද අහිතකරය වඩා සුදුසු වන්නේ තමාට විස්වාසදායී වැඩිහිටියකු වෛද්‍යවරයකු හෝ පව්ල් සෞඛ්‍ය සේවිකාවක හා කතා කර තම ගර්භනී භාවය හා සම්බන්ද සැක සංකා නිරාකරණය කර ගැනීමයි

සමහර කාන්තාවන්ට ජීවිතයේ මුහුණ දීමට සිදුවන ගැටඵ හේතුවෙන් අධික ලෙස මානසික පීඩාවන් ට ලක් වී සිටිනුද අපට දක්නට ලැබේ ඕනෑම අයෙකු මානසික ආතතියෙන් සිටින විට රුධිරයේ කෝටිසෝල් නමින් හදුන්වන ආතති හෝමෝන මට්ටම ඉහල යයි එම තත්වය සමනය වූ විට එය යලි සාමාන්‍ය මට්ටමට පැමිණේ නමුත් කිසියම් පුද්ගලයකු දීරඝ කාලීනව ආතතියෙන් පෙලේ නම් ඔහුගේ හෝ ඇයගේ සිරුරේ නිරන්තරයෙන්ම අධික ආතති හෝමෝන මට්ටමක් පවතී මෙය ඕනෑම අයකුට අහිතකරය ගර්භණි මවක ද්රඝ කාලීනව අධික ආතතියෙන් පෙලෙන විට ඇගේ සිරුරේ ඇති ආතති හෝමෝන ද්රුවාගේ සිරුරටද ගමන් කර දරුවාට අහිතකර ලෙස බල පෑ හැක

මනෝ වෛද්‍ය විෂේසඥ
මාලිකා වීරසිංහ

 

 

The post ගර්භනී සමයේ ආතතිය ගැන දැනුවත් වෙමු appeared first on mummypages.lk-Pregnancy and Parenting.

ගැබිණි මවකගේ ආතතිය වැඩි කරන හේතු

$
0
0

ගැබිණි අවධියේ මුලු අවස්ථාවේ සිදුවන හෝමෝන වෙනස්කම් ෂාරීරික අපහසුතා මූලික කර ගත් ගැටළුකාරී තත්වද විෂේෂයෙන් පළමු දරු ප්‍රසූතියට සූදානම් වන මවකට පීඩාකාරී විය හැකියි ගැටලුවකට මුහුණ දෙන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ මෙය පුද්ගලයාගේ පෞරුෂත්වය මත රදා පවතී විෂේෂයෙනි ඉතා සංවේද් අයෙකුට මෙවැනි ෂාරීරික අපහසුතාද දැඩි පීඩනයක් ගෙන දිය හැකියි

රැකියාවක නියුතු කාන්තාවන්ට ද ගැබිණි කාලය තුළ විෂේෂ අභියෝග න්‍ලට මුහුණ දීමට සිදු විය හැකියි අධික වගකිම් අමාරු සේවා මුර වැඩි දුර ගමන් කිරීමට සිදු වීම වැඩි වේලාවක් සිට ගෙන සිදු වීම ආදී කරුනු රැකියාවක නියුතු ගැබිණි කාන්තාවකගේ මානසික ආතතිය වැඩි වීමට හේතු විය හැකියි

මීට අමතරව ආරථික ගැටළු පවුලේ අනෙකුත් සාමාජිකයින් සමග ඇති ගැටළු පවුල් ආරාවුල් බාහිර පාර්ෂව ගැබිණි කාලය හා දරුවා ගැන දක්වන අදහස් ආදියද කාන්තාවන්ගේ ආතතිය වැඩි කිරීම ට හේතු විය හැකියි
ගර්භණී කාලය තුළ ඇති විය හැකි සංකූලතා ද මව් වරුන්ගේ ආතතිය වැඩි කිරීමට විෂේෂයෙන් හේතු විය හැකියි

මානසික ආතතිය හදුනා ගන්නේ කෙසේද

චිත්තාවේගික වෙනස්වීම්

නිතර කණස්සල්ලෙන් පසුවීම
නුරුස්සනස්ලු බව
සුලු දේටත් කේන්ති යාම
පෙර ආසා කළ දේවලින් ෂතුටක් ලැබිය නොහැකිවීම
ඇඩෙන සුලු බව
අමතක වීම

කායික ලක්ෂණ

නිතර ඇති වන හිසරදය
ඇගේ ඇතිවන වේදනා කැක්කුම්
නි්න්ද නොයාම
කෑම අරුචිය හෝ අහිතකර ආහාර පුරුදු
හර්ද ස්පන්දන වේගය වැඩි වීම
අලස බව
ෂාරීරික ෂක්තිය හීන වීම

හැසිරීමේ වෙනස්කම්

හුදකලාව සිටීමට ප්‍රිය කිරීම
අන් අය හා නිතර ගැටලු ඇති කර ගැනීම
තමා අතින් ඉටු විය යුතු දෑ මග හැරීම
අන්තර් ජාලය හෝ වෙනත් අහිතකර පුරුදු වලට ඇබ්බැහි වීම
තමාගේ හා දරුවාගේ සෞඛ්‍ය අවස්‍යතා නොසලකා හැරීම

අධික මානසික ආතතිය කාංසාව හා විෂාදය වැනි මානසික සංකූලතා වලටද අධි රුධිර පීඩනය දියවැඩියාව හර්ද රෝග න්‍ැනි කායික සංකූලතා වලටද හේතු විය හැක

ආතතිය පාලනය කර ගැනීම

ජීවිතයේ ඇතිවන විවිධාකාර ගැටඵ වලට මුහුණ දීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ ඕනෑම කාන්තාවක තම ගැබිණි සමය තුළ මනස සන්සුන්ව තබා ගැනීමට විසේෂ අවධානයක් යොම් කළ යුතුය තම ජීවිතයේ ඇති වන ගැටළු සංකීර්ණ වීමට පෙර විසදා ගැනීමට උත්සහ ගන්න මේ කාලය තුළ වැඩ වැඩි යයි හැගේ නම් අන් අයගේ උදව් ලබා ගන්න කල් දැමිය හැකි කාරයයන් කල් දමන්න තම මනස සන්සුන් වන විනෝදාංෂ වල සරළ ව්‍යායාමවල නිරත වීම ද තම මනස සන්සුන්ව තබා ගැනීමට උදව් වේ තමා ද්රඝ කාලීනව යම් ගැටළුවක් හේතුවෙන් පීඩා වීදී නම් එය තමාට විෂ්වාෂදායී අයෙකු හා කතා කිරීම සුදුසුයි එය මනස සැහැල්ලු කර ගැනීමට උදව්වක් විය හැකියි නමුත් තමාට දිගින් දිගටම පීඩාකාරී ගැටළ්වක් තමාට විසදා ගැනීමට නොහැකි බව හැගේ නම් ඒ සදහා වෟත්තික සහය ලබා ගැනීමට මනෝ වෛද්‍ය වරයෙකු හෝ මනෝ උපදේෂකවරයෙක් හමු වීම වැදගත් වේ

ගැබිණි සමයේ ආතතිය නිසි පරිදි කළමණාකරනය නොකිරීම ප්‍රසූතියෙන් පසු මවට විෂාදය වැනි මනෝ සංකූලතා ඇති වීමටද දරුවාට පසු කලෙක හැසිරීමේ හා අධ්‍යාපනික ගැටඵ් ඇති වීමටද හේතු විය හැකියි

එබැවින් ගැබිණි සමය තුළ තම මානසික ආතතිය නිසි පරිදි පාලනය කරගෙන සිත සැහැල්ලුවෙන් සිටීම ඔබේ මෙන්ම ඔබේ දරුවාගේද අනාගත ෂුභ සිද්ධිය වෙනුවෙන් ඔබට අද ගත හැකි මහගු පියවරකි

මනෝ වෛද්‍ය විෂේසඥ
මාලිකා වීරසිංහ
MBBS (Colmbo) MD(Psych)

#pregnancymother #women #healtharticle #sinhalaarticle #stess #howtoclearstress #doctorsinhalaarticle #srilankasinhalaarticle

The post ගැබිණි මවකගේ ආතතිය වැඩි කරන හේතු appeared first on mummypages.lk-Pregnancy and Parenting.

ඔබේ පොඩිත්තාගේ දත් ආරක්ෂිත ද ?

$
0
0

මවගේ ගර්භනී අවස්ථාවේ සිටම පටන් ගන්න

දරුවා ඔබේ ගර්භය තුළ සිටියදී සියළු පෝෂ්‍යදායි දේ සඳහා ඔබේ ශරීරය මත රඳා පවතී.  සාමාන්‍යයෙන් දරුවන් ඉපදීමේදී දත් විදුරුමසින් පිටතට නෙරා නොතිබුනත්, දරුවාගේ දත් ඇති වීමට පටන් ගන්නේ, දරුවා ඔබේ ගර්භයේ සිටියදීමය.   දරුවාගේ ඉදිරි කාලයේදී දත් සහ අස්ථි වැඩීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සඳහා, දරුවා ඔබේ ගර්භය තුළ සිටියදීම, ඔබ සියළු පෝෂ්‍ය පදාර්ථ, විටමින සහ ඛණිජ ද්‍රව්‍ය  අඩංගු සමතුලිත ආහාර ගැනීම අත්‍යවශ්‍යය.

ඔබේ දරුවාගේ පළමු දත් හෙවත් කිරි දත්

සාමාන්‍යයෙන් දරුවාගේ කිරි දත් ඒමට පටන් ගන්නේ දරුවාට වයස මාස 6 -12 දක්වා අතර කාලය තුළදීය.  සමහර බබාලාගේ දත් ඒම කලින් සිදු වුවත්, සමහරුන්ගේ දත් ඒම මඳක් ප්‍රමාද වී සිදුවේ.   සාමානයෙන් මුලින් පිටතට එන්නේ බබාගේ යටි ඇන්දේ ඉදිරි දත් දෙපලයි.  ඉන්පසු උඩ ඇන්දේ ඉදිරි දත් දෙක සහ ක්‍රමයෙන්  බබාට වයස අවුරුදු 2.5 – 3  වනවිට දත් 20ක් පමණ ඇතිවේ (වැඩිහිටියන්ට දත් 32ක් පමණ පිහිටා තිබේ).  වැඩිහිටියන්ගේ දත් වලට වඩා, බබාලාගේ දත් සුදු පැහැයෙන් යුක්තය.  මෙම හේතුව නිසා බබාලාගේ දත් “කිරි දත්” යනුවෙන් ව්‍යවහාර වේ.  පිරිමි ළමුන්ට වඩා ඉක්මණින් ගැහැණු දරුවන්ගේ කිරි  දත් වැටී ගොස්  ස්ථිර දත් ඒමට පටන් ගනී.

කිරි දත් ඒමට පටන් ගැනීමේදී, බබාලාට පාචනය හෝ උණ ඇති වීමට ඉඩ ඇති බව සාමාන්‍ය ව්‍යවහාරයේ ඇති පොදු පිළිගැනීමකි.  නමුත්, එම කරුණ සනාථ කිරීම සඳහා විද්‍යාත්මක පදනමක් නොමැත.  පැරණි කාලයේදී අපේ ආත්තම්මලා දරුවන්ගේ දත් ඒම පහසු කිරීම සහ වේදනාව සමනය කිරීම සඳහා විදුරුමස්වල මී පැණි ආලේප කරන ලදී.  මෙම කරුණ සනාථ කිරීම සඳහාත් විද්‍යාත්මක පසුබිමක් මෙතෙක් අනාවරණය වී  නොමැත.  දත් ඒම පහසු කරලීම සඳහා බෙහෙත් ආලේපන වර්ගයක් දැනට භාවිතා නොකරයි.  මෙම ක්‍රියාවලිය සාමාන්‍ය ජීවවිද්‍යාත්මක ක්‍රියාවලියකි.

ඔබේ දරුවාගේ “කිරි දත්” රැක ගන්න!

වෛද්‍ය විජේරත්න මහත්මිය අවධාරණය කරනුයේ ඔබේ දරුවාගේ කිරි දත් රැක ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.  සමහර මව්වරුන් කිරි දත් වැටී යන බැවින් එම දත් පිළිබඳ එතරම් සැළකිල්ලක් නොදක්වනු ලැබේ.  නමුත්, ස්ථිර දත් සඳහාද අඩිතාලම වැටෙන්නේ කිරි දත්වල මූලය මත බව අමතක නොකළ යුතු කාරණයකි.  කිරි දත්වල තත්ත්වය එතරම් හොඳ නැතිනම්, ස්ථිර දත්වල තත්ත්වයද දුර්වල වේ.  එමනිසා, දරුවාගේ ස්ථිර දත්වල ස්වභාවය ශක්තිමත් කිරීමට නම්, කිරි දත්වල සෞඛ්‍ය රැක ගැනීම අත්‍යවශ්‍ය වේ.

මව්වරුන්ට කළ හැකි දේ:

දරුවාගේ දත්වල කුහර සෑදීම වළක්වා ගැනීම සඳහා වෛද්‍ය විජේරත්න මහත්මිය පහත සඳහන් වැදගත් කරුණු කීපයක් මෙසේ ගෙනහැර දැක්වීය.

  • ඔබේ බබාට රාත්‍රි කාලයේදී මව්කිරි හෝ දියර කිරි (බෝතලයෙන්හෝ දෙන වාර ගණන අඩු කරන්න : ඔබේ දරුවාට රාත්‍රියේදී කිරි ආහාර දුන් පසු, කුඩා පුළුන් කැබැල්ලක් හෝ පිරිසිදු මෘදු රෙදි කැබැල්ලක් උණුසුම් ජලයෙන් පොඟවා දරුවාගේ විදුරුමස හොඳින් පිරිසිදු කරන්න.  එවිට රාත්‍රී කාලයේදී විදුරුමසේ රැඳී ඇති කිරි මත විෂබීජ ක්‍රියාකාරිත්වය වළක්වා, බබාට ශක්තිමත් හිතකර කිරි දත් ලැබීමට ඇති හැකියාව වැඩි දියුණු කළ හැකිය.
  • දරුවාට පැණි රස කෑම දීමෙන් වළකින්න : චොකලට්, ටොෆී (විශේෂයෙන් දත්වල ඇලෙන පැණි රස කෑම ) සහ විස්කෝතු ආදිය දීමෙන් වැළකී, ඒ වෙනුවට නැවුම් පලතුරු හැකි පමණ දෙන්න.
  • ඔබේ දරුවාගේ කිරි දත්වල කුහර සැදී ඇත්දැයි නිතරම පරීක්ෂාකරබලන්න : ඔබේ දරුවාගේ කිරි දත්වල ඉතා කුඩා කුහරයක් හෝ කළු පැහැ  ලකුණක් ඇත්නම්, වහාම දරුවාව දන්ත වෛද්‍යවරයෙක් වෙත ගෙන යන්න.   එවිට ඔබේ දරුවාගේ දත් රෝග මුව පුරා පැතිරීමට පෙර සහ දරුවා වේදනාවට පත්වීමට  පෙර ආරක්ෂා කරගත හැක.
  • දරුවාගේ දත් හොඳින් මදින්න : ඔබේ දරුවාගේ දත්, දවසට දෙවරක් මදින්න. ඒ සඳහා මෘදු කෙඳි සහිත දත් බුරුසුවක් පාවිච්චියට යොදා ගන්න. ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් යොදා ගැනීමේදී ප්‍රවේශම් වන්න. එයට හේතුව එය බබාට ගිලුනහොත්, එමඟින් වෙනත් රෝග සැදීමට ඉඩ ඇති හෙයිනි.  එසේම කුමන වර්ගයේ දන්තාලේපයක් වුවත්, එය ඉතා  ස්වල්පයක් යොදා ගන්න.
  • දත් මැලියම් : දත් මැලියම් යනු දත්වල බැඳෙන කහ පැහැයෙන් යුක්ත ඉතා සියුම් ඵලකයකි. දත් හොඳින් පවිත්‍ර නොකළහොත්, එය දත් මත බැඳේ.  එය ක්‍රමයෙන් දත් දිරා යාම සහ දතේ කුහර සැදීම දක්වා පැතිරී යයි.  එමනිසා, ඔබේ ළඳරුවාගේ විදුරුමස් රාත්‍රී කිරි ආහාර වේල දුන්පසු හොඳින් පවිත්‍ර කළ  යුතුය.

ඔබේ දරුවාගේ ස්ථිර දත්

ඔබේ දරුවාට අවුරුදු 6 සම්පුර්ණ වනවිට, සාමාන්‍යයෙන් කිරි දත් වැටී ස්ථිර දත් ඒමට පටන්ගනී.  කිරි දත වැටීමෙන් පසු, ස්ථිර දත පැමිණ, දිවේ ආධාරයෙන් එය නියම ස්ථානයට පැමිණේ.  දරුවාට අවුරුදු 12 සම්පුර්ණ වනවිට, ස්ථිර දත් සියල්ල පැමිණ හමාර වේ.

කිරි දත් අතර ඇති හිඩැස්

සාමාන්‍යයෙන්, දරුවන්ගේ කිරි දත් අතර හිඩැස් ඇත.  එයට හේතුව නම්, ස්ථිර දත්, කිරි දත් වලට වඩා ප්‍රමාණයෙන් විශාල වීමයි.  එමනිසා ස්ථිර දත් වලට අවශ්‍ය ඉඩ ප්‍රමාණය සඳහා මෙසේ කිරි දත් අතර ඉඩ පරතරයක් ඇති වේ.  නමුත් ස්ථිර දත් ඒමේදී, එම පරතරය අවශ්‍ය පරිදි සැකසේ.  එමනිසා කිරි දත් අතර පරතරය සැළකිල්ලට ගත යුතු කරුණක් නොවේ.

ද්විත්ව දත්

දරුවන්ගේ ද්විත්ව දත් ඇතිවීම පොදු කරුණකි.  මෙසේ වන්නේ, කිරිදත් වැටීමට පෙර ස්ථිර දත් පිටතට ඒමට පටන් ගැනීම නිසයි.  එම අවස්ථාවේදී සථිර දත, කිරි දතට පසුපසින් නෙරා එනු ලැබේ.  එවැනි අවස්ථාවන්හිදී, මව්වරුන් තම දරුවා දන්තවෛද්‍යවරයෙකු වෙත ගෙන යා යුතුය.  එවිට එම වෛද්‍යවරයා කිරි දත ගලවා, ස්ථිර දතට නියම ස්ථානයට ඒමට කටයුතු කරුණු ලැබේ.

මවක් වශයෙන් ඔබේ දරුවන්ගේ දත් පිලිබඳ ඔබ ඉතා සැළකිලිමත් විය යුතුයි.  ඒ සඳහා ඔබේ ගර්භනී අවස්ථාවේ සිටම ඔබ ක්‍රියාකාරී විය යුතුයි. ඉහත සඳහන් කරුණු ඔබ පිලිපදීවී කියා අපි අපේක්ෂා කරමු.  ප්‍රමාද නොවී, අවශ්‍ය පියවර ගැනීමට අදම පටන් ගන්න!

#baby #babyhealthcare #babyteeth

The post ඔබේ පොඩිත්තාගේ දත් ආරක්ෂිත ද ? appeared first on mummypages.lk-Pregnancy and Parenting.

මසකට වරක් ඔබ පීඩාවට පත්කරන ඔසප් වේදනාව

$
0
0

මෙලොවට බිහිවන සෑම බිළිඳියකටම යම් දිනයක යුවතියක මවක ලෙස සිය ජීවිතයට මුහුණ දීමට සිදු වෙයි. දියණියකගේ ඔසප් චක්‍රය ආරම්භ වීම, වැඩිවිය පැමිණීම ලෙස හැඳින්වෙන අතර එය මව්පදවිය ලැබීමට අවශ්‍ය මූලික සුදුසුකම සපුරාලීම යැයි පැවසුවහොත් වඩාත් නිවැරදිය.

මෙසේ මාසිකව මුහුණදීමට සිදුවන මෙම ක්‍රියාවලිය ඇතැමෙකුට කිසිදු පීඩාකාරී තත්ත්වයක් ගෙන නාවද තවත් පිරිසකට මහත් පීඩාවක් ගෙන දෙයි. මාසිකව ඔසප් වීමේදී කොන්ද හා යටිබඩ ආශ්‍රිතව වේදනාව හටගැනීම සාමාන්‍ය තත්ත්වයක් වුවද වර්තමානය වන විට තරුණ අවධියේ පසුවන 50% – 60% පමණ වන කාන්තාවන්හට තම එදිනෙදා කාර්යයන් ඉටුකරගැනීමට පවා මේ තත්ත්වය බාධාවක්ව පවතී. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මේ අධික ඔසප් වේදනාව පිළිබඳ සටහනකි.

අධික ඔසප් වේදනාව දෙයාකාරයකට ඇතිවිය හැක.

01 වැරදි ආහාර විහරණ හේතුවෙන් දෝෂ කෝපවීම නිසා හටගන්නා වූ ඔසප් වේදනාව. : (Primary dysmenorrhea) මෙය උදාවර්තා රෝගය ලෙස ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුන්වයි.

02 වෙනත් රෝග තත්‍වයක් හේතුවෙන් එහි රෝග ලක්‍ෂණයක් ලෙස හටගන්නා ඔසප් වේදනාව (Secondary dysmenorrhea)

උදාවර්තා රෝගී අවස්ථාව. (Primary dysmenorrhea)

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන වෛද්‍ය ග්‍රන්ථයක් වන චරක සංහිතාවේ මෙම රෝගය “ උදාවර්ති රෝගය” ලෙසත් අෂ්ටාංග හෘද සංහිතාවේ උදාවර්තා රෝගය ලෙසත් හඳුන්වයි.

හටගන්නා ආකාරය:

පැරණි ආයුර්වේද වෛද්‍ය සංහිතා ග්‍රන්ථවල සඳහන් වන පරිදි මල වේගය, මුත්‍ර වේගය හා රාමතෙල් යාම වැනි ස්වාභාවික වේග පිට නොකර දරා සිටීම නිතරම සිදුකිරීම මඟින් කුපිත වන වාත දෝෂය යෝනිය (එනම් “ගභාෂය”) පුරවා එමඟින් ආර්තව රුධිරය පළමුව ඉහළට ගමන් කරවා පසුව ඉතා අපහසුවෙන් පහළට යොමු වී පිටවීම හේතුවෙන් කාන්තාවට තද වේදනාව හටගන්නා බවද මේ සමගම ශාරීරික වාත දෝෂය කෝප වන බැවීන් ශාරීරික වේදනාව, වමනය, කරකැවිල්ල වැනි ලක්‍ෂණ හටගන්නා බව දක්වයි. ආර්තව රුධිරය පිට වූ වහා කාන්තාවට සුවයක් ඇති වීම මෙහි ප්‍රධාන ලක්‍ෂණයක් වේ.

රෝග ලක්‍ෂණ

■ යටි උදර හා ශ්‍රෝණි ආශ්‍රිත වේදනාව

■ බඩ බුරුල් කර පිටවීම හෝ මල බද්ධය

■ වමනය/ ඔක්කාරය

■ හිසරදය

■ කරකැවිල්ල

රෝග ලක්‍ෂණයක් ලෙස ඔසප් වේදනාව ඇතිවීම.

ඇතැම් ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්වවල රෝග ලක්‍ෂණයක් ලෙසද ඔසප් වේදනාව ඇති වේ.

1 ගර්භාෂගත අර්බුද හෝ ග්‍රන්‍ථී තත්‍ව. (Fibroids or cysts)

2 වාතලා රෝග තත්‍වය. (Endometriosis)

3 පිත්තලා රෝග තත්‍වය. : (Acute infection of reproductive tract)

4 පරිඵලුතා රෝග තත්‍වය. (Pelvic inflammatory disease)

චිකිත්සාව

චිකිත්සා කිරීමට මත්තෙන් රෝගී කාන්තාව හොඳින් පරීක්‍ෂා කර බලා රෝගය සෑදීමට හේතුව සොයා බලා එය ඉවත් කිරීම මුලිකවම සිදුකළ යුතු වේ.

ඔසප් වේදනාව වෙනත් රෝග තත්ත්‍වයක රෝග ලක්‍ෂණයක් ලෙස පෙන්නුම් නොකරයි නම් මූලිකව ශරීරයේ වාත දෝෂය සමනය කිරීම සඳහා චිකිත්සා පද්ධතිය පෙළගැස්විය යුතු වේ.

ඒ සඳහා කෂාය, ක්වාථ, ගුලි, පෙති හා චූර්ණ වර්ගවලින් සැදුම්ලත් අභ්‍යන්තර චිකිත්සාවක් හා තෛල අභ්‍යාංග, ශිරෝධාරා , වස්ති ප්‍රතිකාර වැනි බාහිර චිකිත්සා පද්ධතියක්ද රෝගියාට හා රෝග තත්ත්‍වයට අනුකූල වන පරිදි යෙදිය යුතු වේ.

ඇතැම් රෝගීන් කිසිම රෝග මූලයක් නොමැතිව දිගු කලක් මානසිකව යම් ආතතියකින් පෙලීම හේතුවෙන්ද අධික ඔසප් වේදනාව ඇති වී අප වෙත යොමු වන අවස්ථා පවතී. එවැනි රෝගීන් මානසිකව අස්වසාලීම හා මානසික ආතතිය අවම කිරීමට ප්‍රතිකාර ලබාදීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යම කරුණක් වේ. හුදෙක් වේදනාව සමනයට පමණක් සීමා නොවී මෙලෙස චිකිත්සා කිරීම මඟින් ශාරීරික දෝෂ සමනය වීම හේතුවෙන් පූර්ණ නිරෝගී සුවය ලැබෙන අතර එය අමතර අහිතකර අතුරු ආබාධවලින් තොර සාර්ථක චිකිත්සා පද්ධතියක් ලෙස හැඳින්විය හැක.

දියණියකගේ ඔසප් චක්‍රය ආරම්භ වීම, වැඩිවිය පැමිණීම ලෙස හැඳින්වෙන අතර එය මව්පදවිය ලැබීමට අවශ්‍ය මූලික සුදුසුකම සපුරාලීම යැයි පැවසුවහොත් වඩාත් නිවැරදිය.


#menstruation #menstruationdate #menstruationsinhalaarticle  #whatismenstruation    #womenmenstruationsinhalaarticle

The post මසකට වරක් ඔබ පීඩාවට පත්කරන ඔසප් වේදනාව appeared first on mummypages.lk-Pregnancy and Parenting.

මව්කිරි දීමේ ඇති වාසි

$
0
0

මව්කිරි දීමේ ඇති වාසි

දරුවාට

■ සියලු පෝෂ්‍ය පදාර්ථවලින් පරිපූර්ණ වීම.
■ පහසුවෙන් ගැනීමට ඇති හැකියාව පැවතීම සහ ජීර්ණය පහසු වීම.
■ ආසාදනයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමේ හැකියාව.
■ මව හා දරුවා අතර බැඳීම සහ මානසික සංවර්ධනය.
■ දරුවාගේ වයස මාස 6 දක්වා සම්පූර්ණ පෝෂණය සපයයි.
■ විවිධ රෝගවලින් දරුවා ආරක්‍ෂා කරයි.
■ ආසාත්මික තත්ත්වයන් ඇති වීමේ අවදානම අඩු කරයි.
■ අනාගතයේදී බෝ නොවන රෝග වලට ගොදුරු වීමේ අවදානම අවම කරයි.

මව්කිරි දීමේ වාසි

මවට

■ මව්කිරි ලබාදෙන මවකගේ රුධිර වහනය අවම වේ.
■ ප්‍රසූතියෙන් පසුව ඇතිවිය හැකි කණස්සලු ස්වභාවය, පීඩාකාරී බව මවගෙන් ඈත් කරයි.
■ මව සහ දරුවා අතර බැඳීම් වර්ධනය කරයි
■ මවගේ සිරුරේ තැන්පත්ව ඇති මේද කොටස් දියවී යන නිසා අධික තරබාරු බවින් මිදීමට හැකියාව ඇතිවේ.
■ පසුකාලීනව ඇතිවිය හැකි පියයුරු පිළිකා, ඩිම්බකෝෂ පිළිකා සහ අස්ථි දුර්වල වීම වැනි රෝගී තත්ත්වයන ඇති වීමේ අවදානම         අඩුකරය
■ ඖෂධ සහ උපදේශන සඳහා අමතර මුදල් වැය වීමක් නැත
■ ළඟ ළඟ ඇති වන ගැබ් ගැනීම්වලින මව ආරක්‍ෂා කරන බැවින්, ඊළඟ ගැබ් ගැනීම සිදු වන විට හොඳ මාතෘ සෞඛ්‍යයක් පැවතීම.
■ දරුවාට හොඳ උපත් බරක් ලැබීම මෙන්ම පවුල තුළ හොඳ සමාජ ආර්ථික වටපිටාවක් පවත්වා ගැනීමට හැකි වීම.
■ හෘදය හා සම්බන්ධ රෝග, ආතරයිටීස සහ දෙවන ගණයේ දියවැඩියා තත්ත්වයන් ඇති වීමේ අවදානම අවම වීම.ඇතැම් මව්වරුන් නොයෙක් හේතූන මත දරුවාට පිටිකිරි දීම ආරම්භ කරයි. මව්කිරි දීම පිළිබඳව ඔබට ඇති වන යම් ගැටලුවක් වේ නම්ඒ සම්බන්ධව නිවැරදි උපදෙසලබාගනිමින් නිවැරදි පියවර ගැනීමට මව්වරුන් උනන්දු විය යුතුය. එවන් ගැටලු ළඟම රෝහලේ මව්කිරි කළමනාකරණ ඒකකය වෙතින් පැහැදිලි ලෙස නිරාකරණය කරගත හැකිය. එසේම ඔබට අවශ්‍ය තොරතුරු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය වෙතින්ද ලබාගත හැකිවේ. දරුවා වෙනුවෙන්ම නිපදවෙන මිල කළ නොහැකි අගයකින් යුතු මව්කිරි ඔබේ දරුවාගෙ මූලික අයිතිවාසිකමකි. එය නිසි පරිදි ලබා දෙමින් දරුවා පෝෂණය කිරීම මෙලොව සෑම මවකගේම ආදරණීය යුතුකමකි.

#babyandmother #sinhalamawkiriarticle #sinhalaarticle #srilankamawkirisinhalaarticle #women

The post මව්කිරි දීමේ ඇති වාසි appeared first on mummypages.lk-Pregnancy and Parenting.

ගර්භණි සමයෙහි බාබාගේ අසාමාන්‍යතා ඇත්දැයි පරික්ෂා කිරීම

$
0
0

බොහෝ දරුවන් නිරෝගී දරුවන් ලෙස උපත ලබන අතර ඉතා කුඩා ප්රතිශතයක දරුවන් සුළු හෝ විශාල අසාමාන්යතා ඇතුව උපත ලබනවා. මෙයින් සමහර අසාමාන්යතා ,කොටසක් හෝ සම්පුර්ණයෙන් යථා  තත්වයට පත් කල හැක. ඔබට හෝ පවුලේ අයකුට මෙවැනි අසාමාන් තත්වයක් හෝ ආබාධිත තාවයක් ඇත්නම් හෝ ඔබට මින් පෙර අසාමාන් තත්වයක් ඇති දරුවකු ලැබී ඇත්නම් විශේෂයෙන්ම ඔබ මේ පිළිබද සැලකිලිමත් විය යුතුයි. පිළිබද ඔබේ වෛද්යවරයා හා පවුල් සෞඛ් නිලදරිතුමිය ඉක්මනින් දැනුවත් කරන්න.

ගර්භනී සමයේ පරික්ෂා කළහැකි අසාමාන්‍යතා
ව්‍යුහාත්මක අසාමාන්‍යතා
ජානමය අසාමාන්‍යතාඩවුන්ස් සහලක්ෂණය වැනි
පරම්පරාවෙන් පැවතෙන රෝගතැලසිමියව

මෙයින් බොහොමයක් පරික්ෂා කරනුයේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් හෝ රුධිර පරීක්ෂණ මගිනි. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ සිදුකිරීමෙන් spina bifida වැනි ව්‍යුහාත්මක වෙනස්කම් දැකගත හැකිය. ඒ අතර රුධිර පරීක්ෂණ සිදුකිරීම මගින් වර්ණ දේහවල වෙනස්කම් සිදුවන ඩවුන්ස් සහලක්ෂණය වැනි රෝග හදුනා ගත හැකිය. මෙම  මගින් ඔබේ දරුවාගේ නිරෝගී බව පිළිබද වටිනා තොරතුරු රැසක් ලබාදේ.  නමුත් මේවා 100%ක් නිවැරදි නොවන අතර, ඔබේ දරුවාට කිසිදු අසාමාන්‍යතාවක් නොමැතිව උපදිනවා යැයි එහි කිසිදු සහතිකයක් නොමැත. (රෝග විනිශ්චය පරීක්ෂණ සිදුකිරීමෙන් පමණක් නිවැරදි තොරතුරු ඔබට ලබා ගතහැක. විශේෂයෙන් ඔබේ දරුවාට වර්ණ දේහවල විකෘතීතාවයක් ඇතිබව ඔබට සැකයක් තිබේනම් ) පරීක්ෂණය බොහෝ ආගන්තුක වන ට අතර ඔබේ ගර්භාෂයේ ප්ලාස්මා සාම්පලයක් ලබාගෙන පරික්ෂා කරයි. මෙමගින් ගබ්සාවක් වීමේ අවදානම සාමාන්‍යයෙන් 0.5% -1% අතර වේ.

ප්‍රවේනිගත රෝග

දෙමාපියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම මගින් දරුවාට සම්ප්‍රේෂණය වන නිශ්චිත ප්‍රවේනි ගත රෝග කිහිපයක් තිබේ. ඔබට හෝ ඔබේ සහකරුවාට මෙම ප්‍රවේනි ගත රෝගයක් ඇත්නම් / ප්‍රවේනිගත අසාමාන්‍යතාවක් තිබෙන පවුල් පසුබිමක් ඇත්නම් වෛද්‍යවරයාට හෝ පවුල් සෞඛ්‍ය නිලධාරිතුමියට දැනුම් දීමෙන් උපදෙස් ලබා ගන්න. පහත දැක්වෙන්නේ සුලභව ඇති ප්‍රවේනිගත රෝග කිහිපයකි.

හිමොෆිලියා

හිමොෆිලියාව යනු ප්‍රවේනිගත රෝගයකි. මෙහිදී  රුධිර  කැටිගැසීමේ හැකියාව අවම කරන අතර මෙනිසා අසාමාන්‍ය ලෙස හා දීර්ඝව රුධිරවහන වීමේ හැකියාව ඇත. ඉතා දරුණු ලෙස හිමොෆිලියාව ඇති රෝගීන්ට ශරීර අභ්‍යන්තරව රුධිර වහනය නිසා ඇතිවන වේදනාව, සන්ධි හා මස් පිඩුවලට නිරතුරුවම හානි ඇතිවීම දක්නට ලැබේ.මෙම  පිරිමි දරුවන්ට ඇතිවීමේ අවදානම වැඩිවේ.

මස්කියුලර් ඩිස්ට්‍රොෆි (Muscular dystrophy)

මෙම ප්‍රවේනි ගත රෝගය ක්‍රමක්‍රමයෙන් මාංශපේශිවල  ක්‍රියාකාරිත්වය දුර්වල කරයි. මෙනිසා  සුළු හෝ දරුණු අබාධිත ඇතිවීමේ අවදානමක් ඇත. මේ තත්වය දෙමාපියන් විසින් උරුම විය හැකිය. පිරිමි දරුවන්ට මෙම තත්වය ඇතිවීමේ අවදානම වැඩිවේ. එමෙන්ම සමහර අවස්ථා වල ජිවතාපෙක්ෂාව පවා මෙමගින් අවම කරයි.

සිස්ටික් ෆිබ්රෝසිස් (Cystic fibrosis)

මෙයද ප්‍රවේනි ගත රෝගයක් වන අතර ශරීරයේ ප්‍රධානම අවයව සදහා මෙය බලපායි. විශේෂයෙන්ම පෙනහළු හා ජීරණ පද්දතියේ අවයව මේ අතර වේ. එමෙන්ම දහඩිය ඇතිකරන ග්‍රන්ථිවලටද මෙය බලපෑම් ඇති කරයි. ජාන වෙනස් වීම් දරුවාට Cystic fibrosis ඇතිව ඉපදීම සදහා දෙමාපියන් දෙදෙනාම වාහකයක් ලෙස ක්‍රියාකරයි.

#cysticfibrosis #musculardystrophy #preferreddiseases #Himofiliya#checkforbabasabnormalitiesduring pregnancy # pregnantmother

The post ගර්භණි සමයෙහි බාබාගේ අසාමාන්‍යතා ඇත්දැයි පරික්ෂා කිරීම appeared first on mummypages.lk-Pregnancy and Parenting.


Viewing all 28 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>