වින්නඹු මාතාව යනු, ගර්භනී කාන්තාවන්ට ඔවුන්ගේ දරුවන් ලැබීමේදී නොමඳ සහයක් ලබා දෙන, ඉතා හොඳ වෘත්තීය පුහුණුවක් ලබා ගත් කාන්තාවකි. වින්නඹු මාතාවගේ ප්‍රධාන අරමුණ වන්නේ, ශ්‍රී ලාංකික මව්වරුන්ගේ සහ දරුවන්ගේ මරණ සංඛ්‍යාව අඩු කරමින්, නවජ උපත් අඩු කරමින්, සුභදායක දරු උපතක් ලබා දීමට සහය ලබා දීමයි.
ශ්‍රී ලංකාවේ වින්නඹු මාතාවන්ගේ ප්‍රබේධ
සංස්ථායික වින්නඹු මාතාවන් (Institutional Midwifes – IMs) හට රජයේ හෝ පෞද්ගලික වෛද්‍ය ආයතනවල/රෝහල්වල රැකියාව කිරීම සඳහා සුදුසු පුහුණු වීම් ලබාදෙනු ලැබේ.
රජයේ සෞඛ්‍ය වින්නඹු මාතාවන් (Public Health Midwifes – PHMs) – මෙම වර්ගයේ වින්නඹු මාතාවන්ට ඔවුන්ට නිවෙස් වලට ගොස් ගර්භනී කාන්තාවන්ට අවශ්‍ය උපදෙස් දීම/සහය දීම සඳහා මනා පුහුණුවක් ලබා දෙනු ලැබේ.
සංස්ථායික වින්නඹු මාතාවන්ට අයත් රාජකාරිය
ශ්‍රී ලංකාවේ පවත්වා ගෙන යනු ලබන රෝහල් සහ වෛද්‍ය ආයතනයන්හි 2720 දෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයක් සංස්ථායික වින්නඹු මාතාවන් ලෙස රැකියාවේ නියුතු වන බැව් ළඟදී කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත. මෙම වින්නඹු මාතාවන් රෝහල් වල සුතිකාගාරවල සහ ළදරුවන් (පෙර – නවජ සහ පසු – නවජ) රැක බලා ගන්නා කාමරවල/වාට්ටුවල/ වෛද්‍ය සායනවල රැකියාව කරති.
රජයේ සෞඛ්‍ය වින්නඹු මාතාවන්ට අයත් රාජකාරි
ශ්‍රී ලංකාවේ මෙම වින්නඹු මාතාවන් සාමාන්‍යයෙන් ඇත්තේ රෝගී කාන්තාවන් 5000 කට එක් අයෙකු වශයෙනි. මෙම වින්නඹු කාන්තාවන් තම ප්‍රදේශයේම රාජකාරි කටයුතුවල නිරතවන අතර, ගර්භනී කාන්තාවන්ට සහ බබා ලැබුණු පසුව ටික කාලයක් යනතුරු මව්වරුන්ට නොයෙකුත් උපදෙස් දීම සඳහා නිවෙස්වලට යනු ලැබේ.
ශ්‍රී ලංකාවේ සිටින වින්නඹු මාතාවන්ට පැවරී ඇති රාජකාරි
මෙම වින්නඹු මාතාවන් තම පළාතට අයත් ගම්වල ඇති නිවෙස්වලට ගොස්, එහි ජීවත් වන කාන්තාවන් ගර්භනී වූ පසුව, ඔවුන්ව ලියාපංදිචි කර, ඔවුන්ට අවශ්‍ය උපදෙස් දෙනු ලැබේ. නමුත් නගරබද ජීවත් වන බොහෝ කාන්තාවන් දරුවන් ලැබීමට පෙර පුද්ගලික ප්‍රසව/නාරී වෛද්‍යවරුන් වෙත යන අතර, දරුවන් ලැබුණු පසු පුද්ගලික ළමා වෛද්‍යවරුන් වෙත යන බැවින් රජයේ වින්නඹු මාතාවන්ගෙන් උපකාර ගැනීමට ඉදිරිපත් නොවේ.
වින්නඹු මාතාවන්ගෙන් සිදුවන සේවය
දරුවන් ලැබීමට පෙර
- එම ප්‍රදේශයේ වෙසෙන ගර්භනී කාන්තාවන් ලියා පදිංචි කරවීම.
- එම කාන්තාවන්ගේ ශරීර බර ප්‍රමාණය පරීක්ෂා කිරීම.
- නියමිත ශරීර බර ප්‍රමාණය තබා ගැනීමට අවශ්‍ය උපදෙස් දීම.
- එම කාන්තාවන්ගේ සාමාන්‍ය නීරෝගී භාවය පිළිබඳ විමසීම.
- දරුවා ලැබීමට පෙර මව්වරුන් ගත යුතු එන්නත් පිළිබඳව ගර්භනී කාන්තාවන් දැනුවත් කිරීම සහ ඔවුන්ට ප්‍රාදේශීය සායනයෙන් හෝ රෝහලෙන් එම එන්නත් ලබා ගැනීම සඳහා උපකාර කිරීම
- තවද, මාසික වෛද්‍ය පරීක්ෂණවලට යාමට උපදෙස් දීම
- සුදුසු ආහාර වට්ටෝරු ලබා දීම
- දරුවන් ප්‍රසූති කිරීමේදී ඇතිවන වේදනාව (විළිරුදාව) පිළිබඳ දැනුවත් කිරීම සහ ප්‍රසූති වේදනාව දැනෙන අයුරු පිළිබඳව දැනුවත් කිරීම
- නිවසේදී දරු උපත් සිදුවීමේදී ඒ සඳහා අවශ්‍ය සහය ලබා දීම
දරුවන් ලැබුණු පසු
- බබා ලැබුණු පසු මවගේ සෞඛ්‍ය පිළිබඳ පරීක්ෂා කිරීම
- බබාගේ සෞඛ්‍ය සහ ශරීර බර පිළිබඳ පරීක්ෂා කිරීම
- බබාට එන්නත් ලබා දීම සඳහා කාඩ්පත් ලබා දීම
- බබාට නියමිත වෙලාවට එන්නත් ලබා දෙන්නේදැ’යි සොයා බැලීම
- බබාගේ වර්ධනය පිළිබඳ පරීක්ෂා කිරීම
- මව්කිරි ලබාදෙන මව්වරුන්ට නියමිත පෝෂ්‍යදායක ආහාර ලබා ගැනීම සඳහා උපදෙස් දීම
- මව්කිරි බීම නැවැත්වූ ළඳරුවන් සඳහා දියයුතු සමතුලිත ආහාර පිළිබඳ දැනුවත් කිරීම
- කාන්තාවන්ට පිළිපැදිය යුතු උපත් පාලන ක්‍රම පිළිබඳ උපදෙස් දීම
- අනවශ්‍ය දරු පිළිසිඳ ගැනීම් වැළක්වීමේ ක්‍රම පිළිබඳ කාන්තාවන් දැනුවත් කිරීම
වින්නඹු මාතාවගෙන් වන සේවය ඉතා අගය කළ යුතු අතර, ශ්‍රී ලංකාවේ වෙසෙන ගර්භනී කාන්තාවන්ට සහ මව්වරුන්ට වින්නඹු මාතාවගෙන් සිදුවන මෙහෙය මිළ කළ නොහැක.
#midwife #srilankamidwife #midwifearticleinsrilanka #sinhalaarticleinsrilanka #sinhalaarticle #pregnancywomenandmidwife
The post ශ්‍රී ලංකාවේ වින්නඹු මාතාව appeared first on mummypages.lk-Pregnancy and Parenting.