දෙදෙනෙකුගේ ආදරයේ සංකේතයේ ලෙස සලකන්නේ දරුවන්වයි.නමුත් අද දරුවන් මෙලොව දැකීමටත් ප්‍රථම මරා දමන යුගයක් බවට පත්වී අවසානය.
එනම් මවු කුස තුලදීම එම දරුවා විනාශ කිරීම ගබ්සාවක් ලෙස හදුන්වයි.මෙය මිහිපිටම විපාක දෙන පාප කර්මයකි.
මන්ද මිහිපිට ජිවත් වන මනුෂයකු විනාශ කර දමනවා හා සමානම දෙයකි කුස තුල සිටින දරුවකු විනාශ කිරීමත්.නමුත් ඔබ සිතනවා ඇති මෙලොව එලිය නොදුටු අයකුගේ ජීවිතය විනාශ කිරීම පාපයක් නොවේ කියා.ඇයි ඔබ මදක් නොසිතන්නේ කුසතුල සිටින දරුවාටත් ජීවයක් ඇති බව.කුසතුල සිටින දරුවෙකුට පන නැතැයි කියා සිතනවාද ?එසේනම් දරුවකු කුසතුල වර්දනය වන්නේ කෙසේද?ඒ මේ අයුරිණි ….
ස්ත්‍රියකගේ හා පුරුෂයකුගේ ලිංගික එක්වීම තුලින් සිදුවන සන්සේචනයයි .මෙහිදී සිදුවන්නේ කාන්තාවකගේ පැලෝපිය නාලය තුල ශුක්ක්‍රනුවක් ගමන් කිරීමේදී යම් අවස්ථාවක ශුක්ක්‍රනුව හා ඩිම්බය එක්වීමයි.මෙයින් සෑදෙන මුල්ම සෛලය යුක්තානුවයි .යුක්තානුව මිනිස් ජිවිතයක ආරම්භයයි.මෙම යුක්තානුව පැය 30ට පසු සෛල බෙදීමකට ලක්වේ.ඒ අනුව මෙය යුක්තානු සෛල 16කින් යුත්” මොරුයුලා”අවස්ථාවටත් සෛල 64කින් යුත් බිලාෂ්ඨකෝෂ අවස්ථාවටත් පත්වේ.මේ අවස්ථාව සිදුවන්නේ සංසේචණයෙන් දින 06ටකට පසුවයි.පසුව මෙය ගර්භාෂ බිත්තියේ තැම්පත් වී කලලයක් බවට විකසන වීමට පටන්ගනී.සංසේචනයෙන් දින 14ට පසු කළලය සම්පුර්නයෙන්ම් ගර්භාෂ බිත්තියේ තැම්පත් වේ.මේ අයුරින් අවයව විකසනය ආරම්භ වූ සති 08ක කලලයක් (භ්‍රෑණය )ගර්භාෂය තුල දරුවකු බවට පත්වේ.සංසේච ණයේ සිට දරු උපත දක්වාම කාලය සති 40කි.මේ සියලු කරුණු මා වෛද්‍යවරයකුගෙන් අසා දැනගත් කරුණු බව ඔබට සදහන් කරමි.මේ පිළිබද විස්තර කරනවිට ම සිත තුලද පහන් සිතුවිලි ජනිතවිය.මන්ද මෙය කොතරම් චාමත්කාර අත්දැකීමක්ද කියා.
“දරුවන් රටට,ජාතියට සම්පතක් බව අරුමයක් නොවනු ඇත”
නමුත් අද අප රටේ නීතියට අනුව ගබ්සාව නීතිවිරෝධී.අපරටේ නීතියට අනුව ගබ්සාව අනුමත කරනු ලබන්නේ ගර්භනීබාවය හේතුවෙන් මවක් අවදානම් තත්වයක සිටිනම් පමණි.
නමුත් ගබ්සා වර්ග කීපයක් ඇත.
01.ස්වයං ගබ්සාව – මෙහිදී සිදුවන්නේ පිළිසිද ගැනීමකින් පසුව පළමු මාස දෙක තුන ඇතුලත නොදැනුවත්වම කළලය විනාශ වී යාමයි.
02.ප්‍රතිකාර ගබ්සාව -ගර්භනී අවස්ථා වලදී ,වෙනත් රෝගයකට බෙහෙත් භාවිතා කරන්නේනම් එම බෙහෙත් වර්ග විෂවීම හේතුවෙන් කළලය විනාශ වීම .
03.ආසාදන ගබ්සාව -මවට යම් දෙයක් විෂ වූ විට හෝ බෝවන රෝග ආසාදනය වීමෙන් හෝ සුව කල නොහැකි රෝගී තත්වයන් වලදී මෙය කලලයට බලපානු ඇත.
04.සාපරාධි ගබ්සාව -එනම් තමන් හිතාමතාම දැන දැන කරන ගබ්සාවයි.
ඔබ දන්නවාද ?අප රටතුල දිනකට ගබ්සා කිරීම් 750-1000ක්ද ,වසරකට 400000-450000 අතර සිදුවන බව සමීක්ෂණ වාර්තා වලින් පෙන්වා දෙයි.
අනිත් කරුණ වනුයේ ගබ්සාවට ලක්වන කාන්තාවන් බහුතරයෙන් (96%)වයස 30-40අතර විවාහක දුප්පත් කාන්තාවන් වන බවයි.මෙයින් 4%ක් පාසල් ළමුන් හා අවිවාහක තරුණ කාන්තාවන් වේ.මෙයින් 90%ක්ම ගබ්සා කරනු ලබන්නේ පළමු සති 12ඇතුළතයි.
මේ පිළිබද අපි ටිකක් සිතා බලමු …
වැඩි ප්‍රමානයක් සිදුවන්නේ විවාහක කාන්තාවන් අතර නම් මා සිතනා පරිදි එක් කරුණක් වනුයේ ආර්ථිකයයි.එනම් අද පවතින ජිවන වියදම අධික බැවින් එක් පවුලක දරුවන් සිටින්නේ එක් කෙනෙකු හෝ දෙදෙනෙකු පමණි.ඔවුන් සිතන්නේ තවත් දරුවෙකු ජිවත් කරවීමට සිදුවුවහොත් ඔවුන්ට එය දර ගැනීමට නොහැකි වේ යැයි සිතා ඔවුන් ගබ්සාවට යොමුවේ.නමුත් ඔවුන් වුවද සිතිය යුතුයි උපදින්නට සිටින්නේ ද තමන්ගේ ලෙයින් වැඩුන දරුවකු බවයි. අද ඕනෑ තරම් උපත් පාලන ක්‍රම ඇති බව ඔබ නොදන්නවා නොවේද?එම නිසා විවාහක කාන්තාවක් වශයෙන් ඒ පිළිබද අවදානය යොමුකළ යුතු නොවේද?
පාසල් ළමුන් බොහෝ විට මේ තත්වයට යොමු වන්නේ ඔවුන්ට යම් අයකුගෙන් අපරාදයක් සිදුවූ විට හෝ තමන්ගේ නොදැනුවත් කමනිසා තරුණ තරුණියන් මේ ලිංගික ජීවිතය අත්හදා බැලීමට යාමයි.අද බොහෝ තරුණ පිරිස් ආලයෙන් අන්ධ වීමෙන් මේ අපරාදයට යොමුවෙති.නමුත් අවසානයේ සමාජයට මුහුණ දීමට නොහැකිව අසරණ වීම නිසා ගබ්සා කිරීමට යොමු වෙති.
සාපරාදී ගබ්සාවක හානිකර ප්‍රතිපල –
*මෙහිදී සිදුවන්නේ මාස දෙකක් හො තුනක් වයස ඇති දරුවා බලෙන් ශරීරයෙන් ඉවතට ගැනීමයි .එහිදී එක එක උපකරණ බාවිතා කර දරුවා ඉවතට ගැනීම සිදු කරයි.මේ අවස්ථාවේදී අධික ලෙස රුධිරය වහනය වීම සිදුවේ.ඒ වගේම අභ්‍යන්තර අවයව වලටද හානි සිදුවේ.
සමහර අවස්ථා වල කම්පනය හෝ අසාදිත තත්වයන් මත මව මිය යාමට අවස්ථාව ද තිබේ.
*ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග වලට ගොදුරු වේ.
නැවත දරුවන් බිහිකිරීමේ හැකියාව නැතිවීම.
ඔසප් වීම ඇන හිටීම හෝ අක්‍රමවත් වීම.
*ගබ්සාවකට පසු මව මානසික රෝගියෙකු බවටද පත්විය හැක.
විශේෂයෙන් ඔබ ගබ්සාවක් සිදු කිරීමට පෙර මතක තබා ගතයුතු කරුණක් ඇත.එනම් ජීවත්ව සිටින මිනිසෙකුට කවුරුන් හෝ හිරිහැර කිරීමට සැරසෙනවිට ඔහු එයින් මිදී පලායාමට උත්සාහ ගනී නමුත් කුසතුල සිටින දරුවා කෙසේනම් බේරී පලායන්නද ?
“අනේ අසරණ අහිංසක කිරිකැටියා මරණයේ අනේක දුක්විද මරුමුවට පත්වේ.”
දැන් ඔබ ගබ්සාවක් යනු කුමක්ද?එයින් සිදුවන විපාක හා දුෂ්කරතා හොදින් අවබෝද කරගෙන ඇති බව මා දනිමි.කාන්තාවන් වන අප දරුවකු දරුවකු බිහිකිරීමේ වරය ලබා ඇත.එය අද නවීන තාක්ෂණයට වත් කල හැකි දෙයක් නොවේ.එම නිසා තරුණියක කාන්තාවක වශයෙන් ගබ්සාවක් කිරීමට ප්‍රථම දෙවරක් සිතන්න.මන්ද එයින් සිදුවන අනිසි ප්‍රතිපල ඔබ දන්නා බැවිනි.
යම් ලෙසකින් ඔබට දරුවා හදා ගැනීමට නොහැකිනම් අද දරුවන් නොමැතිව දුක්විදින දෙමාපියන් කොතෙකුත් සිටීද.එවන් අයෙකුට දරුවා බාර දෙන්න.එය මෙවැනි අපරාදයක් කරනවාට වඩා පුණ්‍ය කර්මයකි.
අවිවාහක තරුණියන්ද තාවකාලික සැපය පසුපස නොගොස් තමන්ට ගැලපෙන විවාහයක් නියමිත වයසේදී සිදුකර ගෙන සොදුරු ආදරයේ ආස්වාදය නිර්මාණය කරගැනීමට හැකි බව ඔවුන් මතක තබා ගත යුතුයි.
අපේ ඇති වැරදි වලට නොපිපුණු මල් කැකුලක් පොඩිකර ලන්නේ මන්ද?
KEYWORDS
#awareofabortion #abortion #womencare #awareofabortioninsrilanka #sinhalaarticleinsrilanka #abortionarticleinsrilanka #
The post ගබ්සාව ගැන දැනුවත් appeared first on mummypages.lk-Pregnancy and Parenting.