Quantcast
Channel: ගර්භනී – mummypages.lk-Pregnancy and Parenting
Viewing all articles
Browse latest Browse all 28

ගර්භණී අවස්ථාවේ දී දුම්බීම

$
0
0

ගර්භණී අවස්ථාවේදී දුම්පානය නවත්වන්න.  ඔබේ සහකරුගෙන් ද දුම්පානය නවත්වන ලෙස ඉල්ලා සිටින්න.

ඔබේ ගර්භයේ සිටින බබාට දුම්කොළ වලින් නික්මෙන දුම ඉතා අහිතකර වේ.  සිගරට්, සුරුට්ටු සහ පයිප්ප දුම්වල 7,000 කට වඩා රසායනික ද්‍රව්‍ය අඩංගු වේ.  ඔබේ බබාව දුම්කොළ වලින් නික්මෙන දුමෙන් ආරක්ෂා කිරීම ඔබේත්, ඔබේ සහකරුගේත් වගකීමකි.  ඔබ සිගරට් දුම උරන සෑම වාරයකදීම ඔබේ බබාගේ හෘද ස්පන්දනය ඉතා දැඩි වන බව ඔබ දන්නවාද?  එයට හේතුව ඔබ සිගරට් දුම උරන වාරයක් පාසා, ඔබේ බබාට ඔබෙන් යන ඔක්සිජන් ප්‍රමාණය ඉතා අඩු මට්ටමක පවතින නිසයි.

ඉතා ඉක්මනින් දුම්බීම නැවැත්වීම ඔබටත්, ඔබේ බබාටත් හිතකර වේ.  එවිට ඔබේ ගර්භණී භාවයට ඇතිවිය හැකි ව්‍යාකූලත්වය අඩුවන අතර, ගබ්සා වීම්, මළ දරු උපත්, නොමේරූ දරු උපත්, හදිසි ළදරු මරණ (Sudden Infant Death Syndrome – SIDS) සහ උපත් බර අඩුවීම් ආදී අවදානම් තත්ත්ව අඩු කර ගත හැකිය.

ඔබ කලින් දුම්පානය කළ අයෙක් නම්, අමතර උදව්වක් නොමැතිව එම පුරුද්ද අත්හැරීම අපහසු විය හැක.  මේ පුරුද්ද සම්පූර්ණයෙන් නැති කිරීම විශේෂඥ උදව් මගින් කළ හැකි බව වාර්තා පෙන්වා දෙයි.  මේ පිලිබඳ ඔබේ වෛද්‍යවරයාගේ සහය පතන්න.

ඔබ දුම් පානයෙන් පිටවන දුම්වලට නිරාවරණය වන්නට එපා

ඔබ දුම්පානය නොකළත්, අන් අය පිට කරන සිගරට්/සුරුට්ටු/පයිප්ප දුම් වලට ඔබ නිරාවරණය වීම හෙවත් එම දුම් ඔබ ආඝ්‍රානය කිරීම ද, ඔබේ බබාට ඉතා අහිතකර වේ. ඔබේ සහකරුගේ හෝ ඔබේ නිවසේ/රැකියාව කරන ස්ථානයේ වෙනත් කෙනෙක් දුම් පානය කරන්නේ නම්, එම දුම ඔබේ බබාට, ඔහු/ඇය ඉපදීමට පෙර හෝ පසු බල පෑ හැකිය. අවුරුදු 15ට වැඩි පිරිමින්ගෙන්, 25%ක් ශ්‍රී ලාංකිකයන් දුම් බොන්නන් බව ලෝක බැංකු දත්ත වලින් පෙන්වා දෙනු ලැබේ. මෙයින් පෙන්වා දෙන්නේ, ඔබේ නිවසේදී හෝ රැකියාව කරන ස්ථානයේදී ඔබ දුම් පානය කරන්නෙකුගේ දුම් වලට බඳුන් වන බවයි.  එසේ අන් අයෙකුගේ දුම් වැටියකින් පිටවන දුම ඔබට ආඝ්‍රාණය වේ නම්, නොමේරූ දරු උපතකට, මළ දරු උපතකට, උපත් බර අඩු දරු උපතකට, හදිසි ළඳරු මරණයකට හෝ සෙංගමාලය, ලේ අඩුකම සහ පෙනහළු රෝග වැනි  අලුත උපන් දරුවාගේ සෞඛ්‍ය ගැටළුවකට  ඔබට මුහුණ පෑමට සිදු විය හැක.

දුම් පානය කරන දෙමව්පියන්ගේ දරුවන්,  වයස මාස 18ක් වැනි කාලයක් තුල හදිසි ළඳරු මරණයකට, ශ්වාසනාළිකා ප්‍රදාහය, නිව්මෝනියාව සහ ඇදුම වැනි රෝගයන්ට මැදිහත් විය හැක.  එසේම, ඔවුන්ට සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ ශ්‍රවනේන්ද්‍රියන් සම්බන්ධ රෝග ආදී රෝගයන්ට මුහුණු පෑමට ඇති අවදානම, දුම් පානයට නැඹුරු නොවූ දෙමව්පියන්ගේ දරුවන්ට වැඩි වේ.  ඔබට ඔබේ ආදරණීය බබාට මෙවැනි  අවස්ථාවකට  මුහුණ පෑමට ඉඩ දිය හැකිද?

එය තවමත් ප්‍රමාද වැඩි නොවේ. ඔබ ගර්භණී අවස්ථාවේ සිටින විට, ඔබ ඉක්මනින් දුම්පානය නැවත්වුවහොත්,  ඔබේ බබාට  නීරෝගී වර්ධනයක් ඇතිවීමට ඇති හැකියාව ඉතා අධිකය.  ඔබේ නිවසේ වෙසෙන අයෙක්, ඔබේ රැකියා ස්ථානයේ අයෙක් හෝ  ඔබ සමඟ එකම රථයේ ගමන් කරන අයෙක් දුම්බීමට ලැහැස්ති වේනම්, ඔවුන්ට  එම ස්ථානයෙන් පිටතට ගොස් දුම්පානය කිරීමට සලස්වන්න.  එවිට ඔබට ඔවුන් පිටකරන දුමාරය ආඝ්‍රණය නොවේ.  ඔබේ ගර්භණී අවස්ථාවේ අවසන් අදියරේදී හෝ  ඔබ මෙම දුම්පානයෙන් හෝ දුම් වැටී වලින් නික්මෙන දුමාරයෙන් වැළකේ නම්, එමඟින්ද, ඔබේ සහ ඔබේ බබාගේ සෞඛ්‍ය පිළිබඳ සෑහෙන හොඳ ප්‍රතිචාරයක් ඇති කරනු ලැබේ.

#smokinginpregnancy #smoking #pregnancy #women #pregnentwomen #sinhalaarticleinsrilanka #sinhalaarticle

 note

The post ගර්භණී අවස්ථාවේ දී දුම්බීම appeared first on mummypages.lk-Pregnancy and Parenting.


Viewing all articles
Browse latest Browse all 28

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>