සාමාන්‍යයෙන් ගර්භණී භාවය සති 40ක කාලයක් තුළදී නිම විය යුතුයි; එනම් ඒ වනවිට දරු උපත සිදුවිය යුතුයි. (හෝ අන්තිමට ඔසප් වූ මුල් දිනයේ සිට දින 280ක් තුළදී). සති 41 දී, ඔබේ දරු උපත සිදු නොවුයේ නම්, එය කල් ඉක්ම වූ දරු උපතක් ලෙස හැඳින්වේ.
දරු උපත ගර්භනීත්වයේ සිට සති 41ක් තුල සිදු නොවුයේ නම්, කුමක් කළ යුතුද?
ඔබට ඔබේ වෛද්‍යවරයා විසින් මුලින්ම “මෙම්බ්‍රෙන් ස්වීප් “ නමැති අතිධ්වනීය පරීක්ෂාවකට ලක් කරනු ලැබේ. එමඟින්, ඔබේ යෝනි මාර්ගය පරීක්ෂා කරනු ලැබේ. එමඟින් ඔබේ ගැබ් ගෙල උත්තේජනය කිරීමේ හොර්මෝන් ක්‍රියාවලිය මඟින් ප්‍රසූතිය ආරම්භ කිරීමට උත්සහ කරනු ලැබේ. මේ සඳහා වැඩි විස්තර අපේ ප්‍රසූතිය ප්‍රේරණය කිරීම නමැති ලින්ක් එකෙන් දැනගත හැකි වේ.
ඔබට තවමත් ප්‍රසූති ක්‍රියාවලිය පටන් නොගනී නම්, ඔබේ වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව, ප්‍රසූතිය උත්තේජනයකට භාජනය කිරීමට උපදෙස් දෙනු ලැබේ – මේ සඳහා වැඩි විස්තර අපේ ප්‍රසූතිය ප්‍රේරණය කිරීම නමැති ලින්ක් එකෙන් දැනගත හැකි වේ. ඔබ මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර, මෙම ක්‍රමයෙන් සිදුවන වාසි අවාසි (හොඳ නරක) පිළිබඳව ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ වින්නඹු මාතාවගෙන් අසා දැනගන්න.
ඔබට සති 41 දී දරු උපත සිදු නොවේනම්, ඔබේ බබාගේ චලනය වීමේ ක්‍රියාවලිය සහ හෘද ස්පන්ධනය සාමාන්‍ය අයුරින් තිබේදැ’යි නිරතුරුව පරීක්ෂා කරනු ලැබේ. එහි යම්කිසි වෙනසක් දැනේ නම්, ඔබට බබාව ප්‍රසූති කිරීමට අවශ්‍ය උපදෙස් දෙනු ලැබේ.
බොහෝ කාන්තාවන්ට, සාමාන්‍යයෙන් සති 42ක කාලයක් තුළ දරු උපත සිදු වේ. සති 42ක් තුළ, ඔබට දරු ප්‍රසුතිය සිදු නොවුයේ නම්, දරුවා බිහි කිරීමට ගත යුතු ක්‍රියා මාර්ග ගැනීමට ඔබට දැඩිසේ උපදෙස් දෙනු ලැබේ. එයට හේතුව වනුයේ සති 42 ක් තුළ දරු උපත සිදු නොවුයේ නම්, මළ දරු උපත් සිදු වීමේ ප්‍රවනතාවය වැඩි වීමයි.
#Infantbirthsexceedingly #Infantbirths #pregnancytime #pregnancywomen #pregnancytime
The post කල් ඉක්ම වූ දරු උපත් appeared first on mummypages.lk-Pregnancy and Parenting.