සමහර කාන්තාවන්ට දරු ප්‍රසූති ක්‍රියාවලිය වේදනාකාරී විය හැකිය. වේදනාව අඩු කිරීමේ ක්‍රම ඉගෙන ගැනීමෙන්, ඒ සඳහා ඔබට සූදානම් වියහැක.
ස්වසාධනය (තමාටම උදව් කර ගැනීම)
නියමිත ව්‍යායාම් සහ ප්‍රසූතියට පෙර ඒ පිලිබඳ උගන්වන පංති වලට සහභාගී වීමෙන් ඔබට මානසිකව සහ ශාරීරිකව ප්‍රසූතිය සඳහා සූදානම් විය හැක. විවිධ මාදිලියේ විවේක ගැනීම් සහ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රම ඉගෙන ගැනීමෙන්, දරු ප්‍රසූති අවස්ථාවේදී ඔබට සංසුන්ව සිටීමටත්, අවශ්‍ය අවස්ථාවලදී, නියමිත පරිදි දරුවාව පහළට තල්ලු කිරීමටත් හැකියාව ලැබේ. දරු ප්‍රසූතියේදී ඔබට වේදනාව අඩු කිරීමට උදව් කරන ඉරියව් මොනවාදැ’යි පර්යේෂණ කරමින්, තනිවම උත්සහ කිරීමෙන් ඔබටම වේදනාව පාලනය කරගත හැක. ඔබේ සැමියා, යෙහෙළියක් හෝ ළඟම ඥාතියෙක් දරු ප්‍රසූති අවස්ථාවේ ඔබ අසල සිටීමෙන් අවශ්‍ය වෙලාවට ඔබේ පිට කොන්ද මෘදු ලෙස පිරිමැද ගැනීමෙන් ඔබේ කොන්දේ වේදනාව අඩුවේ. සංකෝචනය පටන් ගන්නා මුල් අවස්ථාවේදී, උණුසුම් ජලයෙන් ස්නානය කිරීමෙන් සහ එහා මෙහා ඇවිදීමෙන් වේදනාව යම් ප්‍රමාණයකට අඩු කර ගත හැක.
වේදනාව අඩු කර ගැනීම සඳහා සැලසුම් කිරීම
ඔබේ වෛද්‍යවරයාගෙන් සහ වින්නඹු මාතාවගෙන් ප්‍රසූති වේදනාව යටපත් කර ගැනීම සඳහා ලබාගත හැකි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන්, ඔබට ගැළපෙන දේ තීරණය කළ හැක. කෙසේ හෝ, දරු ප්‍රසූතියේදී නිදහස් මානසික තත්ත්වයකින් සිටීමෙන්, ඔබ සැලසුම් කළ ආකාරයකට වඩා වැඩියෙන්/අඩුවෙන් හෝ වෙනස් ආකාරයේ වේදනාවක් ඇති විය හැක.
පහත සඳහන් වන්නේ, ප්‍රසූතියේ දී සාමාන්‍යයෙන් යොදා ගන්නා වේදනානාශක ක්‍රමයි :
ගෑස් සහ වාතය : ඔක්සිජන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් ගෑස්, මුහුණු ආවරණයකින් හෝ මුව නළයකින් ඔබට ආශ්වාස ප්‍රශ්වාස කිරීමට දෙනු ලැබේ. ඔබ එය ගැනීමෙන් අනතුරුව තත්ත්පර 15-20ක් අතරදී එය ක්‍රියාශීලී වේ. සංකෝචනය පටන් ගත් පසු, සෙමින් ඉතා ගැඹුරු හුස්ම ගන්න. මෙමඟින් ඔබේ වේදනාව මුළුමනින්ම අඩු නොවුනත්, ඔබට එම වේදනාව දරා ගත හැකි බව ක්‍රමයෙන් වැටහේවි. මෙය ප්‍රසූතියට පෙර තිබෙන පංති මඟින් ඉගෙන ගත හැකිය. තවද, මෙම ක්‍රමය ආරක්ෂාකාරී වේදනානාශක ක්‍රමයකි. මෙම ක්‍රමයට බොහෝ කාන්තාවන් කැමති වන්නේ, දරු ප්‍රසූතියේදී මෙමඟින් තමන්ටම වේදනාව පාලනයකරගත හැකි නිසාය.
ඇතිවිය හැකි අතුරු ඵල (විශේෂයෙන් අනර්ථකාරී) : මෙම ක්‍රමයෙන් වේදනාව සමනය කිරීම නිසා දැනගැනීමට තරම් විශේෂ අනර්ථකාරී අතුරුඵල මවට හෝ බබාට බලපාන්නේ නැත. ඔබට අසනීප තත්ත්වයක්, හිසේ සැහැල්ලු බවක්, නිදිමත ගතියක් හෝ මත්බවක් දැනේ නම්, මෙය භාවිතා කිරීම නවත්වන්න.
පෙතිඩීන් එන්නත්
ප්‍රසූත වේදනාව දරා ගත නොහැකි නම්, ඔබේ කලවේ හෝ නිතඹට (තට්ටමට) මේ එන්නත ලබා දේ. මෙමඟින් මස් පිඬු නිශ්චල කර වේදනාව සමනය කෙරේ. එය මිනිත්තු 20ක් තුළදී ක්‍රියා කිරීමට පටන් ගන්නා අතර, පැය කීපයක් (සාමාන්‍යයෙන් පැය 2 – 4 දක්වා) තිබේ. මෙම මාත්‍රාවෙන් බාගයක් ඔබට පාවිච්චි කළ හැක.
ඇතිවිය හැකි අතුරු ඵල (විශේෂයෙන් අනර්ථකාරී) : ඔබට අසනීප බවක්, සැහැල්ලු බවක් හෝ මත් බවක් දැනිය හැක. බබා තල්ලු කළ යුතු අවස්ථාවේ, ඔබට එය අසීරු බවක් දැනිය හැක. ප්‍රසූතිය ලංවී මෙම එන්නත ලබා දුනහොත්, බබාගේ ශ්වසන ක්‍රියාවලියට එය බල පෑ හැක. මෙවැනි ඖෂධ, බබාට දෙන මුල් කිරි වේලටද බලපෑ හැක.
නිද්‍රාවට පත් කරන එන්නත්
මෙවැනි එන්නත් සිහි නැති කිරීමට (නිර්වින්දනයට පත් කිරීමට) සමාන වේ. මෙම නිර්වින්දන එන්නත ලබා දෙන්නේ නිර්වින්දක විශේෂඥයකු යටතේය. මෙම එන්නත වේදනා සංනිවේදනය මොළයට ගෙන යන ස්නායු හිරි වට්ටවයි. බොහෝ දුරට, මෙය හොඳ වේදනානාශකයක් ලෙස ක්‍රියා කරයි. මෙය ලබා දෙන්නේ බොහෝ වේලාවක් ප්‍රසූති වේදනාවෙන් පෙළෙන කාන්තාවන් හෝ ප්‍රසූති වේදනාවෙන් පීඩනයට පත් වූ කාන්තාවන් උදෙසාය. මුලින්ම ඔබේ අතට යම් දියරයක් විඳීමෙන් පසු ඔබේ නිර්වින්දක වෛද්‍යවරයා ඔබට පැත්තට හැරී නිදා ගැනීමට හෝ ඉඳ ගැනීමට උපදෙස් දෙනු ලැබේ. ඔබේ පිටුපස පිරිසිදු කිරීමෙන් පසු, ඔබේ පිටුපසට ඉඳිකටුව ඇතුල් කිරීමෙන් පසු, ගර්භාෂය සහ මොළය හා සම්බන්ධ ස්නායුවට එන්නත විඳිනු ලැබේ. එය ඔබේ ශරීරය තුළ ක්‍රියාකාරී වීමට විනාඩි 10ක් පමණ කාලයක් ගත වේ. ඉන්පසු ශරීරයේ එම ප්‍රදේශය හිරි වැටේ. ඔබේ සංකෝචන ක්‍රියාවලිය සහ බබාගේ හෘද ස්පන්දනය නිරතුරුව වෛද්‍යවරයා විසින් පරීක්ෂා කළ යුතු වේ. ඔබගේ පා පෙදෙස මෙම එන්නතින් පසු පහසුවෙන් එහා මෙහා කළ නොහැක. මේ පිළිබඳව ඔබේ වෛද්‍යවරයාගෙන් එන්නත විඳීමට පෙර දැනගත යුතුය. ප්‍රසූතියේදී මෙම නිර්වින්දන එන්නත පමණක් ප්‍රමාණවත් නොවේ. ප්‍රසූත වේදනාව ප්‍රහීණ කිරීම සඳහා, ඉහත සඳහන් කළ වේදනානාශක ක්‍රම පිලිබඳව ඔබ දැනුවත් වී සිටිය යුතුයි.
ඇතිවිය හැකි අතුරු ඵල (විශේෂයෙන් අනර්ථකාරී) : ඔබේ දෙපාවල බර ගතියක් දැනේ. සමහරවිට රුධිර පීඩනය අඩු වීමට ඉඩ ඇත (අයි.වී.එෆ්. – IVF පාලනය නිසා රුධිර පීඩනය අඩුවීම ඉතා දුර්ලභ දෙයකි).
ටෙන්ස් (TENS) විද්‍යුත් ස්නායු උත්තේජන උපකරණය
ටෙන්ස් (TENS) යන්නෙහි අදහස වනුයේ “transcutaneous electrical nerve stimulation”. මෙම උපකරණය සමහර රෝහල්වල තිබිය හැක. ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව, ඔබට නිවසේදී පාවිච්චි කිරීම සඳහා මෙම උපකරණයක් මිළ දී ගත හැක. මෙම උපකරණයේ ඇති කුඩා විද්‍යුත් තන්තු ඔබේ පිටුපසට සවිකළ හැක. ඒවා උත්තේජනය කරනු ලබන්නේ කුඩා බැටරි විශේෂයකිනි. මේවායේ ක්‍රියාකාරිත්වයෙන් ඔබේ ශරීරය තුල ස්වභාවික වේදනානාශක තත්වයක් ඇති වේ. එය හඳුන්වනුයේ “endrophons” (එන්ඩ්‍රොෆොන්ස්) යනුවෙනි. මෙම උත්තේජනය නිසා ඔබේ පිටුපස සිට වේදනාව අඩු කිරීමේ සංඥා සුෂුම්නාව දිගේ ඔබේ මොළයට ගමන් කරනු ලැබේ. මෙම වේදනානාශක ක්‍රමය බොහෝ දුරට ඉවහල් වන්නේ, සංකෝචනය පටන්ගත් මුල් කාලය තුල මිස, ප්‍රසූතියේ අවසාන අදියරේ දී නොවේ. ඔබ මෙම උපකරණයක් භාවිතා කිරීමට පෙළඹෙයි නම්, ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ වින්නඹු මාතාවගෙන් මෙය ලබා ගත හැක්කේ කුමන ස්ථානයකින්දැ’යි අසා දැන ගන්න.
ඇතිවිය හැකි අතුරු ඵල (විශේෂයෙන් අනර්ථකාරී) : මෙම ක්‍රමයෙන් වේදනාව සමනය කිරීමෙන් දැනගැනීමට විශේෂ අනර්ථකාරී අතුරුඵල නොමැත.
#duringpregnancy #motherandbaby #mothercare p#regnancy #pregnancyarticleinsrilanka #pregnancymotherin srilanka #pregnancywomen #sinhalaarticle #sinhalapregnancyarticle
The post දරු ප්‍රසුතියේ ඇතිවන වේදනාව අඩු කිරීම appeared first on mummypages.lk-Pregnancy and Parenting.