Quantcast
Channel: ගර්භනී – mummypages.lk-Pregnancy and Parenting
Viewing all articles
Browse latest Browse all 28

අවුරුදු 13 සිට 19 වයස් කාණ්ඩයේ ළමයින් ගර්භනීභාවයට පත්වීම

$
0
0

mummypages.lk-digital-magazine-march-edition

හිතන්න, ඔබේ වයස අවුරුදු 13ත් 19ත් අතර කාලයේ ඔබ ගැබිනියක් වෙනවා කියලා! කොහොමද ඔයා  ඉස්කෝලේ යන්නේ? කොහොමද ඔයා  යාළුවන්ට හා ගුරුවරුන්ට මුහුණ දෙන්නේ?  කොහොමද ඔයා, එය ඔයාගේ දෙමවුපියන්ට කියන්නේ!”  මගේ අම්මා නිතරම කියන කතාවක් තමයි “ඇමෙරිකාවේ ඉන්න අවුරුදු 13ත් 19ත් කාණ්ඩයේ  ගැහැණු ළමයි පමණයි ගැබිණි බවට පත් වෙන්නේ කියලා.  ශ්‍රී ලංකාවේ ගැහැණු ළමයි එහෙම වෙන්නේ නැහැ, එයාලා වැරදි විදියට හැසිරුනේ නැත්නම් ” කියලා.

ඒ කතාව අහල පුරුදුයි නේද ?  අපේ සියලුම පාඨකයින් හිතාගෙන ඉන්නේ ශ්‍රී ලංකාවේ මෙය සිදු නොවේ යයි කියලද?    නම් මෙන්න ඇඟ කිලිපොලා යන සංඛ්‍යා ලේඛන විස්තර:  ශ්‍රී ලංකාවේ අවුරුදු 13 සහ 19 අතර වයස කාණ්ඩයේ ගැහැණු ළමුන්ගෙන් 7% කට වැඩි ප්‍රමාණයක් ගැබිනියන් වී ඇති බව වාර්තා ගත වී ඇත.  එනම් අවුරුදු 20 ට වඩා  අඩු වයසේදී ගැහැණු ළමයින් ගැබිණි බාවයට පත් වී ඇත.

ශ්‍රී ලංකාවේ අවුරුදු 13ත් 19ත් අතර ගැහැණු ළමුන් ගර්භනී භාවයට පත් වෙන්නේ ඇයි?

බොභෝ පවුල් වල ඇති මතු පිටට නොපෙනෙන අස්ථායිතාව සහ දරිද්‍රතාවය ශ්‍රී ලංකාවේ ගැහැණු ළමුන් ඉක්මනින් ගැබිණි භාවයට පත්වීමට මුල් වූ සිද්ධාන්තයකි. තවත් සමහර පොදු ප්‍රශ්න නම් පියා මත්පැන් වලට ඇබ්බැහි වුවෙක් විය හැකි අතර, තවත් සමහරුන්ගේ අම්මලා මුදල් අඟ හිඟකම් නිසා පිටරට ගොස් ඇත. තවද, මුදල් අසීරුතාවයන් නිසා ළමයින් පාසැල් නොයනවා විය හැක.

ඇතැම් ළමුන්ට ලිංගිකත්වය සහ ගැබිණි භාවය පිලිබඳ පැහැදිලි වැටහීමක් නැති කමත් මෙම ඛේදයාචකයට   එක් හේතුවකි. බොහෝ දෙමවුපියන් ලිංගිකත්වය පිලිබඳ හෝ ලිංගික අධ්‍යාපනය පිලිබඳ තරුණ ළමයින් සමග නිදහසේ කතා කිරීමට පසුබට වෙති. එහි ප්‍රතිපලයක් වශයෙන් බොහෝ ගැහැණු ළමයින්ට ලිංගික සම්බන්ධකම් සහ ගැබ් ගැනීමෙන් වැලකීම පිලිබඳ මූලික දැනුමක් නැත.

සදාචාරාත්මක හේතු ද ඉතා විශේෂ තැනක් ගනී. ඇතැම් අම්මලාද පවුල් ප්‍රශ්න නිසා තමන්ගේ තරුණ දූවරුන්ට ඉක්මනින් විවාහ වී දරුවන් හැදීමට උනන්දු කරති.

සමහර තරුණ ගැහැණු දරුවන්, විශේෂයෙන් අවුරුදු 13 සහ 19 අතර කාණ්ඩයේ දූවරුන් තමන්ගේම පවුලේ ළඟම  ඥාතියෙක්ගේ බලපෑම නිසා මෙම ඉරණමට ලක්වන අතර, මෙය සමාජයේ ඇති එක් අඳුරු පැතිකඩකි. ශ්‍රී ලංකාවේ තරුණියන්, බොහෝ විට විවාහ නොවී ගැබිනියන් බවට පත්වන්නේ බලහත් කාරයෙන් සිදුවන දුෂණය සහ තමාගේ ලඟම ඥාතියෙකු සමග අපචාරයෙහි යෙදීම නිසයි.

අපි එය වළක්වන්නේ නැත්තේ ඇයි ?

වයස අවුරුදු 13 සිට 19 දක්වා වැඩිවියට පත් වූ තරුණ ගැහැණු ළමයින් ජීව විද්‍යාත්මකව දරුවන් ලැබීමේ හැකියාවෙන් යුක්ත වුවත්,මානසිකව හා ශාරීරිකව සලකා බැලුවොත්, ඔවුන් දරුවෙකු බිහි කිරීම හෝ දරුවෙකු හදා වඩා ගැනීම සඳහා පරිනත භාවයට පත් වී නොමැත.  තවද, ඔවුන් තවමත් වර්ධනය වෙමින් සිටිති.

මෙම වයසේදී ගැබිණි භාවයට පත් වීම නිසා, මෙම ළමයින්ගේ වැඩිදුර අධ්‍යාපනයට බාධා ඇතිවේ. මෙම තත්වයට පත්වූ බොහෝ ගැහැණු ළමුන් ඔවුන්ගේ අනාගත රැකියාවන් ගැන කරදරයට පත්වේ.

මේ හා සම්බන්ධව නීතිමය පියවරවල් ඇත ශ්‍රී ලංකාවේ  ගබ්සා කිරීමට     නීතියෙන් අවසර නැති හෙයින්, ඔවුන්ගේ පවුල්වල හෝ එම ගැහැණු දරුවන් හෝ අකමැති වුවත්, ඔවුන්ට දරුවා ලැබෙන තෙක් එම කාලය පසු කල යුතුවේ.  ශ්‍රී ලංකාවේ විවාහ වීමේ වයස අවුරුදු 18 වේ.  අවුරුදු 13 සහ 19 අතර ගැහැණු ළමුන් මෙම වයසට වඩා  අඩු වයසේදී ගර්බනී භාවයට පත් වුවොත්, ඔවුන් අවිවාහකව සිටියදීම දරුවන් ලැබිය යුතුයි.  එම අවස්ථා වලදී, දරුවාට පියාගේ නම දී ලියාපදිංචි කළ නොහැකි නිසා මෙය බරපතල ප්‍රශ්නයක් විය හැකිය.

තවද, මෙම තරුණ වයසේ පසුවන ගැහැණු ළමයින් බොහෝ විට රෝගී තත්වයන්ට මුහුණ පාන  අතර මානසික ගැටළු වලටද මුහුණ පායි. එයට හේතුව, මවක් වීම සම්බන්ධයෙන් මානසික පීඩනයකට සහ චිත්තවේගී බලපෑමකට මුහුණ දීමට සිදුවන නිසයි.

 බාල වයස්කාර දැරියන් ගැබිනියන් බවට පත්වීමෙන් වලකමු

පවුල් සංස්ථාව තුල ස්ථිර සහ ආරක්‍ෂිත පරිසරයක්  ගොඩ නැංවීම අත්‍යවශ්‍යම කරුණයි. මේ සම්බන්ධයෙන් දෙමාපියන්ට ඇත්තේ ඉතා විශාල කාර්ය භාරයකි.  අවුරුදු 13 සිට 19 දක්වා වයසැති දරුවන් තවමත් ආදරය සහ පිළිසරණ අවශ්‍ය ළමයින් බවත්, ඔවුන්ට මුහුකුරා  ගිය වැඩිහිටියන් බවට පත් වීමට තව කාලයක් අවශ්‍ය බවත්  දෙමාපියන් තරයේ සිතට ගත යුතුයි.  දෙමාපියන් සහ ගුරුවරුන් බාල වයස්කාර දරුවන්ගේ ලිංගිකත්වය සම්බන්දයෙන්   විවෘත සංවාද ආරම්භ කල යුතුයි.  පමණක් බාල වයස්කාර දැරියන් ගර්භණී බවට පත්වීමෙන්  වැළැක්විය නොහැකි නමුත්, මෙමගින් මෙම  උවදුර  යම් ප්‍රමාණයකට පැතිර යාම  වැළැක්විය හැකි  වේ.  තවද, මේ නිසා නොයෙකුත් ලිංගික ලෙඩ රෝග පැතිර යා හැක.     අපි මෙම කරුණ සම්බන්දයෙන් ගැහැණු ළමුන් පමණක්  දැනුවත් කිරීමෙන්  පලක් නොවේ.    බාලවයස්කාර පිරිමි දරුවන්ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර, ඔවුන්ගේ  ක්‍රියාවන්වල  වගකීම පිලිබඳව  දැනුවත් කල යුතු වේ.

අවුරුදු 13 සිට 19 දක්වා වයස් කාණ්ඩයේ ළමයින් තවමත් ළමුන් වන අතර, ඔහු හෝ ඇය, වැඩිහිටියෙක් බවට පත් වනතුරු , ඔවුන්ගේ ළමා කාලය සතුටෙන් ගත කිරීමට සහය වන්න!

KEYWORDS :

#Girls #younggirls #teenagepregnancy #sinhalaarticle #srilankasinhalaarticle

note

The post අවුරුදු 13 සිට 19 වයස් කාණ්ඩයේ ළමයින් ගර්භනීභාවයට පත්වීම appeared first on mummypages.lk-Pregnancy and Parenting.


Viewing all articles
Browse latest Browse all 28

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>