මගේ රුධිර පීඩනය මෙතරම් විශාල බලපෑමක් ඇති කරයි කියා මම දැන සිටියේ නැහැ. එය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ස්වල්පයක් ඉහළ ගොස් ඇත. මගේ රුධිර පීඩනය හැමදාම උදේ සහ සවස පරීක්ෂා කරන්න කියා අජිත් දොස්තර මහතා මට උපදෙස් දුන්නේ ඇයි? ප්‍රසූතියට මාස 4ක් තිබියදී, මෙම ක්‍රියාවලිය ඉතා කරදරකාරී දෙයක් ලෙස මට හැඟුණා. මෙම රුධිර පීඩනය වැඩි වීම, බබාටත්, මටත් අවධානමක් බව, මට එය දොස්තර මහතා පැහැදිලි කිරීමෙන් පසුව වැටහුනා.
ගර්භනී අවස්ථාවේ ඔබේ රුධිර පීඩනය වැඩිවීමටත්, ආපසු සාමාන්‍ය තත්ත්වයට ඒමත් සිදුවේ. නමුත්, සමහර ගර්භනී මව්වරුන්ගේ රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පැමිණෙන්නේ නැත.ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගර්භනී අවස්ථාවේ සිටියදී, මෙසේ රුධිර පීඩනය වැඩි වීම සාමාන්‍ය දෙයකි. නමුත් හෘදයේ හැකිලීම 140 mm Hg සහ හෘදයේ ප්‍රසාරණය 90 mm Hg වලට වඩා වැඩි නම්, එය අධි රුධිර පීඩනය ලෙස සැලකේ.
ගර්භනී අවස්ථාවේ රුධිර පීඩනය –
- නිදන්ගත අධි රුධිර පීඩනය – මෙය ගර්භනී භාවයට පෙර සහ ප්‍රසුතියට පසු තිබෙනා තත්ත්වයකි. ඔබේ රෝගී තත්ත්වය අනුව වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනු ලැබේ.
- පූර්ව ගැබ් වලිප්පුව – ගර්භනී අවස්ථාවේ ඔබේ මුත්‍රා වල අධික රුධිර පීඩනය සහ ප්‍රෝටීන් තිබීමෙන් මෙම තත්ත්වය ඇති විය හැකිය. එය පටන් ගන්නේ ගර්භනී භාවයට පත් වී සති 20කට පසුවය. එම තත්ත්වය ප්‍රසූතියෙන් පසු ඉවත් වේ. සමහර අවස්ථාවල මෙම තත්ත්වය නිසා ජීවිත තර්ජනයක් ඇති විය හැකිය. මෙම තත්ත්වය “වලිප්පුව” යනුවෙන් හඳුන්වයි. මෙම තත්ත්වයේදී හදිසි ආබාධ ඇති වීමටත්, සිහිසන් (කෝමා) තත්ත්වයක් ඇති වීමටත් ඉඩ ඇත.. ඉතා මෘදු පූර්ව ගැබ් වලිප්පු අවස්ථාවකදී හෝ, ඉතා ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍යය. මෙය තත්ත්වය වකුගඩු වල, අක්මාවේ සහ මොලේ ආබාධ ඇති කිරීමට ඉඩ ඇත. මෙම අවස්ථාවේදී, මෘදු වෛද්‍ය ප්‍රතිකාරවල සිට, ප්‍රසුති වේදනාව ඇති කර, ඉක්මනින් බබාව ගැනීමටද ක්‍රියා කරයි. එසේ නැතහොත්, ගර්භනී අවස්ථාවේදී නොයෙකුත් රෝග විෂමතා ඇති විය හැක.
- ගර්භනී අවස්ථාවේදී ඇතිවන අධි රුධිර පීඩනය – මෙය ගර්භනී අවස්ථාවේදී ඇතිවන තත්ත්වයකි. මෙම අවස්ථාවේදී මුත්‍රා වල ප්‍රෝටීන් නැති අතර, මෙය පටන් ගන්නේ ගර්භනී භාවයට පත්වීමෙන් සති 20කට පසුවය. එය දරු ප්‍රසුතියෙන් පසු නැති වී යයි. මෙම අවස්ථාවේදී, වෛද්‍ය ප්‍රතිකාර වලට විධිමත් ඇල්ට්‍රා කිරණ පරීක්ෂාවන් වලින් අධික රුධිර පීඩනය සහ ගර්භයේ සිටින දරුවාගේ හදවතේ ගැස්ම පරීක්ෂා කිරීමෙන් දරුවාගේ වැඩීම පරීක්ෂා කරනු ලැබේ.
- දිගු කල් පවතින අධි රුධිර පීඩනය – මෙය ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් 4කින් එක අයෙකුටම මෙය ඇති අතර, මෙම තත්ත්වය සමඟ ගර්භනී භාවයේ අවසාන කාලයේදී පූර්ව-ගැබ් වලිප්පුව සැදීමට ඉඩ ඇත. ඔබේ වෛද්‍යවරයා නොකඩවා ඔබේ තත්ත්වය සහ ගැබේ සිටින දරුවාගේ හද ගැස්ම සහ වැඩීම ගැන ඉතා පරීක්ෂාවෙන් සිටී.
ගර්භනී අවස්ථාවේ අධි රුධිර පීඩනය ඇති වීමට හේතු
- අක්‍රමවත් ජීවන රටාව
- අධික තරබාරු තත්ත්වය
- ක්‍රියාකාරී භාවයෙන් සිටීමට අපොහොසත් වීම
- ගර්භනී භාවයට පෙර මත්ද්‍රව්‍ය භාවිතය සහ දුම් පානය
ගර්භනී භාවයේදී රෝග විනිශ්චය කිරීම
ගර්භනී අවස්ථාවේදී ඇතිවන අධි රුධිර පීඩනය සහ පූර්ව වලිප්පු තත්වයේදී, රෝග ලක්ෂණ විද්‍යාමාන වේ. කෙසේ හෝ, ගර්භනී අවස්ථාවේදී ඔබේ මුත්‍රා පරීක්ෂා කිරීමෙන් අධික රුධිර පීඩනය සහ පුර්ව ගැබ් වලිප්පුව ඇත්දැ’යි දැන ගැනීමට හැකිය. දිගටම පවතින හිසේ අමාරුව, දෙපා ඉදිමීම, පෙනීමේ දුර්වලතාවය, ආලෝකයේදී ඇතිවන අපහසු තත්ත්වය හෝ ඉතා අමාරු අවස්ථාවන්හිදී, යටි බඩේ ඇතිවන වේදනාවද රෝග ලක්ෂණ වශයෙන් දැක්විය හැක.
අධි රුධිර පීඩනයේදී ඇතිවන අපහසුතාවන්
මවට
- හෘද වාහිනී වල රෝගී තත්ත්වයක් අනාගතයේදී ඇතිවිය හැක
- වකුගඩු සහ අනෙක් අවයව වලට හානි සිදු විය හැක
බබාට
- උපන් බර අඩු වේ
- අනපේක්ෂිත ලෙස කළල බන්ධනයේ වෙනස් වීම් ඇතිවේ (බබාට ලැබෙන ඔක්සිජන් සහ පෝෂණයේ බාධා ඇතිවිය හැක)
- වැඩීමේ දුර්වලතා
- නොමේරූ දරු ප්‍රසුතියක්
- වැදෑමහට ලැබෙන රුධිර සැපයුම අඩු වීම
නමුත් ඔබ ඉතා පරීක්ෂාකාරීව සිටියහොත්, අධි රුධිර පීඩන තත්ත්වයේදී හෝ නීරෝගීමත් බබෙක් ලබා ගැනීම අපහසු නොවේ.
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ආරක්ෂා සහිතද ?
ගර්භනී අවස්ථාවේදී කුමන අසනීප තත්ත්වයකට ගන්නා බෙහෙත් වර්ග වුවත්, බබාට හානිකර වේ. එමනිසා, ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගෙන, ඔබට ලබා දුන් බෙහෙත් පමණක් පාවිච්චි කරන්න. ඔබේ හිතූ මනාපයට බෙහෙත් ගන්න එපා.
පහසු දරු ප්‍රසුතියක් ලැබේවා‘යි ඉත සිතින් පතමු !!!
#health #duringpregnancy #pregnancyhealth #pregnantwomen #pregnancytime #sinhalaarticle #pregnancysinhalaarticle #srilankapregnancysinhalaarticle #mummypageslksinhalaarticle
The post ගර්භනී අවස්ථාවේදී ඇතිවන රුධිර පීඩනය appeared first on mummypages.lk-Pregnancy and Parenting.